දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව ගැන පත්කල පාර්ලිමේන්තු කමිටුවට එල්ල වන චෝදනා ගැන ජනපතිගෙන් පිලිතුරු
Homeප්‍රවෘත්ති

පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව ගැන පත්කල පාර්ලිමේන්තු කමිටුවට එල්ල වන චෝදනා ගැන ජනපතිගෙන් පිලිතුරු

PropellerAds

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අ...

සිනාදී සිව් කෝරළයේ ප‍්‍රධාන සංඝනායක මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමි ආදාහන පූජෝත්සවය හෙට හෝමාගමදී
ජනපතිට, අගමැතිට සිව් වැනි වරටත් සිතාසි
ඌවේ මහ ඇමැති මන්ත්‍රීවරුන්ගෙන් පස් වතාවක් සමාව ඉල්ලයි (VIDEO)
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ සය පුද්ගල කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී තිබේ.

මෙවන් මහා පරිමාණ ජාතික ව්‍යසනයක් නැවත ඇතිවීම වළක්වා ගනු සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති පරිදි පාර්ලිමේන්තුව, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ආරක්ෂක හමුදා, රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රමුඛ විවිධ ආයතන සහ බලධාරීන් ගතයුතු පියවර ඇතුළු සමස්ත ක‍්‍රියාදාමය හඳුනා ගැනීම සහ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම එහි ප‍්‍රධාන ස්ථානය ගනී. මෙකී නිර්දේශ සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමට තනි ආයතනයකට නොපිළිවන.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම 2019දී පත් කරන ලද්දේ පසුගිය රජය විසිනි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ජාතික ආරක්ෂාවට හා ස්ථාවරත්වයට, ආර්ථිකයට, ආගමික සහජීවනයට හා සමාජ ජීවිතයට අතිශය අනර්ථකාරී බලපෑමක් කළ සිදුවීමක් බව වත්මන් රජය නිගමනය කර තිබේ. ඊට මුල් වූ පසුබිම රටේ ස්වාධීනත්වයට හා ස්ථාවරත්වයට හානිකර බාහිර මැදිහත්වීම්වලට ද ඉඩ ප‍්‍රස්ථාව විවෘත කරයි. ශ‍්‍රී ලංකා රාජ්‍යය ඇතුළත සාමය සහ ආරක්ෂාව මෙන්ම ආර්ථික සමෘද්ධිය සහතික කිරීමට නම් මෙවැනි අන්තවාදී ප‍්‍රචණ්ඩත්වයක් නැවත ඇතිවීමට තිබෙන සියලූ ඉඩකඩ අහුරාලිය යුතුය. ඒ සඳහා ආගමික අන්තවාදය සහ ඒ හා බැඳුණු ත‍්‍රස්තවාදී ප‍්‍රචණ්ඩත්වය, ජන කොටස් අතර වෛරය අවුළුවන ප‍්‍රකාශ, මෙබඳු කණ්ඩායම්වලට විදේශ අරමුදල් ලැබීම මුළුමනින්ම නතර කිරීම අවශ්‍ය වේ.

මෙකී පළල් පරමාර්ථ සපුරා ගැනීමට ඒ ඒ රාජ්‍ය ආයතන සහ බලධාරීන් කළයුතු දේ සහ එකිනෙක කාර්යයට දිය යුතු ප‍්‍රමුඛත්වය ජනාධිපති පරීක්ෂණ කොමිෂම හඳුනාගෙන ඇත. නිර්දේශිත ක‍්‍රියාමාර්ග ගැනීමට පවතින පරිපාලන ව්‍යුහය ප‍්‍රමාණවත් නොවන්නේ නම් පරිපාලන යාන්ත‍්‍රණයෙහි අවශ්‍ය වෙනස්කම් කළ යුතුව තිබේ. ජනාධිපතිවරයා පත් කළ පාර්ලිමේන්තු කමිටුවට පැවරී ඇති වගකීම පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යයනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට සහ ශ‍්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක‍්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීමය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයන්ට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසිඳලීමේ පරිපාටිය ප‍්‍රකාර සිදුවනු ඇත. ඊට මැදිහත්වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකෙරේ. පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවට අලූතින් නිර්දේශ එක් කිරීම ද කමිටුවට අයත් නැත. සත්‍ය එසේ වුවද පාර්ලිමේන්තු කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටිති.

– ජනාධිපති මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව ගැන පත්කල පාර්ලිමේන්තු කමිටුවට එල්ල වන චෝදනා ගැන ජනපතිගෙන් පිලිතුරු
පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව ගැන පත්කල පාර්ලිමේන්තු කමිටුවට එල්ල වන චෝදනා ගැන ජනපතිගෙන් පිලිතුරු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhspwygegVTyTyePm8eK43FjxVdCS7rieOLVsBwDNxKkjis-Vvi8bMaR8PUEddR8_gL4OvHxQ2jkAEVMB2ZjN8CIvGPWUG-K3gaqkxxk8Z4sCVEH1sG9K0zF85wjVj2v_nEww0lozjaFBI/s320/gotabaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhspwygegVTyTyePm8eK43FjxVdCS7rieOLVsBwDNxKkjis-Vvi8bMaR8PUEddR8_gL4OvHxQ2jkAEVMB2ZjN8CIvGPWUG-K3gaqkxxk8Z4sCVEH1sG9K0zF85wjVj2v_nEww0lozjaFBI/s72-c/gotabaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_480.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_480.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy