යාපනය කොකුවිල් ප්‍රදේශයේදී ආවා කල්ලියේ බව සැකකෙරෙන තවත් ප්‍රභල සාමාජිකයෙකු ඊයේ (28) දින අත්අඩංගුවට ගෙන ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය...
යාපනය කොකුවිල් ප්‍රදේශයේදී ආවා කල්ලියේ බව සැකකෙරෙන තවත් ප්‍රභල සාමාජිකයෙකු ඊයේ (28) දින අත්අඩංගුවට ගෙන ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
අදාල සාමාජිකයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී කඩුවක් හා යකඩ පොල්ලක් තිබූ බවටත් සැකකරු යාපනය කොකුවිල් ප්‍රදේශයේම පදිචි 17හැවිරිදි තරුණයෙකු බවට වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරු යාපනය කෝපායි හා මණිපායි ප්‍රදේශවලදී පසුගිය දිනයන්හි සිදු කරන ලද පහරදීම් හා මංකොල්ලයන් කිහිපයකටම පොලීසිය විසින් සොයන ලද සැකකරුවෙකු බවටත් යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS