දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2020 කියන්නේ අඩුවෙන්ම වන විනාශයක් වුණු වර්ෂයක්….
Homeප්‍රවෘත්ති

2020 කියන්නේ අඩුවෙන්ම වන විනාශයක් වුණු වර්ෂයක්….

PropellerAds

කොවිඩ් වසංගතය පාලනය කරමින් එන්නත්කරන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට රජයට හැකිවූයේ නිවැරදි දේශපාලන නායකත්වය නිසා යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න ර...

ගෝල්ඞ් සෙන්ටර්හි සිට ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්වලින් කෝටි 37ක් ඇද්ද ඉන්දීය විශේෂඥ වෛද්‍යවරයෙක්‌
වෙඩි තබා ගන්නා බව කියු සැරයන් රිමාන්ඩ් (VIDEO)
අපිරිසිඳු වාහන වලට දඩ
කොවිඩ් වසංගතය පාලනය කරමින් එන්නත්කරන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට රජයට හැකිවූයේ නිවැරදි දේශපාලන නායකත්වය නිසා යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

සිංහල අලුත් අවුරුද්දට පෙර සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවෙස් විදුලියෙන් ආලෝකමත් කරන බවද පසුගියදා මිනුවන්ගොඩ පැවැති රැස්වීමකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

“සැමට විදුලිය” තේමාව යටතේ මෙරට විදුලිය නැති සියලු නිවෙස්වලට විදුලිය ලබා දීමේ වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන්  මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව දැනුම්වත් කිරීම සඳහා මෙම රැස්වීම සංවිධානය කර තිබිණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ 4557ක් මෙම වැඩපිළිවෙළ යටතේ සිය නිවෙස් සඳහා විදුලිය ලබා ගැනීමට අයැදුම් කර ඇත. මෙම නිවාස සඳහා විදුලි සම්බන්ධතාවය නොමිලේ ලබාදීමට නියමිත අතර නිවාස වයරිං කිරීම ඇතුළු ඊට අදාළ කටයුතු සම්පාදනය කර ගැනීම සඳහා සමෘද්ධි බැංකුව හරහා රුපියල් 20000ක ණය මුදලක් ලබා දෙයි. මේ වන විට සමෘද්ධි බැංකුවෙන් ණය පහසුකම් ලබාගෙන එම ණය නොගෙවීම නිසා නැවත ණය පහසුකම් ලබා ගැනීමට නොහැකිව සිටින අයටද ණය නොගෙවීම නොසලකා නව ව්‍යාපෘතියක් ලෙස සලකමින් මෙම ණය මුදල ලබාදීමට අපේක්ෂිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේදීත්, පාර්ලිමේන්තු මැතිවරණයේදීත් සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ වසරක් තුළ රටේ සියලු නිවෙස්වලට විදුලිය ලබා දෙන බවට  අප පොරොන්දු වුණා.  යුද්ධය අවසන් වන කාලයේ මේ රටේ ජනතාවගෙන් සියයට 48ට පමණයි විදුලිය තිබුණේ. ඉකුත් මහින්ද රාජපක්ෂ රජය අවසන් වනවිට ලංකාවේ ජනතාවගෙන් සියයට 98ට පමණ විදුලිය ලබා දෙන්න පියවර ගෙන තිබුණා. නමුත් යහපාලන රජය බලයට පැමිණීමෙන් පසුව මේ වැඩ සටහන් ඉදිරියට ක්‍රියාත්මක වුණේ නැහැ.

මැතිවරණවලදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් මෙවර සිංහල අලුත් අවුරුද්දට පෙර  විදුලිය නොමැති සියලු නිවෙස්වලට විදුලිය ලබා දෙන්න ජනාධිපතිතුමාටත්, අගමැතිතමාටත් අවශ්‍ය වුණා. ඒ සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හරහා ගම්වල විදුලිය නැති පිරිස් සම්බන්ධයෙන් තොරතුරු රැස් කළා. අපව පුදුමයට පත් කරමින් මිනුවන්ගොඩ පමණක් විදුලිය නැති 600ට වැඩි පිරිසක් සිටින බව ඒ තොරතුරු මඟින් එළිදරව් වුණා. ඒ විදියට මුලු රටේම විදුලිය නැති අය මොන තරම් ඇතිද. මේ විදුලිය නැති අය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් හරහා ලබාගත් තොරතුරු අනුව සැබැවින්ම අඩු ආදායම්ලාභීන් බව තහවුරු වන සියළුදෙනාට මෙවර සිංහල අලුත් අවුරුද්දට පෙර විදුලිය ලබා දෙන්න පියවර ගන්නවා. මේ වැඩපිළිවෙළ ලංකාව පුරාම ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් ව්‍යුහයක් සහිත දේශපාලන පක්ෂයක්. අපේ පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමය සමිතියකට පමණක් සීමා නොවී මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ස්වේඡාවෙන් දායක වෙනවා.

අපේ රජයෙන් කෙරෙන ජනතාවාදී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රචාරණයක් සිදුවන්නේ නැහැ. වසර පහක් පැවැති යහපාලන ආණ්ඩුව සමයේ  ඔබේ ගම්වල පාරක් හැදුනද, පාසලක අඩු පාඩු සකස් කළාද, නිවෙස්වලට ජල  පහසුකම් දුන්නාද. අපේ රජය බලයට පත්ව ගෙවුනු කෙටි කාලයේ  මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ග්‍රාමීය සංවර්ධනය සඳහා ග්‍රාමසේවා වසමකට රුපියල් ලක්ෂ 20 බැගින්  ලබා දී, ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. ග්‍රාමිය යටිතල පහසුකම් නැංවීමේ වැඩපිළිවෙළත් සමගම ජනතාවගේ ආර්ථීකය ශක්තිමත් කිරීම සඳහා ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නැංවීම කෙරෙහිත් අපි අවධානය යොමුකර තිබෙනවා.  අද බිත්තරයක් රුපියල් 16ක් වුණේ කොහොමද. ග්‍රාමීය ජනතාවගේ නිවෙස්වල බිත්තර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා කුකුල් පැටව් බෙදා දීම සිදුකෙරුණා. නිවසේ අවශ්‍යතාවය පිරිමසා ගැනීමෙන් පසුව අතිරික්තය වෙළෙඳ පොළට එවනවා. එයින් වෙළෙඳපොළ මාෆියාව විසදුම් ලැබිලා බිත්තර මිල පාලනය වුණා.

අද බඩු මිල ඉහළ ගොසි තිබෙන බව අපි පිළිගන්නවා. පහුගිය ආණ්ඩුව කාලයේ ග්‍රාමීය ආර්ථිකය නැංවීම සඳහා මෙවැනි සැලසුම් සකස් නොකිරීම නිසා අද ග්‍රාමීය ජනතාවගේ ආර්ථීකය කඩා වැටිලා. වර්තමානයේ ආරම්භ කර ඇති ග්‍රාමීය ආර්ථිකය නැංවීමේ වැඩපිළිවෙළ යටතේ ජනතාවගේ නිපැයුම් විකුණා ගැනීම සදහා එක වසමකට එක වෙළෙදසැල බැගින් ඉදි කරනවා. තරුණ, කාන්තා ව්‍යවසායකයින් බිහිකිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. කොවිඩ් අර්බුදයත් සමඟ මේ සියල්ල සිදු කරන්නේ ජනතාව ආර්ථික වශයෙන් ගොඩ නැංවීමටයි.

ශ්‍රී ලංකාව කොවිඩ් පාලනය කරපු මුල්ම රටවල් 10 අතර ඉන්නේ නිවැරදි දේශපාලන නායකත්වය නිසයි.කොවිඩ් වසංගතයට අපේ රට ගොදුරුවන අවස්ථාවේ රට වහන්න සිදුවුණා. රට වසා දැමීම නිසා ආර්ථිකය කඩා වැටෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්නත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. ඒ වුණාට නැති වෙන මිනිස් ජීවිත ආයෙත් පණ දෙන්න බැහැ කියලයි. ඒ නිසා සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න ජනාධිපතිතුමා සැම විටම පියවර ගත්තා. රට වසාදැමුණු අවස්ථාවේ  ගෙදරක කරන්ට් ගියා වගේ සියලු දේවල් වැහුණා.

ආණ්ඩුව ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා සති දෙකක් ඇතුළත ආර්ථීකය කඩා වැටුණු සියලු පවුල් වලට රුපියල් 5000 ගාණනේ දෙවරක්ම ගෙව්වා. වෙන රටවල් වලට කිසිම සැලසුම් තිබුණේ නැහැ. අපේ රටේ  එවැනි සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුනා. රටක අර්බුදයක් පවතින අවස්ථාවක මේ සැලසුම් සකස්වුනු හැටියි වැදගත්.

අපිට වැඩිය දියුණු රටවල කොවිඩ් නිසා වෙන මැරෙන අයගණන් කරන්නේ දහස් ගණන් වලින්. ආසාදිතයින් ගණන් කරන්නේ ලක්ෂ ගණන් වලින්. ලෝකයේ අනෙක් රටවල එහෙම වෙද්දි අපි කොවිඩ් වසංගතය යම්තාක්දුරට පාලනය කරගෙන සිටිනවා. අදටත් රටවල් 133ක් කොවිඩ් එන්නතක් ගැන හිතලාවත් නැහැ. මේ වන විට අපි ලක්ෂ 8 ට වැඩි පිරිසකට එන්නත දීලා තිබෙනවා. බස්නාහිර පළාතේ සියලු දෙනාටම එන්නත ලබා දෙන්න ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. රට සාමාන්‍ය තත්ත්වයට ගෙනත් රට නගා සිටුවන වැඩපිළීවෙල අපි දියත් කරනවා.

මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ ගස් කපනවා කියලා බොරු ප්‍රචාර ගෙන යනවා. සංඛ්‍යා ලේඛන අනුව නම් 2020 කියන්නේ අඩුවෙන්ම වන විනාශයක් වුණු වර්ෂයක්. මේවා පිටුපස ඉන්නේ රාජ්‍ය නොවන සංවිධාන. ඉතිහාසයේ සිටම ජාවාරම්කරුවෝ ගස් කපනවා. මේ වන විට වන විනාශය සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනම මෙහෙයුමක් ක්‍රියාත්මකයි. රටේ පරිසරය සුරක්ෂිත කරන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කර තිබෙනවා. ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය පලුදු වන ලෙස කිසිදු අවස්ථාවක කටයුතු කරන්නේ නැහැ.

– ප්‍රදීප් අනුර කුමාර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2020 කියන්නේ අඩුවෙන්ම වන විනාශයක් වුණු වර්ෂයක්….
2020 කියන්නේ අඩුවෙන්ම වන විනාශයක් වුණු වර්ෂයක්….
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhz4DljPI0SglIfkhZv5V7IZuvD6HUoGdVjTrsEWtLTeRrXBJH-YxQNbg82I0FkGLoVo2h9-GZhVkej96J6O-oMld2JpSrFtPoqKeOSt68ge98iYPW28VunivuHiL_TOpo5EwHPJ5i2L7w/s320/prasannaer.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhz4DljPI0SglIfkhZv5V7IZuvD6HUoGdVjTrsEWtLTeRrXBJH-YxQNbg82I0FkGLoVo2h9-GZhVkej96J6O-oMld2JpSrFtPoqKeOSt68ge98iYPW28VunivuHiL_TOpo5EwHPJ5i2L7w/s72-c/prasannaer.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/2020.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/2020.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy