නිදහස් කැටලෝනියාවක් සඳහා ස්පාඤ්ඤයෙන් වෙන්වීමට අවශ්‍ය බව තරයේ කියා සිටි කැටලෝනියානු නායක කාල්ස් පියුගෙමොන්ට් බෙල්ජිමය වෙත ඊයේ පළා ගියේය. ...
නිදහස් කැටලෝනියාවක් සඳහා ස්පාඤ්ඤයෙන් වෙන්වීමට අවශ්‍ය බව තරයේ කියා සිටි කැටලෝනියානු නායක කාල්ස් පියුගෙමොන්ට් බෙල්ජිමය වෙත ඊයේ පළා ගියේය.
ඒ බව සනාථ කර තිබෙන්නේ ඔහුගේ බෙල්ජියම් ජාතික නීතීඥයෙක් විසිනි.
මේ අතර ස්පාඤ්ඤයේ ‘ලා සෙක්ස්ටා’ නමැති රූපවාහිනී නාලිකාව සඳහන් කළේ කැටලෝනියානු නායකයා බෙල්ජියම බලා පැමිණ ඇත්තේ ඔහුගේ හිටපු අමාත්‍යවරුන් පස් දෙනෙකු ද සමග බවයි.
ස්පාඤ්ඤ ආණ්ඩුව ප්‍රකාශ කර සිටියේ ඔහුට එරෙහිව කැරළි ගැසීම යටතේ අපරාධ චෝදනා ගෙන එන්නට බලාපොරොත්තු වන බවයි. එම චෝදනා සනාථ වුවහොත්, එනම් ඔහුව ස්පාඤ්ඤයේදී නඩු පැවරීමට ලක් කළොත් වසර 30 ක සිර දඬුවමක් විඳීමට ඔහුට සිදුවනු ඇත.
ඊයේ දිනයේ පටන් කැටලෝනියාව පවතින්නේ ස්පාඤ්ඤයේ සෘජු පාලනය යටතේ ය. සේවයෙන් ඉවත් කරන ලද සියලුම කැටලෝනියානු නිලධාරීන් වෙනුවෙන් නව නිලධාරීන් පත් කිරීම ද මේ වන විට සිදු වේ.
කාල්ස් පියුගෙමොන්ට් බෙල්ජියමේ දේශපාලන රැකවරණය ඉල්ලන්නේ ද යන්න තවම පැහැදිලි නැත. නමුත් ඔක්තෝබර් 1 වැනිදා පැවැත්වූ ජනමත විචාරණය නීතිවිරෝධී එකක් වූ හෙයින් ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 වැනි වගන්තිය ප්‍රකාරව කැටලෝනියානු පා්රලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් කැටලෝනියාව පුරා විශාල අස්ථාවරත්වයක් ඇති විය. තවද කැටලෝනියානුවන් ලක්ෂ 3කට අධික පිරිසක් කැටලෝනියානු නායකයන්ට එරෙහිව වීදි බැසීම දැනට දින 2කට පෙර සිදුවිය.
- අමාලි ජයවීර

COMMENTS