තමා තවදුරටත් මෙරට නිත්‍යානූකූල අග්‍රාමාත්‍යවරයා බව ධුරයෙන් ඉවත් කෙරුණු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (27) දහවල් අ...
තමා තවදුරටත් මෙරට නිත්‍යානූකූල අග්‍රාමාත්‍යවරයා බව ධුරයෙන් ඉවත් කෙරුණු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඊයේ (27) දහවල් අරලියගහ මන්දීරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිනම් පමණක් ඉවත්ව යාමට තමන් සූදානනම් බවයි.
තමා ඉවත් කිරිමේ ගැසට් නිවේදනය ව්‍යවස්ථානුකූල නොවන බව මාධ්‍යවේදීන් කළ විමසීමකදී හිටපු අග්‍රාමාත්‍යයවරයා ප්‍රරාකාශ කළේය.
මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් රැසක් එම මාධ්‍ය හමුව සඳහා එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්න්‍රී පාඨලී චම්ලපික රණවක මහතා ප්‍රකාශ කළේ මෙය ඡන්ද දායකයින්ගේ වරමට පටහැනිව ක්‍රියාත්මක කළ දේශපාලන කුමන්ත්‍රණයක් බවයි.
මෙම තත්ත්වය ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා එහිදී ප්‍රකාශ කළේය.
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ දෙමළ ප්‍රගතිශිලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් යන මහත්වරුන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ තම පක්ෂවල සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවයි.
COMMENTS