මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මුලින් ප‍්‍රකාශ කළේ රිය අනතුරකින් මෙම සිසුන් දෙදෙනා මිය ගොස් ඇති බවයි. නමුත් පසුව අනාවරණය වූයේ මෙම ඝාතනයට...
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මුලින් ප‍්‍රකාශ කළේ රිය අනතුරකින් මෙම සිසුන් දෙදෙනා මිය ගොස් ඇති බවයි. නමුත් පසුව අනාවරණය වූයේ මෙම ඝාතනයට හේතුව වෙඩි තැබීමක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුව ගත් පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනාට මේ වන විට මහාධිකරණයෙන් ඇප ලබා දී ඇත. එහෙත් මෙම ඝාතනය රිය අනතුරකින් සිදු වූ බවට අසත්‍ය ප‍්‍රකාශ කිරීමට උපදෙස් දුන් පුද්ගලයන් මේ දක්වා අත් අඩංගුවට ගෙන නැත.
2016.10.25 දින මෙම ඝාතනයට එරෙහිව යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් උද්ඝෝෂණය කළ අවස්ථාවේ හිටපු උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පොරොන්දු වී ඇත්තේ මසක් ඇතුළත මේ සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සලසන බවයි.
මේ තත්වය තුළ මෙම සිසු ඝාතනයට සම්බන්ධ සියලූදෙනා අත්අඩංගුවට ගෙන එම චූදිතයන්ට එරෙහිව කඩිනමින් මහාධිකරණයේ චෝදනා ගොනු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, ඝාතනය වූ සිසුන් දෙදෙනාට යුක්තිය ඉටු කිරීමට කටයුතු කරන ලෙසත් ලංකා ගුරු සංගමය නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.
COMMENTS