ව ත්මන් ආණ්ඩුවට සෑම අංශයකින්ම අසාර්ථක වී ඇති බවත් ජනතාවගේ ජීවන වියදම පාලනය කර ගැනීමටවත් නොහැකි තරමට අසමත් වී ඇති බවත් සමගි ජන බලවේගය පාර්ල...
වත්මන් ආණ්ඩුවට සෑම අංශයකින්ම අසාර්ථක වී ඇති බවත් ජනතාවගේ ජීවන වියදම පාලනය කර ගැනීමටවත් නොහැකි තරමට අසමත් වී ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි. මෙවර ඉදිරිපත් කළ අයවැයෙන් ජනතාවට සහන දීම වෙනුවට ගජ මිතුරන් පෝෂණය කිරීම සිදුව ඇතැයිද ඔහු කියා සිටියේය.
වත්මන් ආණ්ඩුව අවුරුද්දක් ගත වෙන්නටත් පෙර ෆේල් වී ඇති බවත් ජනතාවගේ ප්‍රශ්න වලට මේ ආණ්ඩුවෙන් කිසිදු විසඳුමක් නැති බවත් ඔහු පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජීවන වියදම මෙතරම් ඉහළ යන්නේ අසාර්ථක පාලනය නිසා බවත් කී ඔහු මිල පාලනයට ගැසට් ගැසීම අද විහිළුවක් බවට පත්විය ඇතැයිද කියා සිටියේය.

COMMENTS