දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හදුන්නෙත්ති කරූගේ හොඳ කියයි
Homeප්‍රවෘත්ති

හදුන්නෙත්ති කරූගේ හොඳ කියයි

PropellerAds

1998 දී කොළඹ නාගරික මන්ත්‍රීවරයකු ලෙස තමා මුලින්ම මුදල් කාරක සභාවක අත්දැකීම් ලැබුවේ වත්මන් කථානායක කරු ජයසූරිය මහතා කොළඹ පුරපතිවරයා ලෙස ලබ...

උසස් පෙළ විභාගය අද සිට ඇරඹෙයි
විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල දීමනා මූලික වැටුපට
පැණි බීම නීතිය අද සිට ක්‍රියාත්මකයි
හදුන්නෙත්ති කරූගේ හොඳ කියයි

1998 දී කොළඹ නාගරික මන්ත්‍රීවරයකු ලෙස තමා මුලින්ම මුදල් කාරක සභාවක අත්දැකීම් ලැබුවේ වත්මන් කථානායක කරු ජයසූරිය මහතා කොළඹ පුරපතිවරයා ලෙස ලබාදුන් ඉඩ ප්‍රස්ථාව අනුව බව පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

එදා පක්ෂ භේද පැත්තක තබා අප සතු දැනුම ප්‍රායෝගිකව ජනතා මුදල් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය සදහා යොදා ගැනීමට එතුමා යොමු කළ බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (06) කොළඹ නව නගර ශාලාවේ පැවැති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ වාර්ෂික සමුළුවට සහභාගී වෙමිනි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස කථානායක කරු ජයසූරිය මහතා සහභාගී විය.

එහිදී හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙසේද පැවසී ය. 

“වර්තමානයේ පාර්ලිමේන්තුවේදීත් එතුමා සමග එක්ව ජනතා මුදල් ආරක්ෂා කරන ක්‍රියාවලියට දායක වීමට ලැබීම ගැන සතුටු වෙනවා.  පසුගිය කාලයේ රටේ මහජනතාවගේ අවධානය කවරදාටත් වඩා මූල්‍ය පාලනය පිළිබදව යොමු වුනා. ජනතාව වඩාත්ම නිලධාරියෙක් ගැන කතාබහ කළේ නම් ඒ විගණකාධිපතිවරයායි.“ 

“එය ජනතාවගේ අවධානයට කතාබහට ලක්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ සුභ ලකුණක්. රාජ්‍ය මූල්‍ය පාලනයේදී අපේ කමිටු දෙකේ කොදු නාරටිය විගණකාධිපති ඇතුළු එම විගණන නිලධාරීනුයි. මුළු රාජ්‍ය සේවයම ආවරණය කරන්නේ මෙම පිරිසයි. සමහර රාජ්‍ය සේවාවන්වල අල්ලස, අනිවාර්යය ලක්ෂණයක් බවට පත්ව තිබෙනවා. ඔබේත් අපේත් අවංක අරමුණු සාර්ථක වීමට නම් විගණන පනත ගෙන ආ යුතුමයි. එය මේ වසර නිම වීමට පෙර ගෙන ඒමට නොහැකි නම් මේ කිසිම දෙයක් ඵලදායක නොවන බව “ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හදුන්නෙත්ති කරූගේ හොඳ කියයි
හදුන්නෙත්ති කරූගේ හොඳ කියයි
http://ift.tt/2i0JMDE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_743.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_743.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy