පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු තුනක් සම්බන්ධයෙන් ඊයේ (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉන් නඩු දෙකකින් ඔහුට ඇප හිමි ව...
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු තුනක් සම්බන්ධයෙන් ඊයේ (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉන් නඩු දෙකකින් ඔහුට ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
ඒ අනුව මන්ත්‍රීවරයා අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
හෙතෙම ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස 2016 වසරේ කටයුතු කළ සමයේ ඌව පළාතේ පෙරපාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමට බව පවසමින් රාජ්‍ය බැංකු 3කින් මුදල් ඇති අතර එහිදී බැංකු දෙකකින් රුපියල් ලක්ෂ 10 බැගින් සහ රුපියල් ලක්ෂ 25 බැගින් ලබාගෙන ඔහු එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ ගිණුමට බැර කරගෙන ඇති බව සඳහන් වෙයි.
කෙසේවෙතත් තෙවන බැංකුවෙන් මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී මුදල් ලබාදීම එම බැංකුව ප්‍රතික්ෂේප කර ඇති අතර එහිදී චාමර සම්පත් දසනායක මහතා විසින් ඌව පළාත් සභාවට ඇති ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත් කරගෙන තිබේ.
මෙමගින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදුව ඇති බව පවසමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු ගොනුකර ඇත.
අදාළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව පළමු චෝදනා 2 සඳහා චාමර සම්පත් දසනායක මහතාට ඇප හිමි වුවද තුන්වන චෝදනාවට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
ඒ අනුව ඇප ලබාදීමේදී චාමර සම්පත් දසනායක මහතාට රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර 2ක් මත මුදාහැරීමට අධිකරණයෙන් නියම කළේය.
තුන්වන චෝදනාවට අදාළව චාමර සම්පත් දසනායක මහතා එළඹෙන අප්‍රේල් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
COMMENTS