ඩුබායි නගරයේ අලංකාරයට හානිවන ආකාරයෙන් මාර්ගවල ධාවනය කරන අපිරිසුදු මෝටර් රථවලට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට ඩුබායි නගර සභාව පියවර ගෙන ඇත...
ඩුබායි නගරයේ අලංකාරයට හානිවන ආකාරයෙන් මාර්ගවල ධාවනය කරන අපිරිසුදු මෝටර් රථවලට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට ඩුබායි නගර සභාව පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
ඒ අනුව දින 15ක දැනුම්දීමකින් පසු මෝටර් රථය පිරිසිදු කිරීමට අපොහොසත් වන මෝටර් රථ හිමිකරුවන්ට එරෙහිව ඇමරිකානු ඩොලර් 135ක දඩ මුදලක් නියම කරන බවයි වාර්තා වන්නේ.
අදාල දඩ මුදල ගෙවීමට අපොහොසත්වන පුද්ගලයන්ගේ මෝටර් රථය නගර සභාව භාරයේ තබාගෙන දඩ මුදල ගෙවීමෙන් පසු නිදහස් කිරීමට මහනගර සභාව තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.


COMMENTS