කොළඹ සිට තලවකැලේ, නාගසේන දක්වා ධාවනය වූ ත්‍රී රෝද රථයක් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිඳුල වෙයාර්වීල් ප්‍රදේශයේදී අඩි 25ක පමණ ප්‍රපාතය...
කොළඹ සිට තලවකැලේ, නාගසේන දක්වා ධාවනය වූ ත්‍රී රෝද රථයක් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිඳුල වෙයාර්වීල් ප්‍රදේශයේදී අඩි 25ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරට ලක්වී තිබේ.
අනතුරින් එහි රියදුරා එම ස්ථානයේදීම මියගොස් ඇති බව ලිඳුල පොලීසිය පවසයි.
අද (10) අලුයම 2.00ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවත් එකම පවුලේ පිරිසක් මෙහි ගමන් කර ඇති බවත් මියගොස් ඇත්තේ රථය ධාවනය කළ පියා බවත් පොලීසිය සඳහන් කරයි.
අනතුරින් මියගිය තැනැත්තා හැටන්, වැලිඔය ප්‍රදේශයේ පදිංචි එම්. බ්‍රිෂ්ටන් නමැති 29 හැවිරිදි දෙදරු පියෙකි.
මේ වනවිට ත්‍රී රෝද රථයෙහි ගමන් ගත් කුඩා ළමුන් දෙදෙනෙක් ප්‍රතිකාර සඳහා ලිඳුල රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය පුද්ගලයාගේ මෘත ශරීරිය ද එම රෝහලෙහි තැන්පත් කර තිබේ.
ත්‍රි රෝද රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන ලිඳුල පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටී.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS