දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

''මහින්දගේ ගිණුමෙන් කෝටි ගාණක් අහිමි වීම මහා ජලාශයකින් දිය දෝතක් ගත්තා වගේ'' - අනුර කුමාර

අගමැති මහින්ද රාජපක්ෂගේ ගිණුමක කෝටි ගණනක මුදල් අහිමි වීම මහා විශාල ජලාශයකින් දිය දෝතක් ගැනීම වැනි දෙයක් බව ජනතා විමුක්ති  පෙරමුණේ නායක කොළ...

අගමැති මහින්ද රාජපක්ෂගේ ගිණුමක කෝටි ගණනක මුදල් අහිමි වීම මහා විශාල ජලාශයකින් දිය දෝතක් ගැනීම වැනි දෙයක් බව ජනතා විමුක්ති  පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය. 

අගමැතිවරයා ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ ද එම නිසා විය හැකි බව ජවිපෙ නායකයා පෙන්වා දුන්නේ ය.

අගමැති මහින්ද රාජපක්ෂගේ බැංකු ගිණුමකින් රුපියල් කෝටි 4කට අධික මුදලක් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා විසින් අවුරුදු කිහිපයක් තුළ සොරාගෙන ඇතැයි පසුගිය දා මාධ්‍යවල පළ වූ සිද්ධිය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ය.

"වත්මන් අගමැතිවරයා 2005 වසරේදී ජනාධිපති ධූරයට පත් වෙනවා. එලෙස ජනාධිපති ධුරයට පත්වූ දා සිට ඔහුට ලැබුණු වැටුප් එක ගිණුමකට බැර කොට තිබෙනවා. මා සිතන්නේ ඔහුට ඒ ගිණුම අමතක වී තිබෙනවා. එවැනි ගිණුමක් තිබෙන බවත් එහි මුදල් තිබෙන බවත් ඔහු විසින් සොයාගෙන තිබෙන්නේ මෑතකදී ඒ ගිණුම පරීක්ෂා කළ පසුවයි. ඒ අනුව ඒ ගිණුමේ විශාල ධනයක් තැන්පත්ව තිබී තිබෙනවා. කෝටි හතරකට අධික ධනයක් ගැන මාධ්‍ය වාර්තා කර තිබෙන අයුරු මා දුටුවා.

සාමාන්‍ය පුරවැසියෙකුට නම් තමාගේ ගිණුමෙන් රුපියල් සීයක් එහාට මෙහාට වුණත් හඳුනාගන්න පුළුවන්. නමුත් හිටපු ජනාධිපතිවරයාට ගිණුමෙන් කෝටි ගණනක් එහා මෙහා ගියත් හඳුනා ගන්නට බැරි වී තිබෙනවා. ඔහුගේ වැටුප ඉතා පරිස්සමෙන් සතෙන් සතේ එකතු කර එක්රැස් කරගෙන තිබෙන බව පෙන්නුම් කරනවා.

හිටපු ජනාධිපතිවරයා තමාගේ වැටුප අරපිරිමැස්මෙන් මෙලෙස එක්රැස් කළා නම් ඒ අරපිරිමැස්ම ම රටටත් කළා නම් අපේ රටේ මහා භාණ්ඩාගාරය මේ වනවිට ධනයෙන් පිරිලා. එසේ නම් ඇත්තට ම ආසියාවේ ආශ්චර්ය නිර්මාණය කරන්නට තිබුණා.

ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තමාගේ මුළු ධනය ම ඉතිරි කරන අරපිරිමැස්මෙන් යුතු ජීවිතයක් ගත කරද්දී රටේ ධනය කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති කර තිබෙනවා. අපට තිබෙන කනගාටුව එයයි. මේ මුදල්වලට විදලා තිබෙන්නේ කාලයක් සිටි ඔහුගේ පෞද්ගලික ලේකම්වරයායි. තවත් වෙලාවක ඔහුගේ පෞද්ගලික සහකාරවරයායි. තවත් විටෙක පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයායි. මෙතරම් ධනයක් ගොඩගැසී තිබීම අපරාධයක් බව සමහරවිට ඔහුටත් සිතෙන්නට ඇති. ඒ නිසා ටිකක් ගත්තට කමක් නැතැයි සිතෙන්නට ඇති. රාජපක්ෂ මහතාට මේ ගිණුමේ මුදල් අහිමිවීම සම්බන්ධයෙන් තිබෙන්නේ මහා ජලාශයකින් වතුර ‍දෝතක් ගත්තා වැනි හැඟීමක් වෙන්න ඇති.

තව ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර හෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝ එම මුදල් යළි පවරා ගැනීමට හෝ උත්සාහයක් නොදරන්නේ ඒ නිසා වෙන්න ඇති. ඒ නිසා මහා ජලාශයකින් වතුර දෝතක් අහිමිවීම ගැන කවුරුවත් කලබල විය යුතු නැහැ."


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ''මහින්දගේ ගිණුමෙන් කෝටි ගාණක් අහිමි වීම මහා ජලාශයකින් දිය දෝතක් ගත්තා වගේ'' - අනුර කුමාර
''මහින්දගේ ගිණුමෙන් කෝටි ගාණක් අහිමි වීම මහා ජලාශයකින් දිය දෝතක් ගත්තා වගේ'' - අනුර කුමාර
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhXp2qmNW0CO98D9V9-BA4o-Yhghh7FfSgmNCZ2aK7avlMyQYuTWUXmL2HlV4O-od7r6IHckPw6htWJye9xBah9GCYSKWw0a267ckBBiF_jVU0t3YhQ3V8IouaC4ObKZWO1V_4DoUCfz5YHS_I9MoU0yam3pgqb51RoN_uj31Kv6HtVdRrPp6cq-b3zEg=w320-h228
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhXp2qmNW0CO98D9V9-BA4o-Yhghh7FfSgmNCZ2aK7avlMyQYuTWUXmL2HlV4O-od7r6IHckPw6htWJye9xBah9GCYSKWw0a267ckBBiF_jVU0t3YhQ3V8IouaC4ObKZWO1V_4DoUCfz5YHS_I9MoU0yam3pgqb51RoN_uj31Kv6HtVdRrPp6cq-b3zEg=s72-w320-c-h228
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_253.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_253.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy