දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මන්ත්‍රී වාහන යෝජනාව ඉවතදැමූ ලේකම් ඉවත් කිරීමේ සැලසුමක්
Homeප්‍රවෘත්ති

මන්ත්‍රී වාහන යෝජනාව ඉවතදැමූ ලේකම් ඉවත් කිරීමේ සැලසුමක්

PropellerAds

ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ...

පැරිස් සම්මුතිය ශී‍්‍ර ලංකාව තුළ බලාත්මක කරයි 
ජාපානයේ සිටි ලාංකිකයින් 30 පිටුවහල් - ආරක්ෂාවට 67ක් එයි
'අලියට අත දෙන්න එපා - අතට හෙණ්ඩුව ගන්න' - ඩලස් (VIDEO)
මන්ත්‍රී වාහන යෝජනාව ඉවතදැමූ ලේකම් ඉවත් කිරීමේ සැලසුමක්

ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 58 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිපියක් මගින් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. 

කිහිප අවස්‌ථාවකදීම ජාතික රජයේ ක්‍රමවේදයන් අභියෝගයට ලක්කිරීමට ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර ඇතැයි ඔවුහු එම ලිපිය මගින් පෙන්වා දී තිබේ. 

තම මැතිවරණ කොට්‌ඨාසවල ජනතා සේවයට සක්‍රීයව දායක වීමට කුලී පදනම මත වාහන ගැනීම සඳහා කැබිනට්‌ අනුමැතිය ලබාදී තිබියදීත් ඊට එරෙහිව කටයුතු කිරීමෙන් ජනමාධ්‍ය ලේකම්වරයා කැබිනට්‌ තීරණ ද අභියෝගයට ලක්‌ කර ඇතැයි මන්ත්‍රීවරුන් මෙම ලිපිය මගින් සඳහන් කර තිබේ.

කුලියට මන්ත්‍රීවරුන් සඳහා ලබා ගන්නා වාහන නැවතත් රජයට අයිතිවීමේ යාන්ත්‍රණයක්‌ සකස්‌ කර තිබියදීත් අමාත්‍යාංශ ලේකම්වරයා එය පිළිනොගැනීම දැඩි ගැටලුවක්‌ බව මෙම ලිපියෙන් පෙන්වා දී ඇත.

කැබිනට්‌ මණ්‌ඩල තීරණයක්‌ බල ගන්වන ලෙස විෂයභාර ඇමැතිවරයා දැනුම්දී තිබියදීත් ලේකම්වරයා එය ක්‍රියාත්මක නොකරන්නේ කුමන පදනමකින් දැයි එම මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරයි.

ඒ අනුව නිමල් බෝපගේ මහතාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස අභියෝගයට ලක්‌ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම ලිපිය භාරදීමට ආණ්‌ඩු පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජනමාධ්‍ය ලේකම් දැඩි තීරණයක

මේ අතර අධීක්ෂණ මන්ත්‍රීවරුන් වෙනුවෙන් කුලී පදනම මත වාහන ලබාදීමේ යෝජනාවට නීතිපතිවරයාගේ අනුමැතිය නොමැතිව තමන් අත්සන් නොකරන බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණය අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 

එහිදී ලේකම්වරයා සඳහන් කළේ තාක්ෂණ කමිටුවේ අනුමැතිය හිමි නොවීම මෙන්ම එම ණය නැවත ගෙවීම සඳහා පාර්ලිමේන්තුවේ මාස 60ක කාලයක් කල්පිරියයුතු වුවත් තවමත් ගතවී ඇත්තේ මාස 45ක් පමණක් වන අතර ඉතිරි වාරික සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු කාලයට වගකීමක් නොමැති බවයි. 

ඒ අනුව එවැනි ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම යුක්ති සහගත නොවන බව බෝපගේ මහතා පෙන්වා දෙයි. 

මේ අතර එම වාහන හිමිකාරිත්වය පිළිබඳවද ප්‍රශ්නයක් පවතින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව පවසන ලේකම්වරයා අවධාරණය කරන්නේ අත්සන් කිරීමට මෙන්ම ඉල්ලා අස්වීමටද තමන්ට හැකි බව සඳහන් කරමිනි. 

මෙය තර්ජනය කිරීමක් නොව මෙම කාරණයේදී තමන් ක්‍රියා කරන්නේ යුක්තිගරුකව බවද ඔහු සඳහන් කරයි. 

ලේකම්ට ඉල්ලා අස්වෙන්නැයි නියෝගයක්

එකී ගිවිසුමට අත්සන් කිරීම ලේකම්වරයා ප්‍රතික්ෂේප කිරීම හමුවේ අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ කැබිනට් මණ්ඩලය අනුමත කළ ලියවිල්ලකට අත්සන් තැබීමට ලේකම්වරයාට නොහැකි නම් එය ඔහුගේ අසමත්කමක් බවත් ඒ අනුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්ය. 

ඊට ප්‍රතිචාර දක්වමින් නිමල් බෝපගේ මහතා පෙරළා ප්‍රශ්න කරන්නේ  අගමැතිවරයා හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වුවත් ඔහුගේ ප්‍රකාශයේ පවතින නිවැරදිතාව කුමක්ද යන්නයි.

පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකුව සිටි නීතිඥ නිමල් බෝපගේ මහතාව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

ලේකම්වරයාගේ කොන්ද සියලු දෙනාට ආදර්ශයක්

මේ අතර ඊයේ (21) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ තමන්ට කඩේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58ක් සඳහා තීරුබදු රහිත වාහන බලපත්‍ර යටතේ තිබෙන වාහනයට අමතරව සුඛෝපභෝගී වාහනයක් දෙන්න සූදානම් වූ බවත් තාක්ෂණික කමිටුව එය ප්‍රතික්ෂේප කළ බවත්ය.

මෙම ගිවිසුමට අත්සන් කිරීමට නොහැකි නම් තනතුරින් ඉවත් වන්නැයි අගමැතිවරයා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර ඇති බවත් මෙම ගිවිසුමට තමන් අත්සන් නොකරන බව නිමල් බෝපගේ මහතා ප්‍රකාශ කර ඇති බවත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එම ගිවිසුමට අත්සන් කළ යුත්තේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා බවත් යම් යම් කාරණා පිළිබඳ බෝපගේ මහතා සමග පසුගිය කාලයේ තමන්ට ප්‍රශ්න තිබූ බව පැවසූ මන්ත්‍රීවරයා නමුත් රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඔහු ප්‍රදර්ශනය කරන මේ කොන්ද සියලු දෙනාට ආදර්ශයක් බවත් පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුර සහිත මන්ත්‍රීවරුන් ලෙස නම් කර මෙහෙයුම් කල්බදු සේවාව යටතේ වාහන ලබාදීමට මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබුණි. 

ජීප් රථයට සම්පූර්ණ වටිනාකමට වඩා මුදලක් මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ ගෙවන අතර ලීසිං කාලය අවසානයේ දී වාහනය අයිති වන්නේ වාහන ලබා දුන් ආයතනයටමය. මීට අමතරව දැනට තෝරා ගෙන ඇති ආයතනය ප්‍රසම්පාදන කොමිසම ඇතුළු කමිටු ගණනාවකින් ප්‍රතික්ෂේප වී තිබිය දී අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින ආර්ථික කමිටුවකින් එය තෝරා ගෙන තිබීම කෙරෙහි ද අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

මෙම මන්ත්‍රීවරුන් සතුව දැනටමත් වාහන පවතින බැවින් ඔවුන්ගේ ද  වැඩි කැමැත්ත පවතින්නේ වාහනවලට වඩා මසකට රුපියල් 200,000ක දීමනාව සඳහා බව වාර්තා වේ.

එක් වාහනයක් සඳහා මසකට රුපියල් 700,000පමණ මුදලක් වැය වන බැවින් ජනාධිපතිවරයා මෙම තීරණය සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කර බලන ලෙස ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය  කමිටුව වෙත නිර්දේශ කර තිබීණි.

මේ අතර මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට යෝජනා කැරුණු රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාව ප්‍රතික්ෂේප කරමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය ඇමැති රංජන් රාමණායක මහතා කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යවා තිබේ.

කෙසේවෙතත් යහපාලන ආණ්ඩුවෙන්ද යහපාලනය වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්නා නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම ගැන බොහෝ දෙනා කනස්සල්ලෙන් කතා කරති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මන්ත්‍රී වාහන යෝජනාව ඉවතදැමූ ලේකම් ඉවත් කිරීමේ සැලසුමක්
මන්ත්‍රී වාහන යෝජනාව ඉවතදැමූ ලේකම් ඉවත් කිරීමේ සැලසුමක්
http://ift.tt/2hVFvDa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_153.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_153.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy