දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ව්‍යවස්ථාවක් හදන්න බලයක් නෑ' - මන්ත්‍රී විජයදාස පවසයි
Homeප්‍රවෘත්ති

'ව්‍යවස්ථාවක් හදන්න බලයක් නෑ' - මන්ත්‍රී විජයදාස පවසයි

PropellerAds

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී මෙන්ම මුල සිටම බල ශූන්‍ය ක්‍රියාවලියක් බව හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ...


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී මෙන්ම මුල සිටම බල ශූන්‍ය ක්‍රියාවලියක් බව හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය වෙත ලිපියක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දී තිබේ.

විජයදාස රාජපක්ෂ මහතා ඒ මඟින් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පාර්ලිමේන්තුව තුළ පත් කිරීමට 1978 සිට පවතින ව්‍යවස්ථාවෙන් කිසිඳු බලයක් පාර්ලිමේන්තුවට ලබා දී නොමැති බවයි.

නව ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම ආණ්ඩුවට අසීරු නම් කළයුතු වන්නේ ස්ථාවර නියෝගවලට අනූව තේරීම් කාරක සභාවක් පත් කර එමඟින් නිර්දේශ ලබා ගැනීම බව රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ දැනට පත් කර ගෙන ඇති ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය මෙන්ම මෙහෙයුම් කමිටුවද අවලංගු සහ බල ශූන්‍ය බවයි.

මේ තත්ත්වය මත මෙහෙයුම් කමිටුව සකසා ඇති 2017 වසරේ සැප්තැම්බර් 21 දිනැති අතුරු වාර්තාව ද නිරායාසයෙන්ම අවලංගු සහ බල ශූන්‍ය ලේඛනයක් බවට පත්වන බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනූව මහජන මත විමසීම සඳහා පත් කළ කමිටුවට ද කිසිදු නීතිමය වලංගු භාවයක් නොමැති බව හිටපු අධිකරණ අමාත්‍යවරයා සිය ලිපියේ දක්වා ඇත.

රාජපක්ෂ මහතා පවසන්නේ වර්ථමානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තා සැකසීමෙහි වඩාත් මැදිහත්ව සිටිනේනේ මෙහෙයුම් කමිටුව නොව මහජන මුදලින් විශාල වැටුප් ලබන විදේශීය උපදේශකයින් විදේශීය මුදල් මත යැපෙන දේශීයත්වයට අවමන් කරන රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් බවයි.

එමෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඒකීය රටක් නොව ෆෙඩරල් රටක් බවට පත් කළ යුතු බවට වන මතයක සිට කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ද ඊට මැදිහවත්ව සිටින බව හිටපු අමාත්‍යවරයා පවසයි.

මේ කරුණු මත හිටපු අධිකරණ අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ව්‍යස්ථාදායක බලය එම කණ්ඩායම්වලට සහ නීතියෙන් පිටුදැක ඇති මණ්ඩලයක් වෙත භාරදී ඇත්නම් පාර්ලිමේන්තුවෙන් ඇති ඵලය කුමක් ද යන්නයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29266,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ව්‍යවස්ථාවක් හදන්න බලයක් නෑ' - මන්ත්‍රී විජයදාස පවසයි
'ව්‍යවස්ථාවක් හදන්න බලයක් නෑ' - මන්ත්‍රී විජයදාස පවසයි
http://ift.tt/2hpjxcU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_980.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_980.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy