සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සිදුවූයේ පිපිරීම සිදුවීමෙන් මාස 16කට අධික කාලයක් ගත වී ඇතත් 450...
සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සිදුවූයේ පිපිරීම සිදුවීමෙන් මාස 16කට අධික කාලයක් ගත වී ඇතත් 450ක් පමණ පිරිසකගේ ගැටළු නොවිසඳීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩවීම නිසාය. 2016 ජුනි මස 05 වනදා සිදු වූ මෙම සිදුවීම ස්වභාවික ආපදාවක් නොව රජයේ පාර්ශ්වයෙන් සිදු වූ වරදක් හෙයින් පීඩාවට පත් කිසිවකුට අසාධාරණයක් නොවන සේ කටයුතු කරන්නැයි 2016 ජුනි මසදී ජනාධිපතිවරයා නියෝග කළත් පිරිසකගේ ගැටළු වලට පිළිගත හැකි විසඳුම් තවමත් ලැබී නැත.
ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් පෙන්වා දෙන්නේ පිපිරීමෙන් හානි වූ නිවාස පිළිගත් තාක්ෂණ ක්‍රමවේදයකින් තොරව මතුපිට පෙනෙන හානියට පමණක් වන්දි තීරණය කිරීම, විනාශ වූ ගෘහස්ථ හා ව්‍යාපාරික භාණ්ඩ සඳහා වන්දි කප්පාදු කිරීම හේතුවෙන් එම භාණ්ඩ සඳහා වන්දියක් නොලැබීම, හානි වූ රථවාහන සඳහා මේ දක්වා කිසිදු මුදලක් නොගෙවීම, මාස 16ක් තිස්සේ ජීවන වෘත්තිය අහිමි වී ඇති ව්‍යාපාරිකයින් සඳහා කිසිදු වන්දියක් නොගෙවීම වැනි හේතූන් නිසා මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවය.
මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම් සභාව රජයේ වග උත්තරකරුවන් වෙත 2017 අපේ‍්‍රල් මස නිකුත් කල අතුරු වර්ථාවේ නිර්දේශයන් ක‍්‍රියාත්මක කරන ලෙස වගඋත්තර කරුවන්ට නියෝග කරන ලෙස මෙම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, අපාදා කළමනාකරණ, මුදල් හා ආරකෂක යන අමාත්‍යංශ ලේකම්වරුන්, යුධහමුුදාපතිවරයා, ප‍්‍රධාන තක්සේරු නිළධාරි, කොළඔ දිස්ත‍්‍රීක් ලේකම් හා අතිරේක දිස්ත‍්‍රීක් ලේකම් වරයා ඇතුළු 13 දෙනෙකු නම් කර ඇත.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන අවස්ථාවේදී රජයේ නීතීඥවරයා ඊට දැඩි ලෙස විරෝධය දැක්වූ අතර සලකා නොබැලිය යුතු පෙත්සමක් ලෙස නිෂ්ප‍්‍රභා කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම ගැටළු පොදු ජනතාවගේ ගැටළු වන බැවින් එය සලකා බැලිය යුතු පෙත්සමක් බව විනිසුරු මඩුල්ල පෙන්වා දෙන ලදි . පෙත්සම සලකා බැලූ විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කලේ ඒ සම්බන්දයෙන් විරෝධතා ඇත්නම් 2018 මැයි 11 දිනට පෙර ඉදිරිපත් කරන ලෙසය. මෙම නඩුව 2018 මැයි 11 වන දින යළි කැඳවීමට තීරණය කරන ලදි.
COMMENTS