කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානයේදී දිවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට සිටි සැකකරුවන් 10 දෙනා අද (05) දින අධ...
කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානයේදී දිවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට සිටි සැකකරුවන් 10 දෙනා අද (05) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් කේ.ගනේෂරාසා මහතා නියෝග කොට සිටියේය.
මේ අනුව අද දින අධිකරණයට ඉදිරිපත් කෙරුනු සැකකරුවන් දස දෙනාටම එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත හා රුපියල් 5000 ක මුදල් ඇපයක් මත මුදා හැරීමට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් වරයා නියෝග කොට සිටියේය.
පසුගිය 21 වනදා කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුනු දිවියෙකුට පහරදී ඝාතනය කිරීමේ චෝදනාව මත අවස්ථා කිහිපයකදී අම්බාල්කුලම් ගම්මානයේම පදිංචි සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගත කිරීමෙන් පසුව අද දින නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ නිදහස් කිරීමට කිලිනොච්චිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට සිටියේය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS