සිනාදි සිව් කෝරළයේ ප‍්‍රධාන සංඝනායක, හෝමාගම පුරාණ විහාරාධිපති, ශ‍්‍රී සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද පඤ්ඤාකිත්ති නාහිමිපාණන් වහන්සේ 21 වැනි දා...
සිනාදි සිව් කෝරළයේ ප‍්‍රධාන සංඝනායක, හෝමාගම පුරාණ විහාරාධිපති, ශ‍්‍රී සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද පඤ්ඤාකිත්ති නාහිමිපාණන් වහන්සේ 21 වැනි දා අපවත්වී වදාළහ.
බත බුලතින් සරුවූ ඌව පළාතේ, බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් මාදෝවිට ගම් පියසේදී වර්ෂ 1941.07.03 වැනි දින උපත ලද පූජ්‍යපාද මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමි, උතුම්වූ ප‍්‍රව‍්‍රජ්‍යා භූමියට පත්වූයේ වර්ෂ 1952 දීය. පූජ්‍යපාද බිබිලිගමුවේ ගුණරතන නාහිමිපාණන් වහන්සේ, පූජ්‍යපාද මාදෝවිට පේමානන්ද නාහිමිපාණන් වහන්සේ හා පූජ්‍යපාද පිටිපන ඥානේශ්වර නාහිමිපාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් උන්වහන්සේ සසුන්ගත වූයේ ”මාදෝවිට පඤ්ඤාකිත්ති” යන ශාසනික නාමයෙනි.
තම ගුරු දෙවිවරුන් සමීපයෙහි ශාසනික වත් පිළිවෙත් ප‍්‍රගුණ කල උන්වහන්සේ, දියතලාව සුධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනින් පැවිදි අධ්‍යාපනයට යොමුවී ඇත. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි ආදි ශිෂ්‍යයෙකු වූ උන්වහන්සේගේ උපසම්පදාව වර්ෂ 1968 දී සිදුව ඇත. එම වර්ෂයේම හෝමාගම පුරාණ විහාරයට වැඩම කල මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමියෝ, මේ වන විට පුරා වසර 50 ක් විහාරාධිපතීත්වය උසුලමින් ප‍්‍රදේශවාසී දායක පින්වතුන්ගේ සහාය ඇතිව, තම විහාරස්ථානය අංග සම්පූර්ණ තත්ත්වයට පත්කොට ඇත.
පිරිවෙන් ගුරුවරයෙකු මෙන්ම රජයේ පාඨශාලා ගුරුවරයෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කල උන්වහන්සේ, විශ‍්‍රාම ලබන විට බුද්ධ ධර්මය විෂය පිළිබඳ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කළහ. අපවත් වන විට 77 වන වියෙහි පසුවූ උන්වහන්සේගේ ශ‍්‍රී දේහය, දැනට හෝමාගම පුරාණ විහාරස්ථානයෙහි තැන්පත්කොට ඇති අතර ආදාහන පූජ්‍යෝත්සවය ජූලි මස 25 වැනි බදාදා ප.ව 3.00ට හෝමාගම විල්ෆ‍්‍රඞ් සේනානායක ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
COMMENTS