මෙම සම්මාදම සඳහා හැකි පමණින් දායක වන ලෙස පොලිස් නිලධාරීන් වෙත එක්තරා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු නියෝග කළ බව එහි දන්වා තිබුණද එකී නියෝජ්‍ය ප...
මෙම සම්මාදම සඳහා හැකි පමණින් දායක වන ලෙස පොලිස් නිලධාරීන් වෙත එක්තරා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු නියෝග කළ බව එහි දන්වා තිබුණද එකී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නම අප සඳහන් නොකරන්නේ අපට මේ දක්වා ඒ බව තහවුරු කර ගැනීමට නොහැකි වූ හෙයිනි. එමෙන්ම එකී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ තාක් නිකළැල් සේවා වාර්තාවක් පවත්වාගෙන යන කෙනෙකු හෙයිනි.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මෙම පළාත් දෙකේ සේවය කළ අවදියේදී ඔහුගේ නොපනත් ක්‍රියාවන්ගෙන් බැට කෑ පොලිස් පොඩ්ඩන් මෙම සම්මාදම සඳහා දැඩි විරෝධයක් දක්වමින් සිටී.
තවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ලලිත් ජයසිංහ වෙනුවෙන් රාජපක්ෂ රෙජීමයේ ඉහළම නීති උපදේශකයෙකු වන ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පෙනී සිටීමට නියමිත බවයි. එහි ඇති සරදම වන්නේ කාලිංග ඉන්දතිස්ස මහතාගේ නීතිඥ සහාය ලලිත් ජයසිංහට ලබා දීමට මැදිහත් වී ඇත්තේ තවත් රාජපක්ෂවරුන්ගේ උදහසට ලක්වී ඇති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වීමයි.
ලලිත් ජයසිංහට මිලියන 10 ක ස්ථිර තැන්පතුවක්!
රිමාන්ඩ් බන්ධනාගාරගත ලලිත් ජයසිංහ නියෝජ්‍ය පොලිස්පතිවරයාට රුපියල් මිලියන 10 ක ස්ථිර තැන්පතුවක් තිබූ බව රහස් පොලිසිය විසින් මේ වන විට හෙලිදරව් කරගෙන තිබේ. මෙම රුපියල් මිලියන 10 ඔහු තැන්පත් කර තිබුනේ ලලිත් කොතලාවල හට අයත් ගෝල්ඩන් කී මූල්‍ය සමාගමේ වන අතර එසේ තැන්පත් කර තිබී ඇත්තේ පවුලේ කෙනෙකුගේ නමිනි.
එමෙන්ම අධිකරණයේ නියෝග මත ලලිත් ජයසිංහගේ බැංකු ගිණුම් මේ දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෝදිසි කරමින් සිටී. ඔහුගේ පොලිස් පඩියට අමතරව රුපියල් ලක්ෂ ගණනක් ඉන් එක් බැංකු ගිණුමකට මාසිකව බැර වන ආකාරය පිළිබඳව රහස් පොලිසියේ දැඩි අවධානය යොමු වී ඇත.
විද්‍යා ඝාතන නඩුවේ මහ මොලකරු වන ස්විස් කුමාර්ට, යාපනයේ සිට කොළඹට පලාඒම සඳහා, ඔහු විසින් ලලිත් ජයසිංහට රුපියල් ලක්ෂ 40 ක මුදලක් ලබා දුන් බව නඩුවේ විත්තිකරුවෙකු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පාපොච්චාරණය කර තිබේ.
COMMENTS