මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්යංශය ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් සම්බන්ධයෙන් එදා පදනම් කරගත් විවේචනය අදටත් ඇත...
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්යංශය ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් සම්බන්ධයෙන් එදා පදනම් කරගත් විවේචනය අදටත් ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.
නමුත් මෙරට පවතින සංකීර්ණ ආර්ථික ක්රියාවලිය සඳහා එම නිලධාරීන් දෙදෙනා මූලික වශයෙන් මැදිහත් වී තිබෙන බවත් කඩිමුඩියේ මෙම නිලධාරීන් වෙනස් කිරීමක් කලහොත් එකී සංකීර්ණ ක්රියාවලිය බිඳවැටීමකට හෝ බාධාවකට ලක්විය හැකි නිසා අනතුරක් ඇති බවද ඒ මහතා සදහන් කරයි.
ගමන් කරමින් ඇති මාවත විශාල පැටලි සහගත අවුල් සහගත මාවතක් බවට පත් කරනවා වෙනුවට ඊට නායකත්වය දෙන ලද එය මෙහෙවන ලද ප්රධාන නිලධාරීන් දෙදෙනෙකු සමග ඉදිරියට යා යුතු බවට තීරණයක් ගත් බවද හෙතෙම කියා සිටියේය.
එය රට හා ජනතාව පැත්තෙන් ගන්නා ලද වැදගත් තීරණයක් බවට තමන් කල්පනා කරන බවද ඔහු පැවසුවේ දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.
COMMENTS