දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තලෙයිබානය නව ආණ්ඩුවක් පිහිටුවයි - නම ‘‘ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමිරේට්ස්‘‘
Homeප්‍රවෘත්ති

තලෙයිබානය නව ආණ්ඩුවක් පිහිටුවයි - නම ‘‘ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමිරේට්ස්‘‘

PropellerAds

තලෙයිබාන් පාලනය විසින් නිල වශයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීම සිදු කෙරුණු අතර, ඒ අනුව රටේ නම ද වෙනස් වී තිබේ.ඒ අනුව ඇෆ්ගනිස්ථානය අද පටන් හැඳින්ව...

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවයි
ලලිත් ජයසිංහගේ නඩු ගාස්තුවලට පොලිසියෙන් සම්මාදමක්!
සෙනෙට් සභාවේ තීරණයෙන් ඔබාමා කෙයා දිගටම.
තලෙයිබාන් පාලනය විසින් නිල වශයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීම සිදු කෙරුණු අතර, ඒ අනුව රටේ නම ද වෙනස් වී තිබේ.ඒ අනුව ඇෆ්ගනිස්ථානය අද පටන් හැඳින්වෙනු ඇත්තේ ‘ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමිරේට්ස්‘‘ ( "Islamic Emirate") යනුවෙනි.

නව ආණ්ඩුව ඔවුන් විසින් හඳුන්වා දී තිබෙන්නේ අන්තර්වාර ආණ්ඩුවක් ලෙස ය.

තලෙයිබානයේ නිර්මාතෘවරයෙකු ලෙස සැලකෙන මුල්ලා මොහොමඩ් හසන් අකුන්ඩ් නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කරන්නේ කටාර් හි දී ඇමරිකාව සමග තලෙයිබාන් සාම කතා මෙහෙයවූ මුල්ලා බරාදාර් ය. ඔහු තලෙයිබාන් දේශපාලන බියුරෝවේ නායකයා ද වේ.

කැබිනට් මණ්ඩලය ද මේ වන විට නම් කර අවසන් ය.

එයට, 2001 වසරේදී ඇමරිකානු ආක්‍රමණයට එරෙහිව සටන් කළ ප්‍රධාන චරිත කිහිපයකටම කැබිනට් අමාත්‍ය ධුර පිරිනමා ඇති ආකාරය දැකගත හැකිය.

කාබුල් ගුවන් තොටුපොළට එල්ල කළ බෝම්බ ප්‍රහාර සිදු කළ ISIS-K සංවිධානය සහ, තලෙයිබාන් සංවිධානයේ සම්බන්ධීකාරක ලෙස සැලකුණු හක්කානි ජාලයේ ප්‍රධානියා ද කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු, සරාජුදීන් හක්කානි ය.

හක්කානි, ඇමරිකාවට සහ FBI සංවිධානයට වඩාත්ම අවශ්‍ය කර තිබෙන ත්‍රස්තවාදියෙකි. ඇමරිකාව විසින් ඔහුගේ හිසට ඩොලර් මිලියන 10 ක ත්‍යාගයක් ද නියම කර ඇත.

අන්තර්වාර තලෙයිබාන් ආණ්ඩුවේ කාන්තා ඇමතිවරයෙක් නැති අතර, කිසිදු කාන්තාවකට අමාත්‍ය ධුරයක් පිරිනමා ද නැත.

‘කාන්තාවන්ව රාජ්‍ය පාලනයට හවුල්කර ගන්නා බව‘ තලෙයිබාන් සංවිධානය දැන් සති 3 ක සිට කියමින් සිටි කතාවකි. ඒ පිළිබද ඇතැම් පාර්ශවයන් විසින් සුබවාදී මතයන් ද දක්වා තිබිණි. කෙසේ නමුත් තලෙයිබාන් නායකයා පවසා තිබෙන්නේ ඒ ගැන කටයුතු කරමින් තිබෙන බවයි.

මේ අතර, ඇතැම් ඇෆ්ගන් කාන්තාවන් සිය දිවි පරදුවට තබමින් කාබුල් සහ පළාත්බද අගනුවරවල පසුගියදා විරෝධතාවල නිරත වී තිබුණේ තලෙයිබාන් පාලනය යටතේ සමාන අයිතිවාසිකම් සහ දේශපාලන ජීවිතය සඳහා පූර්ණ සහභාගිත්ව අයිතිය ඉල්ලා සිටිමිනි.

විරෝධතා සම්බන්ධයෙන් තලෙයිබාන් මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා පවසා තිබෙන්නේ, නීති විරෝධී විරෝධතාවලට හදිසි නීතිය යටතේ ඉඩ නැති බවයි. මෙයට සමගාමීව තලෙයිබාන් සටන්කරුවන්, කාබුල් හි වීදිවල සිට තර්ජනාත්මක වෙඩි මුර එල්ල කරන ආකාරය ද දැකගත හැකි විය.

- අමාලි ජයවිර | අවුට්බවුන්ඩ් ටුඩේ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තලෙයිබානය නව ආණ්ඩුවක් පිහිටුවයි - නම ‘‘ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමිරේට්ස්‘‘
තලෙයිබානය නව ආණ්ඩුවක් පිහිටුවයි - නම ‘‘ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමිරේට්ස්‘‘
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheno_WxtyZNYwb6plXbecfKB9uEaKALBvbNCluTV3gmzmU3H1jYr0xy6A7g4iR4io9gOHfWZttAHBkakiS__AeG2ptwC08TuQMnsX-O0geiG6YTQ3q0kuNVmj2r9mbQRpBxzS206-sEQDE/s320/image_d140e4ff7c.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheno_WxtyZNYwb6plXbecfKB9uEaKALBvbNCluTV3gmzmU3H1jYr0xy6A7g4iR4io9gOHfWZttAHBkakiS__AeG2ptwC08TuQMnsX-O0geiG6YTQ3q0kuNVmj2r9mbQRpBxzS206-sEQDE/s72-c/image_d140e4ff7c.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_560.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_560.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy