අත්අඩංගුවට ගත් වැලි ලොරියක් තොබුවන පොලිස් ස්ථානාධිපතිවරයා නිදහස් කිරීමට විරෝධය දක්වමින් එම පොලිසියේම සැරයන්වරයකු වෙඩි තබා ගැනීමට ගත් උත්සා...
අත්අඩංගුවට ගත් වැලි ලොරියක් තොබුවන පොලිස් ස්ථානාධිපතිවරයා නිදහස් කිරීමට විරෝධය දක්වමින් එම පොලිසියේම සැරයන්වරයකු වෙඩි තබා ගැනීමට ගත් උත්සාහයක් දැඩි පරිශ්‍රමයක් දරා නතර කළ බව පොලිසිය කියයි.
සැරයන්වරයා අදාළ ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
තමා විසින් අත්අඩංගුවට ගනු ලැබූ නීති විරෝධී වැලි ලොරියක් තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිදහස් කරනු ලැබ ඇතැයි එම කොස්තාපල්වරයා ප්‍රකාශ කර තිබේ. ඊට විරෝධය පළ කර ඇති පොලිස් සැරයන්වරයා නීතිය හරි හැටි ක්‍රියාත්මක කරණ ලෙසත් එසේ නැති නම් තමා වෙඩි තබා ගන්නා බවත් පවසමින් විරෝධය පළ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සැලවීමත් සමඟ අවට පොලිසිවලින් සහ පොලිස් විශේෂ කාර්ය බළකායෙන් පිරිස් කැඳවා සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සාහ කළත් එය ව්‍යර්ථවී තිබේ. අනතුරුව විශේෂ කාර්ය බලකායේ දෙදෙනෙකු සිවිල් ඇඳුමින් සැරසී ගම්වාසීන් ලෙස සැරයන්වරයා වෙත ගොස් එකවර සැරයන්වරයා බදාගෙන ඔහු අතේ තිබු ගිනි අවිය තම භාරයට ගෙන ඇත.
අනතුරුව සිද්දියට සම්බන්ධ සැරයන්වරයාව වැලිපැන්න පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබ මතුගම මූලස්ථාන පොලිසිය වෙත ගෙනවිත් භාරදී ඇත.
අත්අඩංගුවට ගත් සැරයන්වරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
එම වීඩියෝව පහතින්,
COMMENTS