දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

asantha de mel

ලෝ ක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවාතැන් පහසුකම් හා බස් රථ සම්බන්ධ අඩුපාඩු දක්වමින් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් අයිසීසීයට පැම...

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවාතැන් පහසුකම් හා බස් රථ සම්බන්ධ අඩුපාඩු දක්වමින් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් අයිසීසීයට පැමිණිලි කිරීමෙන් පසු ඒ චෝදනා පදනම් විරහිත බවට අයිසීසීය ප්‍රතිචාර දැක්වූ අතර මෙයට විරෝධය පළ කිරීමක් ලෙස ඊයේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව අතර තරගය පරාජයට පත්වූ පසු නිල වශයෙන් කණ්ඩායම් දෙක එක්වී පවත්වන මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පිලේ කිසිවෙකු සහභාගී නොවී වර්ජනය කිරීමේ සිදුවීමක් වාර්තාවේ.

කරුණු හතක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල්  පැමිණිලි කර පවසා තිබුනේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තරග සඳහා ලබාදෙන තණතිලි ගැටලුකාරී බවයි.

අසන්තාද මෙල් සඳහන් කරන්නේ කාඩිෆ් හා බ්‍රිස්ටල්හි පැවැති තණතීරු කොළ පැහැති තණතිරු බවත්, අනෙකුත් කණ්ඩායම් ක්‍රීඩා කළ තරග පැවැති තණතීරු දුඹුරු හා ඉහළ ලකුණු ලබාගැනීමට හැකි තණතීරු බවත්ය.

එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙනුවෙන් ඇතැම් රටවල්වලට එක් ආකාරයක විකට්ටුත් තවත් රටවල්වලට වෙනත් ආකාරයක විකට්ටුත් සූදානම් කරන බවත් එය අසාධාරණ බවත් ඔහු සඳහන් කරයි.
බ්‍රිස්ටල්හිදී සිය කණ්ඩායමට ඉතා අඩු පහසුකම්වලින් සමන්විත හෝටලයක නවාතැන් ලබාදුන් බවත්, එහි අවම මට්ටමින් පිහිණුම් තටාකයක් හෝ නොතිබූ බවත් වේගපන්දු යවන්නන් පුහුණුවීම්වලින් පසුව පිහිණුම් තටාකයට යාම අත්‍යවශ්‍ය බවත් එහෙත් ඒ සඳහා හෝටලයේ පහසුකම් නොතිබූ බවත් සෙසු කණ්ඩායම්වලට පිහිණුම් තටාක සහිත හෝටල ලැබී තිබූ බවත් ඔහු සඳහන් කර තිබුණි.

මේ අතර හෝටල් තුළදී ක්‍රීඩකයන්ගේ ඇඳුම් පවා අස්ථානගත වී තිබෙන බවත් දන්වා ඇත.

ක්‍රීඩකයන්ගේ ගමන් සඳහා බස්රථ ලබා දීමේදීද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වෙනස්කම් සිදු වී ඇති බවත් සෙසු කණ්ඩායම්වලට පහසුකම්වලින් සමන්විත විශාල බස්රථ ලබා දෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායමට පහසුකම් අඩු කුඩා ප්‍රමාණයේ බස්රථ ලැබුණු බව ඔහු කියා තිබුණි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර දන්වා ඇත්තේ වසර 4 ක් තිස්සේ සැලසුම් කර සියලු පහසුකම් කාටත් සමානව ලැබෙන පරිදි ලබාදී මෙම තරගාවලිය සංවිධානය කළ බවත්  තණතීරු තේරීම හා සැකසීම ස්වාධින විශේෂඥ පිරිසක් සිදු කළ බවත්ය. කෙසේ වෙතත් හෝටල්  හා ප්‍රවාහන පහසුකම් සම්බන්ධ අයිසීසී ප්‍රතිචාරයේ කිසිවක් සඳහන්ව නොතිබිණි.

මෙම කරුණු දැක්වීමෙන් පසුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 20 වන තරගය ලෙස ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගය ලකුණු 87 කින් ශ්‍රී ලංකාව ඊයේ පරාජයට පත්වූ පසු කන්ඩායම සහභාගී වන මාධ්‍ය හමුව වර්ජනය කළ අතර මාධ්‍ය හමුවට පැමිණ සිටියේ ඕස්ට්‍රේලියානු නියෝජනය පමණි. ශ්‍රී ලංකා පිලට එසේ කළ නොහැකි බවත් ඒ ගැන කරුණු දැක්වීමට සිදුවනු ඇති බවත් එහිදී අයීසීසීය දන්වා තිබුණි.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28594,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: asantha de mel
asantha de mel
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjh_NS167bF-J6-M6iD9jKg_fs9J08Za3PaYsqMW_pur5HuWaPcKvOIm_xBsxwjjW9OUk2NvE-VUfTi3qxD8hcLtNsOb-cFFE5MYofN11w-5pAM5oPXntyKxi6tY4m8urlR8rz72Tg1L-lB/s320/Asantha-De-Mel1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjh_NS167bF-J6-M6iD9jKg_fs9J08Za3PaYsqMW_pur5HuWaPcKvOIm_xBsxwjjW9OUk2NvE-VUfTi3qxD8hcLtNsOb-cFFE5MYofN11w-5pAM5oPXntyKxi6tY4m8urlR8rz72Tg1L-lB/s72-c/Asantha-De-Mel1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/asantha-de-mel.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/asantha-de-mel.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy