දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටැක්සි සමාගම් 2කට පමණක් අවසර දුන්නැයි පොලිස්පතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
Homeප්‍රවෘත්ති

ටැක්සි සමාගම් 2කට පමණක් අවසර දුන්නැයි පොලිස්පතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

PropellerAds

රජය සහ පොලිස්පතිවරයා විසින් ත්‍රිරෝද රථ වෘත්තිකයින්ව නොසලකා හරිමින් ටැක්සි සමාගම් දෙකකට පමණක් මගී ප්‍රවාහනයට අවසර ලබාදීම සම්බන්ධයෙන් ලංකා ස...

"දිනපතා නඩු අහලා වැරදිකරුවන්ට දඬුවම් දෙනවා" - තලතා
"පෞද්ගලික මාධ්‍යවලට පවා රජය විවේචනය කිරීමේ වැඩි අවස්ථාවක් දැන් තියෙනවා" - අකිල
විදුහල්පතිනිය දණගැස්වීමේ සිද්ධිය: ඌව මහ ඇමැතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
රජය සහ පොලිස්පතිවරයා විසින් ත්‍රිරෝද රථ වෘත්තිකයින්ව නොසලකා හරිමින් ටැක්සි සමාගම් දෙකකට පමණක් මගී ප්‍රවාහනයට අවසර ලබාදීම සම්බන්ධයෙන් ලංකා ස්වයං රැකියා නියුක්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා විසින් ඊයේ (15) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

"ලංකාවේ වෘත්තීය ත්‍රීරෝද රථ ලක්ෂ අට හමාරක් මගී ප්‍රවාහන සේවයේ යෙදෙනවා. මේ ත්‍රීරෝද රථ වෘත්තිකයින්ව පිළිගැනීමකට, ඔවුන්ගේ රැකියාව පිළිගැනීමකට ලක් නොකර රජය විසින්, රජයේ නිලධාරීන් විසින්, විශෙෂයෙන් පොලිස්පතිතුමා විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා ආයතන දෙකක්, ටැක්සි කොම්පැනි දෙකක් නම් කරලා ඒ ආයතන දෙකෙන් මගී ප්‍රවාහනයෙහි යෙදෙන්න, ඒවායේ සේවය ලබාගන්න කියලා.

මේ කරපු ප්‍රකාශයත් එක්ක වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරන්ට විශාල අසාධාරණයක් සිද්ධ වුණා. අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා රජයෙන් සහ නිලධාරීන්ගෙන් තමන්ට හිතෙන හිතෙන විදියට ප්‍රකාශ නිකුත් කරලා මේ වෘත්තියේ අයිතිවාසිකම අපෙන් පැහැර ගන්න එපා.

මේ වෙනකොට ත්‍රීරෝද රථ වෘත්තිකයින් විශාල ආර්ථික ප්‍රශ්නෙකට මුහුණ පාලා තියෙනවා. අර දෙනවයි කියන සහන අපට නෑ, දෙනවයි කියපු ලීසීං සහනය අපට නෑ, දෙනවයි කියපු රුපියල් 5000 නෑ. මේ වෙනකොට වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරා කරකියාගන්න දෙයක් බැරුව තමන්ගේ දරුවන් සමඟ දහදුක් විඳිනවා.

ත්‍රිරෝද රථය අරගෙන අද පාරට ආවාම කොම්පැනිකරුවන්ට මගී ප්‍රවාහනයේ යෙදෙන්න පුළුවන්, අපේ වෘත්තිකයාට පොලිසියෙන් දඩකොළ දෙන්න, ගහන්න, තර්ජනය කරන්න, බනින්න ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොකද්ද මේ කරුමේ ?" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ඒ මහතා මේ බව පැවසුවේ මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටැක්සි සමාගම් 2කට පමණක් අවසර දුන්නැයි පොලිස්පතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
ටැක්සි සමාගම් 2කට පමණක් අවසර දුන්නැයි පොලිස්පතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjC_aogGJI8mpEaG_aYad7b3av20J3yZjy80KBaoL0YzXemCyc5WPRLF-KwecMYASLv-f7DlP2zGhFxB9E3PVyuQvTXXdVogsC-WqsAkLiC7yJhrOy1Q6Juzl_Ab7_KaQM1Ke7xcbnCmc4/s320/unnamed.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjC_aogGJI8mpEaG_aYad7b3av20J3yZjy80KBaoL0YzXemCyc5WPRLF-KwecMYASLv-f7DlP2zGhFxB9E3PVyuQvTXXdVogsC-WqsAkLiC7yJhrOy1Q6Juzl_Ab7_KaQM1Ke7xcbnCmc4/s72-c/unnamed.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy