දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පැණි කතා මගෙන් අහන්න එපා - එන්නත ගැන අහන්න : මම උත්තර දෙන්නම්
Homeප්‍රවෘත්ති

පැණි කතා මගෙන් අහන්න එපා - එන්නත ගැන අහන්න : මම උත්තර දෙන්නම්

PropellerAds

ශ්‍රී ලංකාවට හොද ජාතික ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබෙන හෙයින් කොරෝනා එන්නත දීම අභියෝගයක් නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ...

කිලිනොච්චියේ දිවියා මැරූ අයට ඇප
කලු කොටි දිනය කිලිනොච්චියේදී රහසේම සමරලා (PHOTOS)
කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ CCTV දර්ශන පිටවෙයි
ශ්‍රී ලංකාවට හොද ජාතික ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබෙන හෙයින් කොරෝනා එන්නත දීම අභියෝගයක් නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 

කොරෝනා වෛරසයට එරෙහිව හැකි ඉක්මණින් එන්නත ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරිය කියා සිටියේය. 

ඊයේ (22) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරිය මේ බව  පැවසුවේ. 

''තාම එන්නත ලබා දීලා තියෙන්නේ ලෝකයේ රටවල් කිහිපයයි. හැබැයි ඒ සඳහා සම්පූර්ණ සූදානම තියෙනවා. හැකි ඉකමණින් අපි එන්නත ලබා දෙනවා. එන්නත ලබා දෙන පළමු අවස්ථාව මෙය නෙවෙයි ලංකාවේ. ලංකාවේ අවුරුදු 50කට වඩා ඉතාමත්ම හොඳ ජාතික ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තියෙනවා. අපේ දරුවන්ට එන්නත්කරණය කරලා 99%ක ආවරණයක් තියෙන ඉතාමත් සාර්ථක වැඩසටහන් කරලා තියෙනවා. අපි පෝලියෝ රෝගය තුරන් කරලා තිබෙනවා. සරම්ප තුරන් කරලා තිබෙනවා. රුබෙල්ලා  තුරන් කරලා තිබෙනවා. එහෙම සාර්ථකව කටයුතු කරපු රටක්. මේ කොරෝනා වක්සින් එක දෙන එක අපිට ලොකු අභියෝගයක් නෙවෙයි.'' 

පළමුවන අදියර ලෙස පෙබරවාරි මැද වන විට එන්නත්කිරිම ආරම්භ කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. 

''දැනටමත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඒ අවශ්‍ය කරන තොරතුරු ටික ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබිලා තියෙනවා. අවශ්‍ය කරන පර්යේෂණ කරමින් අනුමැතිය සඳහා කටයුතු කරනවා. අපිට කොවැක්ස් පහසුකම හරහා 20%ක් නොමිලේ ලැබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ 55%ක විතර ජනගහණයක් සඳහා මේ එන්නත ලබා දීලා කොරෝනා රෝගයෙන් ආරක්ෂා කරගන්න. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම සැලසුම් සකස් කරනවා.'' යනුවෙන් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැහැදිලි කරන ලදී.

මේ අතර කොරෝනා පැණිය සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇත්දැයි යන්න මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ ''පැණිය එක්ස්ෆයර්ඩ්නේ පැණිය ගැන ආයුර්වේදයෙන් අහන්න මගෙන්  අහන්න එපා'' යනුවෙනි. 

එහෙත් එම පැණිය බෙදා ඇති බවට මෙහිදී අමාත්‍යවරියගෙන් මාධ්‍යවේදියෙකු පෙරළා විමසුවේය. 

''ඒකට මම පිළිතුරු දෙන්නේ නැහැ, මගෙන් වැක්සින් එක ගැන අහන්න මම ඒකට උත්තර දෙන්නම්.'' යනුවෙන් අමාත්‍යවරිය තවදුරටත් පැවසුවාය. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පැණි කතා මගෙන් අහන්න එපා - එන්නත ගැන අහන්න : මම උත්තර දෙන්නම්
පැණි කතා මගෙන් අහන්න එපා - එන්නත ගැන අහන්න : මම උත්තර දෙන්නම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQYCsRpdI9FEUqsjruYKX4Y-YsoF0RiFPrUO5I0pl4Rci8wOcE1pxXCazWd5_P-aGLCIHnm2vvP-N0LwR_uOGuvisRirUZ3CGXnAwOFGn3w4okV1BIE5Dje3SU42m48J3_mD7p7kLQbts/s320/Sudarshani-Fernandopulle.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQYCsRpdI9FEUqsjruYKX4Y-YsoF0RiFPrUO5I0pl4Rci8wOcE1pxXCazWd5_P-aGLCIHnm2vvP-N0LwR_uOGuvisRirUZ3CGXnAwOFGn3w4okV1BIE5Dje3SU42m48J3_mD7p7kLQbts/s72-c/Sudarshani-Fernandopulle.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_858.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_858.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy