අදට (10) යෙදී ඇති එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සර උළෙල හේතුවෙන් දෙමටගොඩ ගුවන් පාලම ආසන්නයේ සිට බොරැල්ල මංසන්ධිය දක්වා බේස්ලයින් මාර්ගය ව...
අදට (10) යෙදී ඇති එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සර උළෙල හේතුවෙන් දෙමටගොඩ ගුවන් පාලම ආසන්නයේ සිට බොරැල්ල මංසන්ධිය දක්වා බේස්ලයින් මාර්ගය වසා දමා තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ සංවත්සර උළෙල පැවැත්වෙන කැම්බල්පිටියට පිවිසෙන පුංචි බොරැල්ල සහ ඕවල් ක්‍රීඩාංගනය ආසන්නයේ මාර්ග ද වසා දමා ඇති බවයි.
ඒ අනුව අද පෙරවරුවේ සිට එක්සත් ජාතික පක්ෂ සංවත්සර උළෙල අවසන් වන තෙක් මාර්ග වසා දමා තිබේ.
එම නිසා එම මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි.
COMMENTS