කිලිනොච්චිය, අක්කරායන්කුලම, ස්කන්දපුරම් ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක ප‍්‍රධාන මාර්ගයේ ජූලි 5 වැනි දාට යෙදී තිබෙන කළු කොටි දිනය පිළිබඳ දැනුවත්...
කිලිනොච්චිය, අක්කරායන්කුලම, ස්කන්දපුරම් ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක ප‍්‍රධාන මාර්ගයේ ජූලි 5 වැනි දාට යෙදී තිබෙන කළු කොටි දිනය පිළිබඳ දැනුවත් කර එල්.ටි.ටි.ඊ ලාංජනය සමග කලු කොටි සැමරුම් ප්‍රකාශයන් කිහිපයක් ප්‍රදර්ශනය කොට ඇති බවට අක්කරායන්කුලම් ආරක්සක අංශ කියා සිටියේය.
අද (5) උදෑසන ස්කන්දපුරම් බස්නැවතුම්පොළ ඉදිරිපිට හා කෝවිල අසල මෙලෙස එල්.ටි.ටි.ඊ ලාංජනය සහිත් කලු කොටි දිනය සිතුවම් ප‍්‍රදර්ශනය කර තිබූ බව ආරක්ෂක අංශ පවසති.
එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් ජූලි 5 වැනිදා කළු කොටි දිනය ලෙස නම් කර තිබූ අතර එම දිනය සිහිකරමින් කිසියම් පිරිසක් මෙලෙස මාර්ගයේ හා විවිධ ස්ථානයන් හී තාප්ප මත සිතුවම් ඇඳ ඇති බවද ආරක්ෂක අංශ කියා සිටියේය.
අදාළ එල්.ටි.ටි.ඊ ලාංජනය හා ඊලාම් සිතියම ඇඳ තිබෙන්නේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව කිලිනොච්චිය අක්කරායාන්කුලම් පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS