ජාතීන් අතර ගැටලු විසඳීමට කටයුතු නොකිරීම නිසා දශක තුනක් තිස්සේ රටම එහි අනිටු ප්‍රතිවිපාක භුක්ති විඳ ඇති බවත් ඒ නිසා එවැනි තත්වයක් නැවත ඇති...
ජාතීන් අතර ගැටලු විසඳීමට කටයුතු නොකිරීම නිසා දශක තුනක් තිස්සේ රටම එහි අනිටු ප්‍රතිවිපාක භුක්ති විඳ ඇති බවත් ඒ නිසා එවැනි තත්වයක් නැවත ඇතිවීම වැලැක්වීම සියලු දෙනාගේ වගකීම බවත් සිරිසේන මහතා පවසයි. සාමය හා සංහිඳියාව ගොඩනැගීම සඳහා කටයුතු කරමින් තිබියදී සුළු පිරිසක් විසින් ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා කටයුතු කිරීම රටේම අවාසනාවක් බවයි ඔහු පවසන්නේ.
ජාතීන් අතර බැඳීම් වර්ධනය කිරීම සඳහා සාමය සහ සංහිඳියාව ඇතිකිරීමට නව ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා බවත් එය සියලු ජාතීන්ගේ, සියලු ආගමිකයන්ගේ මෙන්ම සියලු දේශපාලන පක්ෂවල එකඟතාවයෙන් සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවත් කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. ඒ නිසා කඩාකප්පල්කාරීන්ගේ නොමග යැවීම්වලට නොරැවටෙන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
උපාලි සපරමාදු
COMMENTS