ශ්‍රී ලංකාව තුළ සමරිසි හෝ සතුන් සමග ලිංගික සබඳතා පවත්වායාම සාපරාධී වරදක්ලෙස හැඟවුම් කරමින් පැවති නීතිමය තත්වය වෙනස් කරන්නට රජය ගැසට් නිවේද...
ඒ අනුව සමරිසි සබඳතා (LGBTIQ stands for “lesbian, gay, bisexual, transgender, intersex, queer) නිර්සාපරාධීකරණය කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය වෙත සංශෝධන ඉදිරිපත් කරමින් මීට ඉහත පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත ගෙන ආ පුද්ගලික මන්ත්‍රී යෝජනාව ගැසට් කර පසුගිය මාර්තු 17 වනදා එය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව සමරිසි සබදතා සම්බන්ධයෙන් නව සංශෝධන දණ්ඩ නීති සංග්‍රහයට අඩංගු විය යුතු ලෙස දන්වා තිබේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති හරහා සමරිසි ප්‍රජාවට වෙනස්කොට සැලකීම් සිදුකිරීම, පොලිස් අත්අඩංගුවට පත්වීම හා හිරිහැර කිරීම් මේ අනුව වෙනස් කරන්නට යෝජනා කර ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුව යම් පුද්ගලයතු ස්වකැමැත්තෙන් සම ලිංගික වර්‍යාවක හෝ එසෙත් නොමැතිනම් සතකු සමග හෝ අනෙක් පාර්ශවයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික චර්යාවක යෙදේනම් වසර 10 සිර දඩුවමක් සහ දඩයකට යටත්විය යුතුය.බාල වයස්කරුවකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩසහිත වසර 10 නොඅඩු සිරදඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සමග දඩයකට යටත්විය යුතුය.එසෙම අපරාධයට යටත්වූ අයට අධිකරණයේ අභිමතය පරිදි නියමකල වන්දියක් ගෙවීමට සිදුවේ.
365A වගන්තිය අනුව යම් පිරිසක් ප්‍රසිද්ධ ස්ථානයක දී සමලිංගික වර්‍යාවල ස්ව කැමැත්තෙන් යෙදේනම් වසර 2 කට නොඅඩු සිර දඩුවමක් හා දඩයක් ගෙවීමට සිදුවේ.බාල වයස්කරුවකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩ සහිත වසර 10 සිර දඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සහිත දඩයක් හා අධිකරණයේ අභිමතය පරිදි වන්දියක් ගෙවීමට සිදුවේ.

COMMENTS