හැටන් ලංගම ඩිපෝවේ කොන්දොස්තර තනතුරු දෙකක් සදහා පත්වීම් ලබා දිම සම්බන්ධයෙන් නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණීල්ලක් කර ඇත. නාරාහ...
හැටන් ලංගම ඩිපෝවේ කොන්දොස්තර තනතුරු දෙකක් සදහා පත්වීම් ලබා දිම සම්බන්ධයෙන් නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණීල්ලක් කර ඇත.
නාරාහෙන්පිට ලංගම ප‍්‍රධාන කාර්යාලයේ ප‍්‍රධාන මානව සම්පත් කළමනාකාරවරයා විසින් 2018.01.03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්විම් ලබා දී ඇති අතර එම පත්වීම් ලබා ගත් කොන්දොස්තරවරුන් දෙදෙනා අද (03) හැටන් ලංගම ඩිපෝවට සේවයට වාර්තා කළ බව හැටන් ලංගම ඩිපෝවේ උසස් නිළධාරියෙකු පැවසුවේය.
ලංගම ගම්පොළ ප‍්‍රදේශිය කාර්යාලයේ ප‍්‍රාදේශිය කළමණාකාරවරයාගේ උපදෙස් පරිදි එම සේවකයන් දෙදෙනාව අද (03) සිට පුහුණූවීම් කටයුතු සදහා යොදවා ඇති බවයි හැටන් ඩිපෝව එම නිළධාරිවරයා කියා සිටියහ.
හැටන් ලංගම ඩිපෝවේ කළමණාකාරවරයා විසින් ලොග් සටහනක්ද තබා මෙම සේවකයින් දෙදෙනා පුහුණූවීම් කටයුතු සදහා යොදවා ඇත.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS