දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නලින් ද සිල්වාගෙන් සුදර්ශනීට ප‍්‍රහාරයක් !
Homeප්‍රවෘත්ති

නලින් ද සිල්වාගෙන් සුදර්ශනීට ප‍්‍රහාරයක් !

PropellerAds

කො රෝනා මර්දනය පිළිබඳ රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය දැඩිව විවේචනයට ලක් කරමින් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය න...

යාපනය සිසුන් දෙදෙනා ඝාතනය කොට වසරයි, තාමත් යුක්තිය ඉටුවී නෑ - ලංකා ගුරු සංගමය
නැති ව්‍යවස්ථාවක් ගැන බිල්ලන් මවාපාන්න එපා - ජනාධිපති
දෙබිඩ්ඩන්ට අසු වීම - චාමර ලක්ෂාන් කුමාර
කොරෝනා මර්දනය පිළිබඳ රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය දැඩිව විවේචනයට ලක් කරමින් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් තම ෆේස්බුක් ගිනුමේ තබන ලද සටහනක් පහතින් දැක්වේ.

තමන් විසින් ම පත් කෙරුණු ජෙනිෆර් කමිටුව

ජෙනිෆර් පෙරේරා කමිටුව පත් කෙළෙ කවුද? ඒක තමන් විසින් ම පත් කෙරුණු කමිටුවක් ද? ඒ පිළිබඳ කමිටුවේ සාමාජිකයන්ට සාමාජිකාවන්ට යැවුණු පත්වීම් ලිපි තියෙනවා ද? එහෙම මොකක්වත් නැතිව කමිටුවකට තමන් ම පත්කර ගෙන වාර්තාවක් නිකුත් කරන්න පුළුවන් ද? එහෙම වාර්තාවක් නිකුත් කරල තියෙනවා ද? ඒක කාට හරි භාර දුන්න ද? දැන ගන්නයි අහන්නෙ.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ නම් කියන්නෙ ඇය ඒ කමිටුව පත් නොකළ බවයි. ජෙනිෆර් පෙරේරාගෙන් ජනමාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළෙ නැද්ද ඇයට පත්වීමේ ලිපිය දුන්නෙ කවුද කියල. ඇය ජනමාධ්‍යවේදීන්ට කතා කරන්නෙ නැද්ද? ඇය යළි ඉපදිලා ද? එහෙම නැත්නම් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ යළි ඉපදිලා ද? කාගෙන් ද මේ කමිටුව ගැන දැනගන්නෙ. කමිටුව ගැන දැනගන්න තව කමිටුවක් පත් කරමුද? ඒක පත් කරන්නෙ කවුද?

කමිටුව පත්කළ අයකු නැත්නම් කමිටු වාර්තාවක් කියල එකක් ගැන කතා කරන්න ඕන නැහැ. ඒ වාර්තාව ලැබිච්ච කෙනකුත් නැත්තන් ඒක කුණු කූඩෙට විසි කරන්නත් බැහැ. කුණු කූඩෙට විසි කරන්න ඉස්සෙල්ල ලැබෙන්න එපායැ. වාර්තාව හදපු අයට ඕන නම් කුණු කූඩෙට විසි කරල අත පිහ දාගන්න එකයි තියෙන්නෙ.

අද සල්ලි එහාට මෙහාට විසි වෙන කාලයක්. සල්ලි නිකමටවත් කුණු කූඩෙට වැටෙන්නෙ නැහැ. ඒත් සල්ලි විසි වෙනවා. කමිටුවක් පත් කරන්න සල්ලි කොච්චර ඕන ද? සතයක්වත් ඕන නැහැ කියන එක තමයි උත්තර ය. ඒත් උත්තරය දැන දැනමත් ප්‍රශ්න අහන්න වෙනවා.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ කියන්නෙ රාජ්‍ය ඇමතිවරියක්. ඊටත් වඩා බටහිර වෙද හාමිනේ කෙනෙක්. ඇය හොඳ කතා කියනවා. කොවිඩ් 19 ආදාහනය කරන්න හරි වළලන්න හරි බටහිර වෙදකමට බැරි නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්නෙ. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ කියනව කොවිඩ් ඇති වෙච්ච කාලෙ කොවිඩ් ගැන එච්චර දැන හිටියෙ නැහැ කියල. ඒ කාලෙ නිකුත් කරපු ගැසට් නිවේදනය පදනම් වෙලා තියෙන්නෙ ඒ කාලෙ තිබුණු දැනුම අනුව කියල ඇය කියනවා. ඒක හොඳ විද්‍යාත්මක කතාවක්.

සුදර්ශනී ප්‍රනාන්දුඳුල්ලෙ දැන් ඒ කාලෙට වඩා කොවිඩ් 19 ගැන කොච්චර දන්නවා ද? පොඩ්ඩක් කියනවා ද ඒ දන්න පොඩ්ඩ හරි ගොඩ හරි. ලංකාවෙ අය දැනුම එකතු කර ගන්න හරි කැමතියි. ඒ නිසා පොඩ්ඩ හරි කමක් නැහැ දන්න දෙයක් කියන්න. දැන් ඔය අලුත් දැනුම් පොඩ්ඩ මත පදනම් වෙලා ගැසට් නිවේදනයක් නිකුත් කරනවා ද? ඇත්තට ම කවුද ඒක නිකුත් කරන්න ඕන. පවිත්‍රා දේවි ද සුදර්ශනී ද?

දැන් ඒක නිකුත් කරල ඔන්න ටිකක් කල් ඉන්න කොට කොවිඩ් 19 ගැන තවත් දැනුම් පොඩ්ඩක් එකතු වුණොත් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා ද? කොවිඩ් ගැසට් 1, කොවිඩ් ගැසට් 2 ආදී වශයෙන් ගැසට් නිකුත් කරමු ද? හැමදාම උදේට ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා ලවා කියවන්න වෙයි එදාට අදාළ කීවැනි ගැසට් නිවේදනය ද කියල.

අපි හිතමු කොවිඩ් 19ට හේතුව වෛරසයක් කියල. මේ වෛරසය අනෙක් වෛරසවලට වඩා වෙනස්. අඩු ම තරමෙන් ඉක්මණින් පැතිරෙනවා. මේකයි ප්‍රධාන ප්‍රශ්නය. ඔය බටහිර වෙදමහත්තුරු වෙද හාමිනේලා දන්නවා ද ඇයි කොවිඩ් 19 වෛරසය වෙන වෛරසවලට වඩා ඉක්මණින් පැතිරෙන්නෙ කියල. ජෙනිෆර් පෙරේරවත් හොංකොංහි ජෝසෆ් මලික් පීරිස්වත් දන්නවා ද කොවිඩ් 19 වෛරසය අනෙක් වෛරසවලට වඩා ඉක්මණින් පැතිරෙන්නෙ ඇයි කියල.

කොවිඩ් 19 පැතිරීම සම්බන්ධයෙන් අනෙක් වෛරස පැතිරීම ගැන තියෙන බටහිර වෙදකමේ දැනුම ඒ විධියට ම යොදා ගන්න පුළුවන් ද? බටහිර වෙදකම ඒක දැන ගන්න කොච්චර කල් යයි ද? ඒක දැනගත්තට පස්සෙ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ ඒ බව දැන ගන්න කොච්චර කල් ගනීවි ද?

අපට දැනට ඇත්තේ සැක හා හිතළු. ඔය බටහිර ක්‍රමයට ඒ ගැන පරීක්‍ෂා කරන්න ටිකක් කල් යයි. එතකන් අපි අර පරණ ගැසට්ටුවට පමණක් සීමා වෙමු ද? අපි අර එන්නත් ගැන කතා කරන්නෙ නැහැ. ඒ එන්නත් ලබා ගත්ත අයත් ආසාදිතයන් වෙනව ද නැද්ද කියන එක එතරම් ප්‍රශ්නයක් නො වෙයි. එක් එක් අයගෙ ශරීර එක් එක් විධියයි. එන්නතත් එක් එක් අයට දුන්න ම එක් එක් විධියට ක්‍රියාත්මක වෙනව ඇති. පඬි නැට්ටන් තමයි ඔය වගේ ප්‍රශ්න අල්ල ගෙන හූ තියන්නෙ.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ ඔය ඔක්කො ම වැඩ පැත්තකින් තියල අර කමිටුව පත් කෙළෙ කවුද කියල හොයනවා ද? ඇය නම් නොවන බව අපට සහතිකයි. ඇය කියනව නෙ තමන් නො වෙයි කියල. අපට කට වචනය වැදගත්.

මේ අය ආදාහනයට විරුද්ධ වෙලා තමන්ගෙ දෙවියන් වහන්සේටමයි නිග්‍රහ කරන්නෙ. ඔවුන් කියන්නෙ දෙවියන් වහන්සෙ මැවූ ආත්මය හරි වෙන යමක් හරි මේ මිනිසුන්ට පුච්චල විනාශ කරන්න පුළුවන් කියල. ඒ කියන්නෙ මේ සතපහකට වැඩක් නැති මිනිසුන් සර්වබලධාරී දෙවියන් වහන්සේට වඩා බලවත් කියන එක ද? ඒක එහෙම වෙන්න බැහැ. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ හරි ජෙනිෆර් පෙරේරා හරි එහෙම හිතනවා ද?

– මහාචාර්ය නලින් සිල්වා


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නලින් ද සිල්වාගෙන් සුදර්ශනීට ප‍්‍රහාරයක් !
නලින් ද සිල්වාගෙන් සුදර්ශනීට ප‍්‍රහාරයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjehbc1pDFzaZMsoWyB_oEnl36yJXp2NteMSpiUGCee1WK55CstXG8xpDrV0voocaVrazxYMDLDKhyphenhyphena5cOdec5s7d4pwy8QDw42hcHmMBxs25-9kkROlQ9kdYkQGc3S4agAykYoDLO0bsQ/s320/444577.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjehbc1pDFzaZMsoWyB_oEnl36yJXp2NteMSpiUGCee1WK55CstXG8xpDrV0voocaVrazxYMDLDKhyphenhyphena5cOdec5s7d4pwy8QDw42hcHmMBxs25-9kkROlQ9kdYkQGc3S4agAykYoDLO0bsQ/s72-c/444577.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy