දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
karu jayasuriya
Homeප්‍රවෘත්ති

karu jayasuriya

PropellerAds

වි සිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත සම්මත කිරීමට ප‍්‍රථම ඒ පිළිබඳ පූර්ණ අධ්‍යනයක් මහ නාහිමිවරුන් ප‍්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව මගින් සිද...

25කට ආසාදිතයි.. 15ක් පූර්ණ සුව ලබා පිටවේ.. 172කට සනීපයි.. අද වාර්තාව මෙන්න
අගමැති කැදවූ අරලිය හමුවට අපි එන්නෑ.. කරූ කතානායක වූ පැවති පාර්ලිමේන්තුව කැදවනු - සජිත් පිල කියයි
ඩෙංගුවලින් 500-600 මිය යද්දී මැතිවරණය පැවැත්වුනා.. කොරෝනාවලින් මිය ගියේ 07යි.. දැන් මැතිවරණ බැරි ඇයි - බන්දුල
විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත සම්මත කිරීමට ප‍්‍රථම ඒ පිළිබඳ පූර්ණ අධ්‍යනයක් මහ නාහිමිවරුන් ප‍්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව මගින් සිදුකර රටට මතයක් ඉදිරිපත් කිරීම කාලෝචිත බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා අස්ගිරි, මල්වතු මහා නාහිමිවරුන් හමුවේ කියා සිටියේය.

මෙම සංශෝධනය මගින් පාර්ලිමේන්තුව සතු බලතල ජනපති අතට සම්පූර්ණයෙන්ම පත්වන බවත් මෙය රටට හිතකර තත්ත්වයක් නොවන බවත් කී කරු ජයසූරිය මහතා මෙම පනත ගෙන ඒමේදී ජනපති හෝ අගමැති වැරදි හැඟීමකින් එය කළ බවක් කිසිසේත් නොසිතන බව ද කියා සිටියේය.

ඔවුන් සද්භාවයෙන් මෙය කළ බව තම මතය බව කී ඒ මහතා එහෙත් එහි ඇතුළත් සමහර යෝජනා මගින් පාර්ලිමේන්තුව සතු බලතල විනාශ කිරීමක් සිදුවන බව දක්නට ලැබෙන බව ද සඳහන් කළේය.

නිවහල් දේශයක ප‍්‍රාර්ථනය හා විසිවන සංශෝධනයේ අභිමතාර්ථ මැයෙන් ලියවිල්ලක් ද මෙහිදී කරු ජයසූරිය මහතා විසින් මහ නාහිමිවරුන්ට පිළිගන්වනු ලැබීය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සාමාජික පිරිසක් සමග ඊයේ (30 දා) මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දෙනම බැහැදැක විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ඇති විය හැකි අර්බුද සම්බන්ධව උන්වහන්සේ දැනුවත් කළ අවස්ථාවේ කරු ජයසූරිය මහතා මේ බව පැවසුවේය.

සෝභිත හිමි ආරම්භ කළ මෙම සංවිධානය දේශපාලන පක්ෂවලට සම්බන්ධ නොවූ ස්වාධීන එකක් බවත් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් යෝජනා මගින් ඇති විය හැකි අර්බුදය රටට පෙන්වා දෙන්නේ එය වරද නිවැරැුදි කිරීමේ අදහසින් මිස ජනපති හෝ අගමැති විවේචනය කිරීමේ අදහසින් නොවන බවත් ජයසූරිය මහතා කීවේය.

පාර්ලිමේන්තුව සතු බලය අහෝසි වී ජනපති ධුරයට අසීමිත බලයක් හිමිවන බවත් මහ මැතිවරණයක් පවත්වා ජනතාව තමන්ගේ නියෝජිතයින් ලෙස පත්කර එවන පුද්ගලයින් ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුව මෙමඟින් තැපැල් කන්තෝරුවක් බවට පත්වන බවත් ඒ මහතා පැවසුවේය.

ජනපතිවරණයක් හා පාර්ලිමේන්තු මැතිවරණයක් ලෙස ඡන්ද දෙකක් පවත්වන්නේ විධායකය මෙන්ම ව්‍යවස්ථාදායකය ද වැදගත් නිසා බවත් පාර්ලිමේන්තුව සතු බලය ද විධායකයට ගොනුවීම මගින් සාධාරණයක් ඉටු නොවන බවත් හෙතෙම කීය. ස්වාධීන කොමිෂන් සභා හා ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් වැරදි මත සමාජගත කර තිබෙන බව ද ඔහු පැවසීය. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: karu jayasuriya
karu jayasuriya
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmD66PeMvxdV6ZYQlUR5sKAC1PZqZjVU4sjx4FUu5E5SVG3Dzolni0ZBIqhqJoMZsj7Lt6PJFnUiaPn8VgwvwTNhkxja2PrSd9sBGzJOUh0IsCDppNuMSFnaWpuXExdiPoukk2EiS2LW4/s320/karu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmD66PeMvxdV6ZYQlUR5sKAC1PZqZjVU4sjx4FUu5E5SVG3Dzolni0ZBIqhqJoMZsj7Lt6PJFnUiaPn8VgwvwTNhkxja2PrSd9sBGzJOUh0IsCDppNuMSFnaWpuXExdiPoukk2EiS2LW4/s72-c/karu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/karu-jayasuriya.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/karu-jayasuriya.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy