ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කළ 'ජන සටන' පාද යාත්‍රාවේදී කුඩා දරුවන් ලවා සටන් පාඨ කියමින් ජනාධිපතිවරයාට අපහාස කිරීම ගැන වාමාංෂික න...
ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කළ 'ජන සටන' පාද යාත්‍රාවේදී කුඩා දරුවන් ලවා සටන් පාඨ කියමින් ජනාධිපතිවරයාට අපහාස කිරීම ගැන වාමාංෂික නායකයකු වන වාසුදේව නානයක්කාර මහතා නිදහසට කරුණු කීම 'කිතුල්ගහට ගිය මිනිහා කියන කතාව වැනි' යැයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (04) සිරිකොතේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, " වාසුදේව මහත්තයා කියනවා අද නෙවෙයි ඉතිහාසේ ඉඳලා මෙහෙම පුංචි ළමයි අරගෙන ගිහිං පෙළපාලි කළා. ඊළග පරපුරට දේශපාලනය කිරීම සඳහා පෙරහුරුවක් ලබාදීම සඳහා දෙමව්පියෝ මේ ළමයි අරං එනවා කියලා. වාසුදේවට තිබ්බනේ එයාගේ දරුවා අරං ඇවිල්ලා ඔහොම එකක් පාරේ කියවන්න"යි කියාසිටියේය.
වීඩියෝව පහතින්.
COMMENTS