එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී බලපෑමක් කළහැකි තුන් වැනි බලවේගයක් ගොඩනැඟීමේ දේශපාලන කටයුත්තක...
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී බලපෑමක් කළහැකි තුන් වැනි බලවේගයක් ගොඩනැඟීමේ දේශපාලන කටයුත්තක මේ දිනවල යෙදී සිටින බව වාර්තා වේ.
ගම් මට්ටමෙන් එක්සත් ජාතික පක්ෂය ලොකු කඩාවැටීමකට පත්ව තිබෙන බවත් ඔවුනට දේශපාලන වශයෙන් විකල්පයක් නොමැති බවත් තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.
එසේම මීළඟ ජනාධිපති හා මහ මැතිවරණයේදී දස ලක්ෂයකට ආසන්න පිරිසක් අලුත් ඡන්ද දායකයන් බවට පත්වන බවත් ඒ සියලු දෙනාත්, ආණ්ඩුව හා එජාපය එපා වී සිටින පිරිසත් බවට ගොනු කිරීම තමාගේ උත්සාහය බවත් ජනාධිපතිවරණයේදී ඒ පිරිස සමඟ සන්ධාන ගත වීම අපේක්ෂාව බවත් ඔහු ප්‍රකාශ කරයි.
තම බලවේගය ගොඩනැඟීම සඳහා දැනටමත් මූලික සාකච්ඡා ආරම්භ කර ඇතැයිද එළැඹෙන ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාධකයක් බවට නව සංවිධානය ගොඩනැඟීම තම අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.
ඡන්දපොළට නොපැමිණෙන හා දේශපාලන වශයෙන් කලකිරී සිටින පිරිස සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 25ක් පමණ වන බවද ඔවුන් දිනාගැනීම සඳහා මේ වනවිට එජාපයේ හිටපු ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා වට කීපයක් පවත්වා තිබෙන බවද ජයවර්ධන - සේනානායක ප්‍රතිපත්ති එක්තැන් කරමින් අලුත් දේශපාලන පාරක් පෙන්වීම මේ දේශපාලන ව්‍යාපාරයේ අරමුණක් බවත් එසේම දේශපාලනයට අලුතින් පිරිසක් හඳුන්වාදීමද මේ හරහා සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.
එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය ගැන එජාපයේ කළකිරුණු පිරිස මෙම නව දේශපාලන ව්‍යාපාරය සමඟ එක්වීමට නියමිත අතර මේවන විටත් ශ්‍රීලනිපයේ බහුතරය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නායකත්වය දරන ඒකාබද්ධ විපක්ෂයට එක්ව කටයුතු කරන අතර ඒ හේතුවෙන් ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි වාර්තාවේ.
COMMENTS