දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුව ඇතුළේ ඉන්දු – චීන ගැටුමක්!
Homeප්‍රවෘත්ති

ආණ්ඩුව ඇතුළේ ඉන්දු – චීන ගැටුමක්!

PropellerAds

  මේ දිනවල ආණ්ඩුව තුළ සිදුව ඇති බරපතළ බෙදීමක් පිළිබඳ විග්‍රයක් දේශපාලන විචාරක වරුණ රාජපක්ෂ විසින් පසුගියදා සිය යූටියුබ් චැනලය වෙත ඉදිරිපත් ...

"මහින්ද සුළඟ හැදුවේ ද මෛත්‍රීගේ ඉල්ලීමටය" - පොහොට්ටු ලොක්කෙක් හෙළිකරයි
‘ලීසිං දඩ පොළිය ඉවත් නොකලොත් බැංකු ඉදිරියේ ගිනි තියා ගන්නවා’ - ලීසින් වාහන හිමියෝ කියති
බැසිල් කියන ක‍්‍රමයට ඉන්ධන මිල අඩු කරන්න සූදානම් - ගම්මන්පිල
 
මේ දිනවල ආණ්ඩුව තුළ සිදුව ඇති බරපතළ බෙදීමක් පිළිබඳ විග්‍රයක් දේශපාලන විචාරක වරුණ රාජපක්ෂ විසින් පසුගියදා සිය යූටියුබ් චැනලය වෙත ඉදිරිපත් කළා. පහත පළවන්නේ එම විග්‍රහයයි. ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පාර්ශ්වය නියෝජනය කරන ප්‍රධානීන් දෙන්නා තමයි බිමල් රත්නායක සහ ටිල්වින් සිල්වා. මේ දෙදෙනා ඇතුළු කණ්ඩායම සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අතර බරපතළ ප්‍රතිවරෝධතාවක් තියෙනවා කියලා මම කලිනුත් කියලා තියෙනවා. ඒක නිකන් සරල ප්‍රතිවිරෝධතාවක් නෙවෙයි. මේ ප්‍රතිවිරෝධය නිර්මාණය වෙන්නේ ජාත්‍යන්තර භූදේශපාලනික කරුණු නිසා. චීනය සහ ඉන්දියාව කියන සාධක දෙක මත. මේ ගැන මම මීට කලින් දීර්ඝ විස්තරයක් කරලා තියෙනවා.

අද කියන්න යන්නේ අලුත් කතාවක්. බිමල් රත්නායක මහත්තයා පහුගිය දවසක කඩාගෙන වැටුණු ගුවන් යානය ගැන ප්‍රකාශයක් කරලා කිව්වා ඒක ආධුනික නියමුවන් විසින් පදවාගෙන යෑම නිසා තමයි කඩාගෙන වැටුණේ, ඒ යානයේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි කියලා.

මේ සිදුවීම වෙලා පැය 48ක් යන්නත් කලින්, මේ සම්බන්ධයෙන් සොයා බලන්න ගුවන් හමුදාවේ කණ්ඩායමක් පත්කළා කියලා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වා. ඒ කමිටුවේ මූලිකයාගේ නමත් කිව්වා. ගුවන් හමුදාව විසින් නිල වශයෙන් මේක සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීලා නෑ. ඒ සම්බන්ධයෙන් වගකීම තියෙන බිමල් රත්නායක කියලා කියන්නේ ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා නෙවෙයි. ගුවන් හමුදාපතිවරයාත් නෙවෙයි. එතකොට බිමල් රත්නායක කියන්නේ ආරක්ෂක අමාත්‍යවරයාත් නෙවෙයි. සේනාධිනායකත් නෙවෙයි. බිමල් රත්නායකට මොකක්ද තියෙන වගකීම සහ අයිතිය මේ යානය කඩාගෙන වැටුණේ ගුවන් හමුදා නියමුවන්ගේ ප්‍රශ්නයක් නිසා කියලා කියන්න? ඒකට බිමල්ට තියෙන නිර්ණායකය මොකක්ද? ගුවන් හමුදාවෙන් දීපු වාර්තාව මොකක්ද? බිමල්ට තියෙන හදිස්සිය මොකක්ද මේ වගේ ප්‍රකාශයක් කරන්න?
මේ පුහුණු ගුවන් යානය කඩාවැටීමත් එක්ක, වෙබ් අඩවි කිහිපයක ප්‍රවෘත්ති පළවෙලා තිබුණේ මේ ගුවන් යානයේ වර්ගය සහ එය චීනයේ නිෂ්පාදිත එකක් බව කියලා. මේ නිවුස් එක ගියපු ගමන් චීනය ටිකක් කලබල වුණා. මොකද ඒකට හේතුව ලංකාවේ ගුවන් හමුදාවේ පුහුණුව සඳහා චීනයේ පුහුණු ගුවන් යානා ප්‍රමාණයක් භාවිත කරනවා. මේ ගුවන් යානාවල තියෙන තාක්ෂණික දුබලතාවක් පිළිබඳ පසුගිය කාලේ නිරීක්ෂණය වෙලා, මීට වසර කීපයකට කලින් සාකච්ඡාවක් ආවා අලුතෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු හෝ ඉන්දියානු ගුවන් යානා මිලදී ගැනීමට. විශේෂයෙන්ම ඉන්දියාවත් එක්ක මේ පිළිබඳ යම් සාකච්ඡාවකුත් සිදුවෙලා තිබුණා. ඒ නිසා මම හිතන්නේ චීනය ටිකක් කලබල වෙලා තියෙනවා තමන්ගේ රටේ නිෂ්පාදිත මේ ගුවන් යානය කඩාවැටීම නිසා. මේ කඩාවැටීමට හේතුව ගුවන් යානයේ ප්‍රශ්නයක් කියලා වාර්තාව ඇවිල්ලා ඒක සමාජගත වුණෝතින් අනාගතයේ එන්න නියමිත ඒ ගනුදෙනුව පිළිබඳ ප්‍රශ්නෙකුත් මතුවෙනවා. ඒක ඒ තරම්ම සරල නෑ. ලෝකය පුරාම චීන යුද ගුවන් යානා සම්බන්ධයෙන් ඒ විවේචනය එනවා.

චීනය කලබල වුණාටත් වඩා බිමල් රත්නායකලා කලබල වුණා. මොකද, බිමල්ලා මේ දවස්වල ඉතා දැඩි ලෙස ආණ්ඩුව චීනය පැත්තට හරවන්න බිමල් ඉන්නවා. ඒ නිසා බිමල් ලංකාවේ චීන නියෝජිතයා බවට පත්වෙලා තියෙනවා. මොකද සහෝදර කොමියුනිස්ට් පක්ෂ දෙකක් නිසා. ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් නම් මෙහෙ කොමියුනිස්ට් පක්ෂයයි, එහෙ කොමියුනිස්ට් පක්ෂයයි දෙකම එකයි. මේ එකම ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයක පක්ෂ දෙකක්. අපි දැක්කා ලක්මාලි පහුගිය දවසක රූපවාහිනියේ කියලා තිබුණා චීනය කියන්නේ සමාජවාදී රටක් කියලා. ඒවා වටේ පිටේ කතා. ඒ කතා පැත්තකින් තියලා ප්‍රධාන කතාවට ආවොත් බිමල් මේ ප්‍රකාශය කළේ චීනය වෙනුවෙන් බව පැහැදියි. එහෙම නැත්නම් ගුවන් හමුදාවෙන් එන්න ඕනේ වාර්තාවක්. එහෙම වාර්තාවක් ඇවිල්ලා නෑනේ.

ලංකාවේ ගුවන් හමුදාව සහ ජාත්‍යන්තර භූදේශපාලන මැදිහත් වීම් එක්ක තව අතුරු කතා ගොඩක් තියෙනවා. ගුවන් හමුදාවේ හිටපු ප්‍රධානි උදේනි රාජපක්ෂ විශ්‍රාම ගියාම ඊළඟට එන්න හිටියේ ඔහුගේ දෙවැනියා සම්පත් වික්‍රමරත්න මහත්මයා. නමුත් ඔහු පත්වුණේ නෑ. මේ පත් නොවීම සම්බන්ධයෙනුත් පුංචි කතාබහක් තිබෙනවා. ඒ තමයි සම්පත් මහත්මයා මීට කලින් රජයෙන් පත්කරලා හිටියා නිව්යෝර්ක් නුවර ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා විදියට. ඒ නිසා ඔහු දෙස ඇමෙරිකානු කෝණයෙන් මේ රජය බැලීමත් යම් හේතුවක් වුණාද කියන එක ගැනත් සාකච්ඡාවක් ආවා. කොහොම නමුත් මේ සියලු කතාබහ ඇතුළේ ඉතාම පැහැදිලිව පේනවා චීනය සහ ඉන්දියානු ගැටලුව. මේක පෙන්වන තව එක සාධකයක් තමයි මෝදි අගමැතිවරයාගේ ලංකා සංචාරය. ඔහුගේ ලංකා සංචාරයේ කොටස් කීපයක් අඩුවුණා. දැන් ඔහු සාම්පූර් යන්නෙත් නැහැ. කොළඹ ඉඳන් තමයි සාම්පූර් ව්‍යාපෘතිය ආරම්භ කිරීම ස්විච් එකෙන් කරන්න යන්නේ. ඉතින් ස්විච් එකෙන් කරනවා නම් ඒක ඉන්දියාවේ ඉඳලත් කරන්න පුළුවන්නේ. එහෙම නොකර ඇයි මෝදි මෙහෙම තීරණයක් ගන්නේ? ඔහු යම් අසතුටක සිටිනවා මේ දවස්වල ලංකාවේ සිදුවෙන ක්‍රියාකාරකම් කීපයක් සම්බන්ධයෙන්.

ඉන්දියාවට ඉතා සංවේදී ලෙස වැදගත් වෙන කලාපයක් තමයි නැගෙනහිර කලාපය. පහුගිය දවසක වරාය නියෝජ්‍ය ඇමැතිවරයා ත්‍රිකුණාමල වරාය සංවර්ධන සම්බන්ධයෙන් සිරියානු තානාපතිවරයා ඇතුළු පිරිසක් එක්ක සාකච්ඡාවක් කළා. හැමෝම මේක විහිළුවට ලක්කළා මාලිමාව මරු අයෝජකයන්නේ හොයාගන්නේ කියලා. දැන් සිරියාව කියලා කියන්නේ ලංකාවේ වරායක් සංවර්ධනය කරන්න පුළුවන් රටක් නෙවෙයි. සිරියාවේ දැන් තියෙන්නේ අන්තර්වාර ආණ්ඩුවක්. හෙට අනිද්දා තුර්කිය සිරියාව අල්ලගනීද කියලා බයකින් ඉන්නේ. හැමදාම යුද ගැටුම්. ඉතින් මේ සිරියාවත් එක්ක ආයෝජන ගිවිසුම් ගහනවද ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කරන්න? නෑ. මේකේ වෙන කතාවක් තියෙන්නේ.
චීනේ එක්සිම් බැංකුව ලංකාවට ඍජුව ගේන්න බැරි විශාල ආයෝජන ප්‍රමාණයක් දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ණය පහසුකම් විදියට ලබාදෙමින් ඔවුන් හරහා ආයෝජන ගේන ආකෘතියක් ගැනත් අපි කතා කළා. අපි දන්නවා. අප්‍රිකානු සහ මැදපෙරදිග කලාපයේ රටවල් කීපයක් චීනය තමන්ගේ ආයෝජන සඳහා ප්‍රොක්සි විදියට පාවිච්චි කරනවා කියලා. ත්‍රිකුණාමල වරායට එන මේ සිරියානු ආයෝජන පිළිබඳ ඉන්දියාව දැඩි විමසිල්ලකින් ඉන්නවා. ඒකත් ඉන්දියාව යම් තිගැස්මකට ලක්වෙලා තියෙන කාරණාවක් විදියට තියෙනවා. ඒ වගේම කොළඹ ඩොක්යාර්ඩ් එකෙන් ජපන් සමාගමක් ඉවත් වුණා. ඒ වෙනුවෙන් දේශීය සමාගමක් එන්න ඉන්නවා. අපි දන්නවා අපේ හිතමිත්‍ර පුද්ගලයෙක් සමාගමේ හිමිකරුවා. නමුත් ඔහුගේ ඉතිහාසය ගත්තොත් චීනය සමග කරපු ව්‍යාපාර ගොඩක ඔහු ඉඳලා තියෙනවා. ඒ නිසා මේ සියල්ල එක්ක ගත්තාම අපි චීන ආයෝජන ගැන කලින් කියපු කතාව තහවුරු වෙනවා. මේ සමස්ත සිදුවීම දිහා බලපුවාම ලංකාව ඇතුළේ මේ වෙලාවේ චීනය සහ ඉන්දියාව අතර යම් භූදේශපාලනික හැලහැප්පීම් ගණනාවක් සිදුවෙමින් තිබෙනවා.

මේ රජය, රාජ්‍ය ආයතන පෞද්ගලිීකරණය කරන්නේ නෑ කියලා කියපු රජයක්. නමුත් පෞද්ගලීකරණය සඳහා ක්‍රියාත්මක වෙන රාජ්‍ය ආයතන ව්‍යුහයක් තිබෙනවා. ඒ රාජ්‍ය ආයතනවලින් එක ප්‍රධාන ආයතන කීපයක් තමයි රූපවාහිනී සංස්ථාව. රූපවාහිනිය පාඩුයි කියලා නලින්ද කියලා තිබ්බා. හැබැයි පාඩුයි කියපු රූපවාහිනියට මාලිමා ආණ්ඩුව පත්කරපු සභාපතිතුමා වෙනුවෙන් ප්‍රවෘත්ති වැඩසටහන් 5ක ඔවුන්ගේ ගෙදර තිබුණු අවමංගල්‍ය උත්සවයක් වාර්තා කරලා ඒ වෙනුවෙන් කෲ එකක් දවස් ගානක් එහෙ නැවතිලා හිටියා. ඒවා අතුරු කතා. මම මේ කියන්න යන්නේ පාඩු ලබන රූපවාහිනියයි, අයි.ටී.එන්. එකයි, ගුවන් විදුලියයි ඒකාබද්ධ කිරීම සහ චීනයත් එක්ක අස්සන් කරපු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගිතා ගිවිසුම අතරත් සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ ලංකාව ඇතුළේ චීන ඉන්දියා දේශපාලන න්‍යායපත්‍රය ඉතා තරගකාරීව සහ සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ ක්‍රියාවලියට සමගාමීව මාලිමාව ඇතුළේ බරපතළ බෙදුම් රේඛාවක් නිර්මාණය වෙමින් තිබෙනවා. මාලිමාව ඇතුළේ ඉන්න චීන සහ ඉන්දියානු කඳවුරු දෙක අතර. මේ කඳවුරු දෙක දෙකට බෙදෙනවා ඉතා පැහැදිලිව පේනවා. අපි කලින් ඉඳන්ම මේ ගැන කිව්වා. දිනපතාම ඒක තහවුරු වෙන තොරතුරු අපි ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා අපි දැන් කියන්නේ මේ කඳවුරු දෙක ඉතා තීරණාත්මක සහ ස්ථාවර ලෙස බෙදිලා තියෙන්නේ මේ මොහොත වෙද්දී. එහෙම බෙදුණාට පස්සේ ඊළඟට සිද්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ භූ කම්පනයන් ඇතිකරන ප්‍රහාරයන් දෙපාර්ශ්වයෙන් එල්ල වීම. නමුත් තාම එතැනට ගිහින් නෑ. ඒකට යන්න කලින් ඔන්න අපි කතාව කියලා තියෙන්නේ. කැමැති අයට ඒක තේරුම් ගන්න, කැමැති අයට සටන් භූමියේ කැමැති කැමැති පැති අල්ලගන්න පුළුවන්. බලාගෙන ඉන්න අපි කියන දේවල් ඇත්තද බොරුද කියලා.

Waruna Rajapaksha යූටියුබ් නාලිකාවෙනි
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුව ඇතුළේ ඉන්දු – චීන ගැටුමක්!
ආණ්ඩුව ඇතුළේ ඉන්දු – චීන ගැටුමක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1-QffUUx_-OzZW_cHcJ44nEO8glbeJm9ldz6tsCttg-ydq4CDiBPjHxj22nZgt_MWzDoOZCMoiYKfyltKADE6pXazylSbcKQJnZGSDfrb2LUjP5McyMWZM6Ew_3UaX2qni2XaWpezhX1zmiycxi1YZ4oHb88KPbMkPFpivJ66Sn3UrXNApxm_AAJ4Xq18/s320/indchi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1-QffUUx_-OzZW_cHcJ44nEO8glbeJm9ldz6tsCttg-ydq4CDiBPjHxj22nZgt_MWzDoOZCMoiYKfyltKADE6pXazylSbcKQJnZGSDfrb2LUjP5McyMWZM6Ew_3UaX2qni2XaWpezhX1zmiycxi1YZ4oHb88KPbMkPFpivJ66Sn3UrXNApxm_AAJ4Xq18/s72-c/indchi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/03/blog-post_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/03/blog-post_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy