අ නිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ඇප මත මුදා හැරීමට අධිකරණය අද (09) තීරණය කළා. එක් ...
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ඇප මත මුදා හැරීමට අධිකරණය අද (09) තීරණය කළා. එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් නිදහස් කිරීමටයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබෙන්නේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පසුගියදා මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ පූජිත් ජයසුන්දර නාරහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී සිටියදී සහ හේමසිරි ප‍්‍රනාන්දු කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී සිටියදීයි.
එහිදී ඔවුන් දෙදෙනාම අද (09) දිනය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කෙරුණු අතර ඒ අනුව අද දිනයේ යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ට මෙලෙස ඇප හිමිවුණා.

COMMENTS