දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට බංකොලොත් කළ අයම භාණ්ඩාගාර ලේකම්ට තර්ජනය කරලා.. ඔහු ආරක්‍ෂාව ඉල්ලලා!
Homeප්‍රවෘත්ති

රට බංකොලොත් කළ අයම භාණ්ඩාගාර ලේකම්ට තර්ජනය කරලා.. ඔහු ආරක්‍ෂාව ඉල්ලලා!

PropellerAds

රට බංකොලොත් කළ අය ම අද භාණ්ඩාගාර ලේකම්වරයාට තර්ජනය කරමින් ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවස...

මන්ත්‍රී වාහන යෝජනාව ඉවතදැමූ ලේකම් ඉවත් කිරීමේ සැලසුමක්
ආණ්ඩුව Facebook අවහිර කිරීමේ සූදානමක ? (VIDEO)
ශ්‍රීලනිපයේ ඇමති දෙපල තැන් දෙකක ලොකු පූජාවක (PHOTOS)
රට බංකොලොත් කළ අය ම අද භාණ්ඩාගාර ලේකම්වරයාට තර්ජනය කරමින් ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

“මුදල් අමාත්‍යාංශයේ ලේකම් සිරිවර්ධන මහත්මයා කිව්වයි කියලා පුවත්පත වාර්තා කරලා තියෙනවා මරණ තර්ජන තියෙනවා කියලා. මරණ තර්ජනය කවුරු නිසා ද ඇවිල්ලා තියෙන්නේ? ඒ ආර්ථික අර්බුදය සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවේ පත් කරලා තියෙන කමිටුවේ සාක්කි දීපු හිටපු මහ බැංකු අධිපති අජිත් කබ්රාල් මහත්තයා. ඒ වගේ ම වජිර අබේවර්ධන මහත්තයා එහෙම කියපු දේවල් නිසා එයාට මරණ තර්ජන ඇවිල්ලා තියෙනවා. එයාට ආරක්ෂාව දෙන්නෙයි කියලා. ඒ වැරැද්ද කළේ රට බංකොලොත් කළේ මේ නන්දලාල් වීරසිංහයි, සිරිවර්ධනයි කියලා දැන් රටේ මතයක් හදන්න යනවා. මං බොහොම පැහැදිලිව කියනවා මේ රට බංකොලොත් කිරීම සඳහා වගකිවයුතු අය ඉන්නවා. ඒ වගකිවයුතු අතර ඉස්සරහින්ම ඉන්නවා අජිත් නිවාඩ් කබ්රාල්. ඔහු ඔහු ණය අධික පොලියට ගන්න මහින්ද රාජපක්ෂට ලණු දීපු කෙනෙක්. ඒ වගේම ඒ ණය වැරදි ආයෝජන කරලා ගෙවා ගන්න බැරි තැනට පත් කරපු කෙනෙක්. අද ලංකාවට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා ඇමරිකාවේ හැමිල්ටන් රිසව් බැංකුවක්. ඒ ණය ආපසු ගෙවීමේදිත් ඔවුන් යම් කප්පමක් ගත්තයි කියලා දැන් සැක පහළ වෙලා තියෙනවා. ඒ නිසා ණය ගන්න වෙලාවේ ණය වියදම් කරන වෙලාවේ, ණය ආපහු ගෙවන වෙලාවේ තුන් පාරම හොරකම් කරපු තක්කඩි රැලත් දැන් කියනවා මේ මෙන්න මේගොල්ලෝ වගකියන්න ඕනේ කියලා. ඒගොල්ලොත් යම් ප්‍රමාණවලට වග කියන්න ඕන. ඒගොල්ලොත් ඔය මහ බැංකුවේ හිටපු නිලධාරීන්. CBSL – Central Bank of Sri Lanka කියන මේ මහ බැංකුවෙ නම හරි නම් වෙනස් කරන්න ඕනෙ Criminal Bank of Sri Lanka කියලා. මේ රට යම් නිශ්චිත වගකීමක් දීලා නීත්‍යානුකූලව මේ මහ බැංකුවට මේ බලය දීලා තියෙන්නේ. මුදල් මණ්ඩලයට මේ බලය දීලා තියෙන්නේ මේ බංකොලොත් නොවී පවත්වගෙන යන්න. ඒකට මොනිටරි ලෝ කියලා පනතක් තියෙනවා. ඒ පනතට අනුව කරන්න ඕන. ඒ පනතට අනුව කරලා නෑ.”


පාස්කු ප්‍රහාරය හා සමානව ම අනතුරු ඇඟවීමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කර තිබිය දී ඒ සම්බන්ධව ගෝඨාභය, මහින්ද ඇතුළු රට බංකොලොත් කළ චෞර රැළ විසින් නොසළකා හැරි බව ද රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.


“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මහින්ද රාජපක්ෂ මහත්තයා මුදල් ඇමති හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති හැටියට සිටිද්දී අනතුරු ඇඟවීමක් කළා 2020.03.04. මොකක්ද කිව්වේ? ඕගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වැරදියි. ධනපතියන්ට බදු සහන දෙන්න අර වියත් මගේ හිටපු කෑදර, වසල ධනපතියන්ට බදු සහන දෙන්න කටයුතු කරපු එක වැරදියි. ඒ වැරැද්ද නිසා රට බංකොලොත් වෙන්න යනවාය. ඒ ගැන ක්‍රියා කරන්නෙයි කියලා රහසිගත ලියුමක් භාර දුන්නා. ඒ ලියුම ගැන නොතකා හැරලා සිංහයෝ වගේ කිව්වා. මූල්‍ය අරමුදල නැතුව අපිට යන්න පුළුවන් කිය කිය පාරම් බබා ගියා.


අන්තිමට වලේ වැටෙනකන් දන්නේ නැහැ. හැබැයි අපි දැනන් හිටියා මේක. අපි මේ අනතුරු ඇඟවීම එක දිගට කිව්වා. අද කවුද මේකට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ? අද මේ රට මෙතෙන්ට පත්කරපු, ඒ ජාවාරම් දේශපාලකයෝවත් ඒ ජාවාරම්කාර නිලධාරී පැලැන්තියවත්, ඒ ජාවාරම්කාර ව්‍යාපාරික පන්තියවත් අද මේවට වන්දි ගෙවනවාද? නැහැ. අද මේවට වන්දි ගෙවන්නේ මේ රටේ අහිංසක ජනතාවයි. අන්න ඒ නිසා තමයි අපි මේ ජනරජ පෙරමුණ කියන්නේ ආර්ථික යුක්තිය මුලින් ඉටු වෙන්න ඕනා.”


“අවුරුදු දෙකක් වෙනවා. අද මේ වෙනකන් සීනි බදු වංචාව අය කරගන්න අර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටවත් මුදල් අමාත්‍යාංශයටවත් බැරිවෙලා තියෙනවා. හැබැයි දොස්තරට බදු ගහනවා. ඉංජිනේරුවාට බදු ගහනවා. නීතිඥයාට බදු ගහනවා. පරිපාලන නිලධාරියාට බදු ගහනවා. උඹලා බදුත් එක්කම හිටපල්ලායි කියලා ඒ මිනිස්සු රට යනවා. මොකද වෙන්නේ? ඉස්පිරිතාලේ විශේෂඥ වෛද්‍යවරයා නෑ. දරුවෝ මැරෙනවා. හෙද හෙදියෝ නෑ. වැඩිහිටියන්ට අපහසුතා එනවා. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ ගියහම, විදුලිබල මණ්ඩලය කොරගන්න විදිහක් නෑ. පිටරටින් ගේන්න වෙනවා. ගුවන් යානාවල ඉන්න නියමුවෝ හැටක් මේ වෙනකොට රට දාලා ගිහිල්ලා තියෙනවා. ගුවන් යානා බිමට පාත්වෙලා තියෙනවා. මේ වගේ රට යටින් නාය යනවා. ධන කුවේරයගෙන් බද්ද අය කර ගන් නැතුව මේ අමාරුවෙන් ගොඩනැගිච්ච විශේෂඥයින්ට අතිරේක බදු ගහපු නිසා මේක වෙනවා. බදු අය කරන්න ඕනේ ඒගොල්ලන්ගෙන්. හැබැයි යුක්ති සහගත වෙන්න ඕනේ ඒ බදු. අපි මේක වෙනස් කරගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අහන ප්‍රශ්නයක් තියෙනවා. අර සීනි ජාවාරම්කාරයින්ට බදු නැත්තේ ඇයි? අරක්කු ජාවාරම්කාරයෝ බදු ගෙවලා නැහැ. කෝටි හයසිය හැටක්. ඇයි නැත්තේ? මම ඇහුවම මේගොල්ලන්ගෙන් බදු අයකරගන්නේ නැත්තේ මොකද කියලා. සමාගම් දෙකක් ගැන තොරතුරු නැහැල්ලු. මරු වැඩේ නේද? අරක්කුත් විකුණලා, සල්ලිත් හම්බු කරලා, බදු කොල්ලකුත් තියලා කෝටි 140 ක. කොම්පැණි දෙක හොයාගන්නේ නැහැලු. දොස්තරට, ඉංජිනේරුවට බදු ගගහා රට වට්ටන්න දන්නවා. හැමතැනකම වංචාව.


මේ ළඟදි තව කෙළියක් කළා පාන් පිටි වලට. ජූනි 14 ගැහුවා පාන් පිටි ගැසට් එකක්. සමාගම් දෙකකට විතරක් පාන් පිටි ගෙන්න ගන්න ඉඩ තියලා ඉතුරු සමාගම් තහනම් කළා. ඇහුවම පාරිභෝගිකයා බේරගන්නෙයි කිව්වා හාල් නිෂ්පාදකයා බේරගන්නෙයි කිව්වා. හැබැයි අර සමාගම් දෙක තමයි 80% ක් ගෙනියන්නේ. හරි නම් ඒ සමාගම් දෙක එපැයි. නවත්තන්න. නේද? 20% නවත්තලා පාරිභෝගිකයා බේරගන්න. අන්තිමට මොකද කළේ? අන්තිමට අගෝස්තු දාහතර ගැසට් එක අයින් කරගත්තා. අර සමාගම් දෙක සතුව තිබුණා ලංකාවට කන්න දෙන්න පුළුවන් මාස පහක තොග. රුපියල් දාසයක බද්දක් ගැහුවා. බද්ද ගහපු හැටියේ අර සමාගම රුපියල් දාසයකින් නැග්ගුවා. පාන් පිටි. කාගේ පිටිද මේ? පාන් කන්නේ කවුද? රොටියා ගන්නේ කවුද? බනිස කන්නේ කවුද? ධනකුවේරයොද? නැහැ. ධනකුවේරයින්ට වෙනම පිටි වර්ග හදනවා. මේ රටේ දුප්පත් මිනිහා. කෝටි කෝටි හාරසිය තිහක්. ඒ හරහා කොල්ල කෑවා. ඉතින් මෙහෙම අනේ දුප්පත් මිනිස්සුන්ට මේ බදු ගහන්න මේ වෘත්තීයවේදීන්ට බදු ගහන්න අයිතියක් තියෙනවද? නෑ. ආර්ථික යුක්තියක් නෑ.


අපි ඉල්ලලා තියෙනවා පාර්ලිමේන්තුවෙන් දෙන්න කියලා බැංකුවලට පොලු තියපු ලැයිස්තුව. එවන්නේ නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පොලු තියපු ධන කුවේරයින්ගේ ලැයිස්තුව ඉල්ලලා තියෙනවා. එවන්නේ නැහැ. ඇයි? එව්වහම මේ ජාවාරම්කාර කල්ලිය එළිදරව් වෙන නිසා. හරි කණගාටුයි මේ රටේ තත්ත්වය. ඒ නිසා රට, ජනරජයක් කරගන්න නම්, මෙන්න මේ චෞර රැලගෙන්, මෙන්න මේ හොරු රැලගෙන්. එහෙම නැත්නම් මේ ධන කුවේරයෝ හැටියට පෙනී ඉන්න වසල ධනපතියන්ගෙන් රට ගලවා ගන්න ඕන.

මේ පාස්කු ප්‍රහාරය පෙන්නගෙන තමයි රටේ දැවැන්ත ආරක්ෂක ප්‍රශ්නයක් තියෙනවා. කෙලින් කටින් මිනිහෙක් ගේන්න ඕනේ. විරුවෙක් ගේන්න ඕනේ කියලා. හෝමාගමට අපි ගෙනාපු සංවර්ධනය සම්පූර්ණයෙන්ම ආපහු හරවලා 110,000 ක 73% ක ඡන්දයක් දීලා ගෝඨාභය මහත්තයාව ගෙනාවා. මතකද? අපි මේ හෝමාගම මාකුඹුරේ ඉඳන් විනාඩි විස්සකින් ගුවනින් යන දුම්රිය මාර්ගයක් හදන්න සියලු වැඩ කරලා තිබුණා. ඒක එපා. විරුවා ගේන්න ඕනයි කිව්වා. ඊළඟට 80000කට තරුණ තරුණියන්ට පුහුණුව දෙන හෝමාගම මේ තාක්ෂණ නගරය ඉදි කරලා තිබුණේ. පොල් ගස් කැපෙනවා කිව්වා. ඒක එපා කිව්වා. ඊළඟට මෙතන ඉඳන් හොඳ, මිනිහෙකුට යන්න පුළුවන් බස් සේවයක් ඇති කරන්න බස් ප්‍රමුඛතා මංතීරුවක් ඇති කරලා අපි වැඩපිළිවෙළක් හැදුවා. ඒක එපා කිව්වා. නේද? එහෙම මුළු සංවර්ධනයම එපා කිව්වා. කියලා තමයි මේ විරුවා ගෙනාවේ. අද ඒ එකක්වත් නෑ. අන්තිමට අද මොකද වෙලා තියෙන්නේ? මේ ගැන මහජන විශ්වාසේ නැගලා විරුවත් විරෝ පට්ටං ගහගෙන ඉන්නවා.

පාස්කුවේ අපිට වැඩක් නෑ ඔය හන්සීර් මවුලානා මොනවද කියලා තියෙන්නේ කියලා. එයා කොහෙද ඉන්නේ කියන එක අපිට වැදගත් නැහැ. මේ රටේ රහස් පොලිසියේ ප්‍රධානියා රවී සෙනවිරත්න. මෙහෙයුම් ප්‍රධානියා ශානි අබේසේකර. ඒගොල්ලෝ කියලා තියෙනවා පැහැදිලිව ම ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ කියලා හමුදා බුද්ධි අංශ සහ ඔත්තු සේවා අංශ මේ අපරාධකාරයෝ හඹා යාම වැළැක්වීමට පියවර ගත්තයි කියලා. ඒ නිසා මේ ගැන යුක්තියක් නම් මෙතන ඉටු වෙන්නේ නැහැ. අර ආර්ථිකය කඩාකප්පල් කරලා හොරකම් කරපු ජාවාරම්කාර පන්තියයි. මේ පාස්කු ප්‍රහාරය කරපු මේ අලුගෝසු රංචුවයි දෙගොල්ලක් නෙවෙයි එක ගොල්ලක්. මේගොල්ලෝ ඔක්කොම එක ගොල්ලක්. මේගොල්ලෝ මේ රාජ්‍යය ඇතුලේ තව රාජ්‍යයක් හදා ගෙන ඉන්නේ. මේ දෙගොල්ලොම මේ ආර්ථික අපරාධකාරයොයි, මේ දේශපාලන චෞරයෝ රැලයි, මේ අලුගෝසුවෝ රැලයි, දෙගොල්ලො ම එකයි.

පහුගිය කාලේ සිද්ධ වෙච්ච, ඝාතන, මිනීමැරුම්, මේ රණවිරුවන් පිටින් දාලා බේරෙන්න බෑ. රණවිරුකම් අපි දන්නවා. රණවිරුකම් කළේ කොහොමද? ඔක්කොම අපි දන්නවා. ඒ පිට දාලා මේවා කරන්න බෑ. පුද්ගලික දේශපාලන ඝාතන, බියවැද්දීම් වගේම ත්‍රස්තවාදී කල්ලි කණ්ඩායම් වලට සහයෝගය දීපු ඒවා කරන්න බෑ. දැන් බලන්න ප්‍රභාකරන්ගෙන් පස්සේ එල් ටී ටී ඊ නායකයා කවුද? කුමරන් පත්මනාදන්. අපේ බදු මුදල් වලින් ඌව රකිනවා. මිනිහා ෂෝක් එකට ඉන්නවා. මෙහෙ මේ හමුදාවේ සොල්දාදුවෝ අරෙහෙ මෙහෙ යුද්දෙට ගියා යුධ අපරාධ කරයි කියලා හිරේ දාගෙන. මරු වැඩේ නේද? නැගෙනහිර පළාතේ නායකයෝ දෙන්නා රාම් නගුලන් ඇතුළු පිරිස හොඳට ඉන්නවා. මෙහෙ අපේ මිනිස්සුන්ට බදු ගහනවා. කුමරන් පද්මනාදන්ට අධිකරණය ඉදිරියට ගෙනල්ලා නඩු පවරන්න බැරි දීන පාලනයකින්. යුක්තියක් ඉටුවෙනව ද?

මහින්ද රාජපක්ෂ මහත්තයාත් පිළිගත්තා. මේ සහරාන් ඇතුළු තව්හිද් ජමාත් අන්තවාදීන් රැක්කා කියලා. ඒක බොහොම පැහැදිලියි මේ ක්‍රියාවලිය හැබැයි හිතන්න එපා. මේ ආණ්ඩුවෙන් නම් යුක්තිය ඉටුවෙයි කියලා ජනාධිපතිවරු තුන්දෙනෙක් යටතේ මේකට යුක්තිය ඉටු වුණේ නෑ. මොකද ඒ අලුගෝසු කල්ලිය එකට එතන ඉන්න නිසා. ඒ නිසා මේකට යුක්තිය ඉටු කරන්න. රටේ ආර්ථිකය කඩාකප්පල් ජනතාවට බර දාපු ආර්ථික චෞරයින්ට යුක්තිය ඉටුකරගන්න. ඒ වගේම මේ දේශපාලනමය වශයෙන්, ඝාතන කරලා, අපරාධ කරලා, රට රවට්ටපු චෞරයින්ගෙන් මේක බේරගන්න අපිට ඕන.

දැන් මෙතනට මේ එනවා සිංහල බෞද්ධ කතා. අපිත් ඔය සිංහල බෞද්ධ. දැන් මේ ඔක්කෝම කරලා එනවා සිවුරේ හැංගෙන්න. මේ ඔක්කොම කරලා යනවා බෞද්ධ කොඩියේ හැංගෙන්න. මිත්‍රවරුනි, මතක තියාගන්න රටේ ගොවිතැන් බත් වලට, රොබට් බ්‍රවුන්‍රිග් කළාට පස්සේ ලොකුම හානිය කළේ සිංහල බෞද්ධ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒවා මේ රට කඩාකප්පල් කරලා ආර්ථික වශයෙන් වට්ටලා ලෝකය ඉදිරියේ හිඟමනට දැම්මේ. අද හිඟන්නන්ට උණුබත් කොයින්ද වගේ. ලෝකය ඉදිරියේ හිඟමනට දැම්මේ ගරු ගෝඨාභය රාජපක්ෂ. එතකොට මේගොල්ලෝ සිංහල බෞද්ධ ද? ආ. මේගොල්ලන්ට පුළුවන්ද සිංහල බෞද්ධකම් කතා කරන්න. දැන් මේ ඔය කුරුන්දි විහාරයේ ප්‍රශ්නෙ පෙන්නගෙන, අතන පෙන්නගෙන එනවා. මතක තියාගන්න ගිය අවුරුද්දේ විතරක් රටේ උපසම්පදා භික්ෂූන් එක්දහස් අටසිය අනූවක් සිවුරු ඇරලා ගිහින් ආර්ථික අර්බුදය නිසා, දාන මාන නැති නිසා, කපපු පන්සල් ගාන දහස් ගාණක් ඔය කුරුන්දියට ඇරෙන සිංහල බෞද්ධකම්, ඒවා ගැන කතා කරන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නෙ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා ආයි වතාවක් ඔය සිංහල බෞද්ධකම් අරගෙන නෙලුම් පූජා අරගෙන නයි පෙන්නගෙන විතරක් එන්න දෙන්න බැහැ. මොකද ඒ වංචාව නැවත මේ රටේ කරන්න දෙන්න බැහැ. මේ රටට අද ඕනේ වැදගත් සිංහල බෞද්ධ දේශපාලනයක්. ඒ වගේම රටේ සෙසු ආගමික ජන කණ්ඩායම් එක්ක එකට ගමන් කරන්න පුළුවන් ජාතික දේශපාලනයක්, නව ජාතිකවාදයක් අවශ්‍ය අන්න ඒක ගොඩනැගීමයි අපේ මේ එක්සත් ජනරජ පෙරමුණේ පරමාර්ථය. මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වැඩපිළිවෙලක් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කරලා තියෙනවා.

ඩොලර් ප්‍රශ්නය විසඳන්න නම් මේ රටේ තරුණයෝ ලවා තාක්ෂණ සේවාවන් වැඩි දියුණු කරන්න ඕනේ. මේ හෝමාගම තාක්ෂණ නගරය හැදුවේ ඒකට අපි. නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය, අන්තර්ජාලය කෘතිම බුද්ධිය, රොබොටික්ස් ගෙනල්ලා අසුදාහක් තරුණ තරුණියෝ අවුරුද්දකට රටට මේ රටට දායාද කරන්න අපි ගෙනාවා. ඩොලර් බිලියන ගණනක ව්‍යාපාරයක් ඇති කරන්න ගෙනාවේ. හැබැයි රට රකින විරුවෙක් පත් කර ගන්න ඕන වෙලා බන්දුල ගුණවර්ධන මහත්තයලා, වීරවංශ මහත්තයලා, දිනේෂ් ගුණවර්ධන මහත්තයලා බලයට ගෙනල්ලා ඒක අපි අහිමි කර ගත්තා. අපි අනිවාර්යයෙන් ම මෙවැනි තාක්ෂණ නගර හතරක් රට වටේ ඇති කරනවා. කොරියාව දියුණු වුණේ එහෙමයි. තායිවානය දියුණු වුණේ එහෙමයි. මැලේසියාව, තායිලන්තය දියුණු වුණේ එහෙමයි. අද ඉන්දියාව පිමි ගාණෙන් දියුණු වෙන්නේ එහෙමයි. මේ හෝමාගමත් බැංගලෝරයක් බවට පරිවර්තනය කරන්න ඒ හරහා අපිට හැකියාව ලැබෙනවා. අපට තව අවුරුදු තුනක් තිබුණා නම් මේ රට ඒ පිම්ම අපි පනිනවා. හැබැයි අර තක්කඩි සහරාන් කුමන්ත්‍රණය කරලා රටේ ජනතාවගේ මනස විකෘති කරලා, මාධ්‍ය ආයතන දෙක තුනක් දාගෙන කූට නාටකයක් පෙන්නලා කරපු ඒ අපරාධයේ වන්දිය තමයි අද අපි අපේ දරුවන්ට ගෙවන්න වෙලා තියෙන්නේ.

මතක තියාගන්න අපි තාම ඉන්නේ මේ කබලේ බැදි බැදි ඉන්නේ. රනිල් මහත්තයා කළේ ලිපේ පිච්චි පිච්චි හිටපු අයව කබලට දාගත්ත එක. දැන් අපිට මේ විදේශ ණය හිමියොත් එක්ක ගනුදෙනුව බේරගන්න බැරි වුණොත්, ආයෙ වෙන්නේ මොකක්ද? කබලෙන් ලිපට වැටෙන එක තමයි වෙන්නේ. ඒක නිසා මේ තාවකාලික සෙල්ලම් වලින් ලිපෙන් කබලට කබලෙන් ලිපට දිගටම අපිට යන්න බැහැ. මේකට අපි ස්ථිරසාර විසඳුමක් අවශ්‍යයි. අන්න ඒ වෙනුවෙන් තමයි මේ එක්සත් ජනරජ පෙරමුණ ඇතිවෙලා තියෙන්නේ.”

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට බංකොලොත් කළ අයම භාණ්ඩාගාර ලේකම්ට තර්ජනය කරලා.. ඔහු ආරක්‍ෂාව ඉල්ලලා!
රට බංකොලොත් කළ අයම භාණ්ඩාගාර ලේකම්ට තර්ජනය කරලා.. ඔහු ආරක්‍ෂාව ඉල්ලලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgB9UB8tBU36S4pIXLdRsdmHEpq0fWv2-Hme-UJQjx1ibtCdb_qswckb1-xAin3EHyq9J_aF8J_EdFJ7uQzl8SNqBg6NxhwZC1LrJ776WpzKg0nlTNULTPh6v1bpDeKuCobGLkVZs136LMq7-ejZsMmdsA1J9na_J6nyNrhOgmlu4CSdrLG6H-RUeJz9xDo/s320/Mahinda-sirir.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgB9UB8tBU36S4pIXLdRsdmHEpq0fWv2-Hme-UJQjx1ibtCdb_qswckb1-xAin3EHyq9J_aF8J_EdFJ7uQzl8SNqBg6NxhwZC1LrJ776WpzKg0nlTNULTPh6v1bpDeKuCobGLkVZs136LMq7-ejZsMmdsA1J9na_J6nyNrhOgmlu4CSdrLG6H-RUeJz9xDo/s72-c/Mahinda-sirir.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy