‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනයේ මහමොළකරු වු ‘කෙසෙල්බද්දර පද්මේ’ විසින් ඉතාලියේ සිට ඊට අදාළ සියල්ල මෙහෙයවා ඇතැයි බුද්ධි අංශ හෙළිිකරගෙන ඇත. ඩුබායි ...
‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනයේ මහමොළකරු වු ‘කෙසෙල්බද්දර පද්මේ’ විසින් ඉතාලියේ සිට ඊට අදාළ සියල්ල මෙහෙයවා ඇතැයි බුද්ධි අංශ හෙළිිකරගෙන ඇත. ඩුබායි ඇතුළු රටවල් කිහිපයක සැරිසරමින් සිටි ‘කෙසෙල්බද්දර පද්මේ’ සිය පියාගේ ඝාතනයේ පලිය ගන්නට මෙම ප්‍රහාරය මෙහෙයවා ඇතැයි අනාවරණය වී තිබේ.
මෙම ඝාතනයෙන් පසුව සංජීවගේ කණ්ඩායමේ සාමාජිකයන් බොහෝදුරට ඉදිරි දිනවලදී කෙසෙල්බද්දර පද්මෙට එරෙහි කටයුතු වල නිරතවනු ඇති බවට බුද්ධි අංශ අනතුරුව අඟවා තිබේ. සංජීවගේ මරණයේ පලිය ගන්නවාට වඩා සංජීවගේ කුඩු ජාවාරම මෙහෙයවූ පාතාල බලය ඇල්ලීම උදෙසා මෙවැනි ගැටුම් නිර්මාණය වෙමින් පවතින බවට ද පාතාල මර්දන ඒකක අනතුරු හඟවයි.
ඒ අනුව ගනේමුල්ල සංජීවගේ සහාය ඇතිව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර යොදාගෙන ඩුබායි වෙත පලා ගිය කරන්දෙනියේ සුද්දා ගේ නායකත්වයෙන් කරන්දෙනිය රාජු,පැට්ට මංජු,දිනේෂ් වසන්ත, ඇතුළු කණ්ඩායම් ඉදිරියේදී බලය වෙනුවෙන් සටනක් ඇරඹිය හැකි බවට එම අනතුර හැඟවිම් කර ඇත.
මේ අතර කෙසෙල්බද්දර පද්මේ ‘හරක්කටා’ගේ පෙම්වතිය ද කැටුව ඉතාලියට පැන ගොස් ඇතැයි බුද්ධි අංශ විසින් ඊයේ (20 වැනිදා) අනාවරණය ගෙන තිබේ.
කවද ඩුබායි, ඉතාලිය, ප්‍රංශය සහ ඉන්දියාව ඇතුළු රටවල සැඟව සිටින පාතාල කල්ලි ද මේ සමගම තම බලය පෙන්වීමට පටන් ගනු ඇති බවට ආරක්ෂක අංශ නිගමනය කර ඇත.
ගනේමුල්ලේ සංජීවගේ මැදිහත්වීමෙන් පමණක් මෙරට ඝාතන වලට සම්බන්ධ බව කියන පාතාල නායකයන් හා වෙඩික්කරුවන් 23දෙනකු ඩුබායි හා ඉන්දියාව වෙත පිටත් කර යවා ඇතැයි පැවසේ. එම වෙඩික්කරුවන් යළි සක්‍රීය වුවහොත් ගැටුම් නිර්මාණය විය හැකි බව ද ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
ගනේමුල්ලේ සංජීව සමග වැඩකරමින් සිට පසුව ඔහු හා උරණව පද්මේගේ කණ්ඩායමට එකතු වූ කමාන්ඩෝ සලින්ද, ඩුබායි කලණ ඇතුළු කණ්ඩායමක් ද මෙම ඝාතන සැලසුමට සහාය වී ඇති බවට විමර්ශන නිලධාරිහු සැක පහළ කරති.
එහෙත් සමස්ත සැලසුම කෙසෙල්බද්දර පද්මේගේ මූලිකත්වයෙන් සිදුවී ඇති බවට තොරතුරු හෙළි වෙමින් පවතී.
මේ අතර මෙම ඝාතනයේ වෙඩික්කරු බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ කතාවෙන් රටම පටලැවිල්ලක් බවට පත් වෙමින් ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මෙන්ම පොලිස් මූලස්ථානයට පොලිස්පති අණ දෙන තොරතුරු කොට්ඨාසයෙන් දෛනිකව ලබාදෙන සිදුවීම් වාර්තාවේ දන්වා තිබුණේද මෙහි ඝාතන සැකකරු මොහොමඩ් අසාම් සෙරිෆ්ඩින් නමැති කමාන්ඩෝ බලකායේ හිටපු සෙබළකු බවයි. කෙසේ නමුත් මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල ඊයේ (20 වැනිදා) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඝාතන සැකකරු සමිදු දිල්ශාන් කඳනාරච්චි නමැත්තකු බවයි.
මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය මගින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින මෙම සැකකරු සිංහල ජාතිකයකු ද? මුස්ලිම් ජාතිකයකු ද? නැතහොත් මේ නම් දෙකෙන්ම පෙනී සිටින්නේ එක් අයකුද යන්න විමර්ශන අංශ විසින් තවදුරටත් සොයා බලමින් පවතී.
ඊට හේතුව මොහොමඩ් අසාම් ෂෙරීෆ්ඩීන් නමැත්තාගේ ඥාතීන් විසින් ඊයේ (20 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කිරීමය. ගනේමුල්ලේ සංජීවගේ ඝාතන සැකකරු ලෙස මොහොමඩ් අසාම් ෂෙරීෆ්ඩීන්ගේ නම සඳහන් කිරීමෙන් තම සේවාදායකයාට සහ පවුලේ අයට අගතියක් වී ඇති බව පවසමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (20 වැනිදා) එම පාර්ශ්වයෙන් මෝසමක් ඉදිරිපත් කර තිබිණි.
අදාළ මෝසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඉදිරියේදී කැදවූ අවස්තාවේදී මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ සහෝදරයකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දසුන් පෙරේරා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් අසාම් ෂෙරීෆ්ඩීන් නොවන බවයි.
පොලිිසිය මගින් ප්‍රසිද්ධ කළ සැකකරුගේ ඡායාරූපය සහ අදාළ සැකකරු එක් අයකු නොව දෙදෙනකු බවද නීතිඥවරයා දන්වා සිටියේය. ඒ හේතුවෙන් මොහොමඩ් අසාම් ෂෙරීෆ්ඩීන් නමැත්තාගේ පවුලේ ඥාතීන්ට අගතියක් සිදුව ඇති බවත් පෙරේදා (19 වැනිදා) ඔවුන්ගේ නිවෙසට පොලිස් නිලධාරීන් බව පවසමින් පැමිණි පිරිසක් එහි තිබූ යතුරුපැදියක් ද විමර්ශන කටයුතු සඳහා රැගෙන ගොස් ඇති බවත් ඔහු අවධාරණය කළේය.
එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ගනේමුල්ලේ සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් විමසා සිටියේ නීතිඥවරයා පවසන අයුරින් මෙවැනි සැකකරුවෙකු සිටියේද යන්නයි. එවැනි සැකකරුවකු ගනේමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු එහිදී දන්වා සිටියහ.
එසේම ඝාතනය සිදුවූ අවස්ථාවේදී හඳුනාගත් අපරාධකරු සොයාගෙන ඔහුගේ දුරකථන දත්ත ඔස්සේ විශ්ලේෂණ කළද සැකකරුගේ දුරකථන දත්ත අධිවේගී මාර්ගයේදී එකවරම අතුරුදන්ව තිබේ. ඉන් පැය කිහිපයකට පසු එම සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගැනීමටත් එහිදී සැකකරුගේ ඉරියව් සහ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් ගැනත් මේ වනවිට විවිධ සැක මතුවෙමින් පවතී.
කොළඹ අපරාධ කොට්ඨාසය මේ වනවිට සැකකරුගෙන් ප්‍රශ්න කරමින් සිටින අතර, මෙම ඝාතනය තමා විසින් රුපියල් කෝටි එකහමාරක කොන්ත්‍රාත්තුවකට සිදුකළ බවට එම සැකකරු එහිදී සඳහන් කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමිඳු දිල්ෂාන් කඳනාරච්චි නමැති මහරගම දඹහේන පාර පදිංචි අයෙකි. එම සැකකරු 2014 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට මොහොමඩ් ෂෙරීෆ්ඩීන් නමින් පාබල සෙබළකු ලෙස එක්ව ඇත. අනතුරුව ඔහු 2020 වසරේ පෙබරවාරි 20 වැනිදා 03 වැනි කොමාන්ඩෝ බලකායට බැඳී ඇත්තේ සමිඳු දිල්ශාන් කඳනාරච්චි නමිනි. ඔහු 2020 වසරේ ජුනි 04 වැනිදා කොමාන්ඩෝ පුහුණුව අතරතුරම හමුදාවෙන් පලාගොස් තිබිණි. පසුව ඔහු 2024 වසරේ මැයි 01 වැනිදා පොදු සමා සහනය ලබාගෙන හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වී තිබේ.
මේ අතර මෙම සැකකරු ඩුබායි හි සැඟව සිටින බටුවත්තේ චාමර සහ හඳපාන්ගොඩ හඳයා නමැති සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධ වෙමින් අපරාධ කිහිපයක්ම සිදුකර ඇති බව ද අනාවරණය වී ඇත.
පසුගියදා සීදුව ප්‍රදේශයේදී ව්‍යාපාරික සොහොයුරන් දෙදෙනකු හා ඔවුන්ගේ පියා වෙඩි තබා ඝාතනය කිරීම ද සිදුකර ඇත්තේ මෙම සැකකරු විසින් බවත් එසේම ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ද ඔහු බවත් පවසන විමර්ශන නිලධාරිහු බටුවත්තේ චාමර නමැත්තාගේ බිරිඳගේ නිවෙසට වෙඩි තැබූ බව කියන කදානේ කොන්ඩ රංජි නමැත්තාගේ නිවෙසට වෙඩි තබා ඇත්තේ ද මෙම සැකකරු බව අනාවරණය වී ඇතැයි ද පැවසූහ.
මෙම සැකකරු කාලාන්තරයක් තිස්සේ දක්ෂ වෙඩික්කරුවකු ලෙස බටුවත්තේ චාමර සමග වැඩ කර ඇති අතර කෙහෙල්බද්දර පද්මසිරි, සලින්ත හා අවිශ්ක නමැති අපරාධකරුවන් සමග ද සම්බන්ධතා පවත්වා ඇතැයි පැවසේ.
ඔහුට ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට නියෝග ලැබී ඇත්තේ ද කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත සමග සිටින අවිශ්ක නමැත්තාගෙන් බව හෙළිව තිබේ.
‘‘මට කෝටි එකහමාරකට මේ මර්ඩර් කන්ට්‍රැක් එක ආවා. ලක්ෂ දෙකක් සල්ලිත් ලැබුණා. අපි උසාවියට එන්න කලින් මරදානේ හෝටල් කාමරයක ඉදලා ආවේ. මට වෙපන් එක ගෙනල්ලා දුන්නේ ‘ඉෂාරා’ කියන ලේඩි. එයා මම කාලයක් තිස්සේ හඳුනන සමීපව ඇසුරු කළ කාන්තාවක්. ගිනිඅවිය ඉනේ සඟවාගෙන ගිහින් තමයි වෙඩි තිබ්බේ. පසුව උසාවියෙන් පිටතට ආවේ අපිට යන්න සූදානම් කරලා තියෙනවා කිව්ව කාර් එක හොයාගෙන. ඒත් කාර් එකක් තිබුණේ නැහැ. පසුව ත්‍රීවිල් එකක් අරගෙන මීගමුව ආසන්නයෙන් ගිහින් දෙන්නම බැස්සා. පසුව අපි දෙන්නම ගිහින් රෙදි ගත්තා. ඊට පස්සේ උසාවියට ඇදගෙන ගිය නීති ඇඳුම කොච්චිකඩේ - රිදීවැල්ල මාර්ගයේ දමා ගියා. පසුව වෑන් රථයකින් මම විතරක් කල්පිටිය බලා ගියා. ඒ බෝට්ටුවකින් ඉන්දියාවට යන්න. ඒ වැඩේ හරියන්නේ නැති හින්ද තමයි යාපනයට යන්න ගියේ. මේ වාහනය ගත්තේ කුලී වාහන සේවා සැපයුම් ආයතනයකින්’’ යැයි සැකකරු විමර්ශන නිලධාරින් හමුවේ පවසා ඇත.
තවද ගල්කිස්ස වටරප්පල ද්විත්ව ඝාතනය සිදු කළේද තමන් බවට සැකකරු විසින් පාපොච්ඡාරණය කර තිබේ.
කෙහෙල්බද්දර පද්මසිරිගේ පියා ගනේමුල්ලේ සංජීව විසින් මීට වසර ගණනාවකට පෙර වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ගම්පහ පස් ජාවාරමේ ප්‍රතිඵලයක් ලෙස බව පැවසේ. ‘ගම්පහ පස් පොඩ්ඩා’ නමැති ප්‍රධාන ජාවාරම්කරුගේ වුවමනාවට ගනේමුල්ලේ සංජීව විසින් මෙම ඝාතනය සිදුකරවා ඇතැයි පැවසේ. මීට වසර දෙකකට පෙර පස් පොඩ්ඩා ද ගම්පහ මහාධිකරණයේ නඩුවකට පැමිණ ආපසු පිටත්ව යන අවස්ථාවේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ කෙහෙල්බද්දර පද්මසිරිගේ සැලසුමකට අනුව බව පසුව හෙළිදරව් විය.
එසේම ගෙවුණු වසර දෙක තුනක කාලයේදී ගනේමුල්ලේ සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාල ක්‍රියාවන්ට සක්‍රීය ලෙස දායකත්වය ලබාදුන් කොමාන්ඩෝ සලින්ත ද ඩුබායි රාජ්‍ය වෙත ගෙන කැඳවාගෙන ඇත්තේ ගනේමුල්ලේ සංජීව විසිනි. නමුත්, 2023 වසරේ සැප්තැම්බර් මාසයේදි ගනේමුල්ලේ සංජීව ව්‍යාජ පාස්පෝට් එකක් සමග නේපාල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙරටට පිටුවහල් කෙරිණි.
එතැන් පටන් සංජීව ඩුබායි සිට ගොඩනගා ගත් පාතාල අධිරාජ්‍යයේ බිඳ වැටීම ඇරැඹිණි. විශේෂයෙන් සංජීව විසින් එරටට ගෙන්වා ගත් පාතාල සාමාජිකයින් කල්ලි පහකට බෙදී එකිනෙකා කුලල් කා ගැනීමක් ද සිදුව ඇතැයි පැවසේ.
ඊට ප්‍රධාන හේතුවක් ලෙස විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාලය සංජීව විසින් තනිව මෙහෙයවීම සහ ඔහුගේ ගෝලයින්ට ඉන් ප්‍රතිලාභ අත්නොවීම බවයි. කොමාන්ඩෝ සලින්ත ද සංජීවගේ ප්‍රතිවාදියකු වන්නේ ඒ අනුවය. සංජීව ඝාතනය කිරීමෙන් පසු සංජීව ඝාතනය කලේ තමන් යැයි සලින්ත ප්‍රකාශයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර තිබිණි.
මේ අතර ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට අපරාධ නඩු විදාන සංග්‍රහයේ පිටු කපා ගිනි අවිය රැගෙන එමින් අපරාධයට ආධාර අනුබල දුන් බව කියන අංක 243, කටුවැල්ලේගම පාර, මීගමුව ලිපිනයේ පදිංචි ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැති කාන්තාව අත්අඩංගුවට ගැනිම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.
ඇය පිළිබඳ සත්‍ය තොරතුරක් ලබාදෙන අයකුට පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාගයක් ද ලබාදීමට වැඩ බලන පොලිස්පතිවරයා තීරණය කර ඇත.
ඒ අනුව ඇය පිළිබඳ තොරතුරක් වෙතොත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ 0718591727 දුරකථන අංකයට හෝ එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ 0718591735 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය තවදුරටත් ඉල්ලා සිටියි.
එම සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 10කට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇත.
මේ අතර ගනේමුල්ලේ සංජීවගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (20 වැනිදා) කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී සිදුකෙරිණි. සංජීවගේ බිරිඳගේ නමේ ගැටලුවක් හේතුවෙන් දේහය සංජීවගේ මවට බාරදීමට කෙසෙල්වත්ත පොලිසිය ඊයේ (20 වැනිදා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් අවසර ඉල්ලා ගත්තේය. ඒ අනුව දේහය ඊයේ (20 වැනිදා) සංජීවගේ මවට ලබාදෙන ලෙසත් එය බොරැල්ල කනත්තේ භූමදානය කරන ලෙසත් අධිකරණය නියෝග කළේය.
සංජීවගේ මව මරණ පරීක්ෂණයේදී පවසා ඇත්තේ තම පුතු අපරාධකරුවකු නොවන බවත් පොලිසිය බොරු චෝදනා ගොනු කරමින් ඔහු අත්අඩංගුව ගෙන තිබූ බවත්ය.

-තිස්ස රවීන්ද්‍ර පෙරේරා / එෆ්. අස්ලම් / ඉෂාර රත්නකාර
COMMENTS