කූට ලේඛන ඉදිරිපත් කරන ලදැයි හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි ලබා දීමට ඔක්තෝබර් 09 වැනි දා අධිකරණයේ පෙන...
කූට ලේඛන ඉදිරිපත් කරන ලදැයි හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි ලබා දීමට ඔක්තෝබර් 09 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (24) සිව් වැනි වරටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙත සිතාසි නිකුත් කළේය.
අද අධිකරණයේ පෙනී සිටින ලෙස ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සිතාසි නිකුත් කර තිබුණද දෙදෙනාම පෙනී සිටියේ නැත.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද දින පැවැත්වෙන බැවින් අධිකරණය හමුවට පැමිණීමට දුෂ්කර බවට අගමැතිවරයා සහ ජනාධිපතිවරයාට ලිපියක් මාර්ගයෙන් දැනුම් දී ඇති බවයි.
ඒ අනුව මීළඟ දින ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැඳවා ගැනීමට අපහසු නම් වෙනත් සාක්ෂිකරුවකු කැදවා නඩුව ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.
මේ ආකාරයෙන් නඩු විභාගය ප්‍රමාද වීම තුළින් විත්තිකරුට ද යම් අගතියක් සිදුවන බවත් නිදහස් වීමට හෝ දඬුවම් පැමිණවීමට සාධාරණ හා ඉක්මන් නඩු විභාගයක් විත්තිකරුට තිබිය යුතු බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියේය.
ඒ අනුව නඩුව නැවත ඔක්තෝම්බර් මස 09 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත අධිකරණය මඟින් නැවතත් සිතාසි නිකුත් කරනු ලැබීය.
ජනාධිපතිවරණ සමයේ කූට ලේඛනයක් ඉදිරිපත් කරන ලදැයි කියමින් තිස්ස අත්තනායක මහතාට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා තිබේ.
COMMENTS