පිටකොටුව ගෝල්ඞ් සෙන්ටර්හි රන් භාණ්ඩ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් දකුණු ඉන්දියාවේ විශේෂඥ වෛද්‍යවරයකුගේ මෙහෙයවීම යටතේ ක්‍රෙඩිට් කාඞ් ...
පිටකොටුව ගෝල්ඞ් සෙන්ටර්හි රන් භාණ්ඩ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් දකුණු ඉන්දියාවේ විශේෂඥ වෛද්‍යවරයකුගේ මෙහෙයවීම යටතේ ක්‍රෙඩිට් කාඞ් වංචාවක නිරත වූ ඉන්දීය ජාතික කණ්ඩායමක් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (03 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු යන්ත්‍ර යොදාගෙන මොවුන් රුපියල් කෝටි 37 කට අධික මුදලක් වංචාවෙන් ලබාගෙන තිබේ.
මෙම සංවිධානාත්මක කණ්‌ඩායම මෙහෙයවූ වෛද්‍යවරයාට අමතරව දකුණු ඉන්දියාවේ නීතිඥවරයෙක් එරට මාධ්‍යවේදියෙක් ධනවත් ව්‍යාපාරිකයෙක්, ඇතුළු පස්‌දෙනකු සිටින බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සංවිධානාත්මක කණ්‌ඩායම ජාත්‍යන්තර මට්‌ටමෙන් මෙම ජාවාරමේ නිරත වී ඇති බවද විමර්ශනවලින් හෙළිවී ඇත.
සැකකරුවන් අධිකරණය වෙත පෙරේදා (03 වැනිදා) සවස ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන 17 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අලුත්කඩේ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
මෙම සංවිධානාත්මක කණ්‌ඩායම පිටකොටුව ගෝල්ඩ් සෙන්ටර් හි වෙළෙඳසලක් කුලී පදනම මත ලබා ගෙන එහි රන් ආභරණ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ජාවාරම කරගෙන ගොස් ඇත.
පෞද්ගලික බැංකු හතරක අනුමැතිය මත ක්‍රෙඩිට් කාඩ්වලින් ගනුදෙනු කරන යන්ත්‍රයක් ලබාගෙන ඇති මෙම ජාවාරම්කරුවන් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් යොදාගෙන විදේශගත ධනවත් පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලින් රුපියල් කෝටි 37 කට අධික මුදලක් තම ගිණුමකට බැර කරගෙන ඇත.
එක්‌තරා පෞද්ගලික බැංකුවක් මෙම ගනු දෙනු පිළිබඳව සැක පහළ කර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න එහි අධ්‍යක්‍ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ විමර්ශනයක් පැවැත්වූ පොලිස් අධිකාරී පී. අම්පාවිල මහතා ඇතුළු නිලධාරීන් දින කීපයක් තිස්‌සේ ගෝල්ඩ් සෙන්ටර් හි පිහිටි වෙළෙඳසැළ වෙත උපාය දූතයන් යොදා ගෙන කළ විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
විදේශගත ධනවත් ව්‍යාපාරිකයකුගේ ක්‍රෙඩිට් කාඩ් දත්ත සොරා ගෙන එම දත්ත ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්වලට යොදා මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වා ගෙන යයි.
COMMENTS