දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෙනෙට් සභාවේ තීරණයෙන් ඔබාමා කෙයා දිගටම.
Homeප්‍රවෘත්ති

සෙනෙට් සභාවේ තීරණයෙන් ඔබාමා කෙයා දිගටම.

PropellerAds

ට්‍රම්ප් ජනපතිවරයා මෑතකදී කියා තිබුණේ ඔබාමා කෙයා හෙවත් “ඇමරිකාවේ රෝගී ආරක්ෂණ සහ සකසුරුවම් සාත්තු සේවා පනත” මුලිනුපුටා දැමිය යුතු බව ය. ම...

විශ්ව බුද්ධා කට වරද්දා ගනී.. යලි අත්අඩංගුවට..
රට කාබාසිනියා කළ දුෂිතයින් රඳන්න මන්නාරමේ රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකරයි.. (video)
පාස්කු ප්‍රහාරයට අවුරුදු 5යි! කාදිනල් හිමියන් දැඩි තීන්දුවක් ගනී! VIDEO
සෙනෙට් සභාවේ තීරණයෙන් ඔබාමා කෙයා දිගටම.

ට්‍රම්ප් ජනපතිවරයා මෑතකදී කියා තිබුණේ ඔබාමා කෙයා හෙවත් “ඇමරිකාවේ රෝගී ආරක්ෂණ සහ සකසුරුවම් සාත්තු සේවා පනත” මුලිනුපුටා දැමිය යුතු බව ය.

මේ සතියේ සඳුදා මධ්‍යම රාත්‍රියේ ට්‍රම්ප් මේ පිළිබඳ ට්වීට් කළේ මෙසේ ය. “රිපබ්ලිකන්ලා, අසාර්ථක ඔබාමා කෙයා අවලංගු කර, නව සෞඛ්‍ය ආරක්ෂණ සැලසුමක් ගෙන ආ යුතුය. ඩිමොක්‍රටික්ස්ලාද මෙයට සම්බන්ධ වනු ඇත!”

මෙම අදහස සෙනෙට් සභාවේ අවධානයට යොමු වූ විට ප්‍රධාන පෙළේ සෙනෙට් සභිකයන් දෙදෙනෙක් මෙයට විරෝධය පා ඇති අතර, ඒ අනුව සෙනෙට් සභාවෙන් එය සම්මත කරගන්නට තිබූ ඉඩකඩ පිළිබඳ අපේක්ෂා හීන වී ගොස් තිබේ.

මේ බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයෙන් පසු ට්‍රම්ප් විසින් යෝජනා කර තිබුණේ ඔබාමා කෙයා ඉවත් නොකර ඒ වෙනුවට වෙනත් විකල්පයක් හඳුන්වා දෙන බවට ය. එමගින් රිපබ්ලිකානුවන්ට වඩා පැහැදිලි ආරම්භයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ටය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිළිගනිමින් බහුතර නායක මිට් මැකොනෙල් සඳහන් කර තිබෙන්නේ සෙනෙට් සභාව විසින් ඔබාමා කෙයා අවලංගු නොකර, ඒ වෙනුවට අලුත්ම සෞඛ්‍ය රක්ෂණ පනත් කෙටුම්පතකට ඡන්දය දෙන බව ය. ‘ඉදිරි දිනවලදී, මේ ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වනු ඇති බවත් මැකොනෙල් විසින් සඳහන් කර තිබේ.

මේ අතර එම ප්‍රධාන පෙළේ සෙනෙට් සභිකයා තවදුරටත් කියා සිටියේ ඔබාමාකෙයා වැඩපිළිවෙළ එක්වරම අවලංගු කර දමා ඒ වෙනුවට වෙනත් එකක් ගෙනෙන්නට යාම සාර්ථක වැඩපිළිවෙළක් නොවනු ඇති බවයි.

සෙනෙට් සුළුතර නායක සහ ඩිමොක්‍රටික් පාක්ෂික චක් ෂුමර් කියා සිටියේ යෝජිත නව පනත් කෙටුම්පතෙන් ඔබාමා කෙයා ආවරණය කරන්නට යාම කළ නොහැකි දෙයක් බවයි.

ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ මේ වන විට රිපබ්ලිකන්වරුන්ගේ භූමිකාව වී තිබෙන්නේ ප්‍රතිලාභ අඩුකරන සහ පාරිතෝෂික වැඩිකරන පනත් කෙටුම්පතක් වෙනුවෙන් ඩිමොක්‍රටික්වරුන් සමග වැඩකිරීම බවයි. මේ අනුව පැන නගින විශාලතම ගැටලුව වන්නේ ඔබාමාකෙයා අවලංගු කර දැමීමේ තිබෙන වාසි සහ අවාසි මොනවාද යන්නයි. ඇමරිකානුවන් අතර සෞඛ්‍යාරක්ෂණ පනත මෙතරම් මතභේදයට තුඩු දී තිබෙන්නේ හරියටම කුමන හේතූන් නිසාද?

කොංග්‍රස් අයවැය කාර්යාලය විසින් සිදුකරන ලද විශ්ලේෂණයකට අනුව වාර්තා වන්නේ ඔබාමා කෙයා වෙනුවට ඒ හා සමාන වෙනත් වැඩපිළිවෙළක් හඳුන්වා දීමකින් තොරව ඔබාමාකෙයා අවලංගු කිරීම මගින් විශාල පසුබෑමක් ඇතිවීම නොවැළැක්විය හැකි බවයි. එනම් මේ නිසා වසර 2026 වන විට ඇමරිකානු පුරවැසියන්ගෙන් මිලියන 32කට සිය සෞඛ්‍ය ආරක්ෂණය අහිමි වනු ඇත.

තවද ඔබාමා කෙයා අවලංගු කරමින් ඉදිරියට යන්නේ නම්, ඇමරිකානුවන්ට ලැබෙන පාරිතෝෂිකය 50%කින් ඉහළ යන බවට ද ගණන් බලා තිබේ. එසේ වන්නේ සෞඛ්‍යාරක්ෂණ නීතියේ ප්‍රධාන රෙගුලාසි ඉවත් කර දැමීම සිදුවන නිසා ය. දශකයක් වැනි කුඩා කාලයක් ඇතුළත මෙකී පාරිතෝෂික දෙගුණ වන බවට ද විශ්වාස කෙරේ.

අනෙක් අතට ඔබාමා කෙයා හි ද යම් යම් අවාසි සහගත තත්වයන් පවතින බවට තර්ක කෙරේ. උදාහරණයක් වශයෙන් ඇමරිකාව තුළදී එය පුද්ගලීකරණය වූ දෙයක් වන අතර, ඒ අනුව පුරවැසියන් මිලියන 30ට ආසන්න පිරිසකට පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂණයන් මිලදී ගැනීමට සිදුව තිබේ.

තවද ඔබාමාකෙයා හි රෙගුලාසි හේතුවෙන් රක්ෂණ සමාගම්වලට රක්ෂණ සැලසුම් ගණනාවක්ම අවලංගු කරන්නට සිදුවූ බව ද වාර්තා වේ. පනතේ ප්‍රතිලාභ සමග නොගැළපෙන හෙයින් පාරිභෝගිකයන් එම සැලසුම් මිලදී ගැනීමට උනන්දු නොවන බව ඔවුන්ගේ තර්කයයි.

එසේම ඔබාමා කෙයා රක්ෂණය මිලදී නොගත් අයගෙන් පවා බදු අයකර ගෙන ඇති බවට ද වාර්තා තිබේ.

සෞඛ්‍යාරක්ෂණ පනත සම්බන්ධයෙන් මෙකී විවේචන තිබියදී පවා සමාජ ජාලයන් හි බොහෝ දෙනා ඔබාමා කෙයා සෞඛ්‍යාරක්ෂණය අවලංගු කිරීම සම්බන්ධයෙන් තවමත් දක්වන්නේ දැඩි විරෝධයකි.

සෙනෙට් තීරණයට පූර්ණ පිළිතුරක් ලබාදෙනු වෙනුවට ට්‍රම්ප් පසුගිය අඟහරුවාදා උදෑසන මෙසේ ලිවීය.

“සියලුම ඩිමොක්‍රටික්වාදීන් සහ රිපබ්ලික්වාදීන් කිහිප දෙනෙක් විසින් අපව පහළට ඇද දැමුවා. රිපබ්ලිකන් බහුතරය පක්ෂපාතී සහ අති විශාල ලෙස වෙහෙස වී වැඩ කරන අයයි. අපි ආපහු එනවා!”

“මා නිතරම කියා තිබෙන පරිදි” ඔබාමා කෙයා අසාර්ථක වෙන්න ඉඩ හරින්න. ඉන්පස්සෙ එකට එකතුවෙලා ශ්‍රේෂ්ඨ සෞඛ්‍ය සැලසුමක් හදමු. අපිත් එක්ක ඉන්න!”

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෙනෙට් සභාවේ තීරණයෙන් ඔබාමා කෙයා දිගටම.
සෙනෙට් සභාවේ තීරණයෙන් ඔබාමා කෙයා දිගටම.
http://ift.tt/2u97Z4e
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_326.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_326.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy