ත මන්ට එරෙහිව එල්ල කෙරෙන කිසිදු චෝදනාවක් තමන් පිළිනොගන්නා බවත් ඒවායෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්...
තමන්ට එරෙහිව එල්ල කෙරෙන කිසිදු චෝදනාවක් තමන් පිළිනොගන්නා බවත් ඒවායෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පවසයි. තමන් කිසිදු වරදක් කර නොමැති බව අවධාරණය කළ ඒ මහතා එවන් වරදක් කර ඇති බව ඔප්පු කරන්නේ නම් ඕනෑම දඬුවමක් විඳීමට තමන් සූදානම් බවයි ප්‍රකාශ කළේ.
හිස්බුල්ලා මහතා මේ බව පැවසුවේ ඊයේ (15) ත්‍රස්ත විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුදින පාසිකුඩාහි හෝටලයකදී සෞදි ජාතිකයින් තිදෙනෙකු හමුවීම පිළිබඳවත් තමන් මුස්ලිම් තරුණයින්ට අවි ආයුධ ලබාදුන් බවට හිටපු LTTE සාමාජිකයකු වන ඉන්පරාසා නමැත්තා විසින් කර ඇති පැමිණිල්ල පිළිබඳවත් සහරාන් හෂීම් පිළිබඳවත් TIDය විසින් තමන්ගෙන් ප්‍රශ්න කළ අතර තමන් ඒ සියල්ලටම පිළිතුරු ලබාදුන් බව හිස්බුල්ලා මහතා සඳහන් කළේය.
එසේම නැවත පැමිණිය යුතු බවට දැනුම් දීමක් ද තමන්ට නොකෙරුණු බවයි ඒ මහතා පැවසුවේ.

COMMENTS