හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වූ ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් කොමිසම වෙත කැ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වූ ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් කොමිසම වෙත කැඳවීමට නියමිත බව එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය කාලයේදී රාජපක්ෂ මහත්මියගේ අනුබල ඇතිව සිදුවූයේයැයි කියන දූෂණ වංචාවලට අදාළ පරීක්ෂණ කිහිපයක් එම කොමිසම යටතේ පරීක්ෂණයට ලක් කර තිබේ.
මේ වන විට එම පරීක්ෂණ කටයුතු අවසන්වෙමින් පවතින බවත් ඇයට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙසේ ඇය කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS