දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මරණ දඬුවම එපා" පාර්ශව කිහිපයකින් ඉල්ලීම් කරයි
Homeප්‍රවෘත්ති

"මරණ දඬුවම එපා" පාර්ශව කිහිපයකින් ඉල්ලීම් කරයි

PropellerAds

ශ්‍රී ලංකාව තුළ මරණිය දණ්ඩය යළි ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය ක්‍රියාත්මක නොකරන්නැයි යුරෝපා සංගමය හා තවත්...

චීන සිගරට් ගෙනාවොත් ආණ්ඩුවට වැඩ වරදී... ආණ්ඩුවට විරුද්ධව කැරලි ගසන බව ඇමති රාජිත කියයි (Video)
asantha de mel
මම කිසිම වරදක් කරලා නෑ... ඔප්පු කළොත් ඕනෙම දඬුවමකට සූදානම් - හිස්බුල්ලා

ශ්‍රී ලංකාව තුළ මරණිය දණ්ඩය යළි ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය ක්‍රියාත්මක නොකරන්නැයි යුරෝපා සංගමය හා තවත් බටහිර රටවල් කිහිපයක් ඒකාබද්ධව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

මේ අනුව ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව, එක්සත් රාජධානිය, නොර්වේ, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව යන රටවල් ඒකාබද්ධව රජයෙන් මෙම ඉල්ලීම කර තිබේ.

මරණ දඬුවම යනු කිසිසේත්ම පිළිගත නොහැකි මානව අයිතිවාසිකම් නොසලකා හරින දඬුවමක් බවත් 2018 වසරේ දෙසැම්බර් මාසයේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී එකඟ වූ පරිදි ශ්‍රී ලංකාව මරණ දඬුවම ඉදිරියටත් අත්හිටුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔවුන් සඳහන් කරයි.

මරණ දඬුවම නියමවී ඇති එහෙත් තවදුරටත් බන්ධනාගාර වල සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ඉහතදී ප්‍රකාශ කළේය.

එසේම මීට දින කිහිපයකට පෙර ජනපතිවරයා සඳහන් කළේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන දින වකවානු පවා මේ වන තීරණය කර ඇති බවත් එම තීරණය කිසිම ලෙසකින්වත් ආපසු නොහරවන බවයි.

සීඝ්‍රයෙන් වර්ධනය වන මත්කුඩු ජාවාරම ලොව පුරා රාජ්‍යයන් මුහුණ දෙන බරපතල ගැටලුවක් බවත් මත්ද්‍රව්‍ය  ජවාරමට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවත් එම ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙයි.

කෙසේ වෙතත් ඒ සඳහා මරණ දඬුවම ඵලදායි නොවන තර්කයක් බවත් මත්ද්‍රව්‍යවලට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ඇති අත්දැකීම් බෙදා ගැනීමට සූදානම් ඉවත් ඔවුහු සඳහන් කරති.

ලොව පුරා රටවල් තුනෙන් දෙකකට අධික ප්‍රමාණයක් මරණ දඬුවම අහෝසි කිරිමට හෝ එය ක්‍රියාත්මක නොකිරිමට තිරණය කර ඇත. ශ්‍රී ලංකාව තුළ අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක වී ඇත්තේ 1976 වසරේදීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29299,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මරණ දඬුවම එපා" පාර්ශව කිහිපයකින් ඉල්ලීම් කරයි
"මරණ දඬුවම එපා" පාර්ශව කිහිපයකින් ඉල්ලීම් කරයි
http://am.lk/media/k2/items/cache/caca90b3816dd18bd32f6d0f85225a3b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_708.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_708.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy