අපි මහන්සි වෙලා විශේෂ අධිකරණ පිහිටෙව්වා දිනපතා නඩු අහලා වැරදිකරුවන්ට දඩුවම් දෙන්නයි වැරදි කලොත් ඒ වෙනුවෙන් සහයෝගය දුන් අයට පවා දඩුවම් විදි...
අපි මහන්සි වෙලා විශේෂ අධිකරණ පිහිටෙව්වා දිනපතා නඩු අහලා වැරදිකරුවන්ට දඩුවම් දෙන්නයි වැරදි කලොත් ඒ වෙනුවෙන් සහයෝගය දුන් අයට පවා දඩුවම් විදින්න වෙයි යන්න අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ග්‍රාම ශක්ති වැඩ සටහන යටතේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාඹුළුව, දකුණු පනාපිටිය, ගබ්බෙල ග්‍රාම සේවක කොට්ඨාශවල ජනතාවට කෘෂි උපකරණ බෙදා දීමේ වැඩ සටහනකට එක්වෙමිනි.
එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්වීය.
“පොලීසිය රාජ්‍ය සේවය අද අපි ස්වාධීන කර තිබෙනවා .මේවා කරන කොට සමහර අය කැමති නැහැ. අපි රජයේ වියදම් අවම කරන්නේ මේ රටේ දූෂණය නාස්තිය අවම කරන්නයි. සමහර අය කෝටි ගණන් වියදම් කරලා කරන උත්සව නතර කළාට කැමති නැහැ . උද්ඝෝෂණ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් .නමුත් අපි ජනතාව රට වෙනුවෙන් හරි දේ හරි වෙලාවට කරනවා . පසුගිය වසර 20 තුළ සමෘද්ධි ව්‍යාපාරය හරහා අපේ රටේ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවන්න මොනවාද කළේ කියලා අපි සොයා බැලිය යුතුයි. ඉතිහාසයේ නොයෙකුත් වැඩ සටහන් රජයන් මගින් දියත් කොට තිබෙනවා. අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටුවන්න ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ ජනසවියේ සිට විවිධ වැඩ සටහන් දියත් කළා. ජනාධිපතිතුමාගේ රජයේ අරමුණ ඔබගේ ගෙවත්තේ වැඩ පළේ කෘෂි කාර්මික වගාවන් ව්‍යාප්ත කරවීමයි. වසර තුනක් පුරාවට අපි රජයක් ලෙස මේ රටේ වැරදි විදිහට ක්‍රියාත්මක වු දේවල් නිවැරදි කරන්න ක්‍රියා කළා .හැබැයි එහෙම නිවැරදි දේ කරනවාට ගොඩාක් අය කැමති නැහැ වගේ පේනවා. රජයේ මුදල් කෝට් ගණන් වියදම් කරලා බොරුවට උත්සව තියලා මුල්ගල් තියනවාට විවෘත කරනවාට ගොඩාක් අය කැමතියි. උත්සවවලට වියදම් කරන්නේ ඔබේ බදු මුදල් කියන එක මතක තබා ගත යුතුයි. අපේ රටට අද වන විට ආදායම් ලබන කර්මාන්ත නැතිවෙමින් යනවා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ ආරම්භ කළ ඇගළුම් කර්මාන්තය පසුගිය වසර 20 තුළ විනාශ කළා. තේ කර්මාන්තයත් එහෙමයි විනාශ වුණා අද අපේ රටට ආදායම් නැති තත්වයට පත් කර තිබෙනවා.”
“දැන් මට අද බය නැතිව කියන්න පුළුවන් අධිකරණයට කවුරුත් ඇගිළි ගහන්නේ නැහැ. විනිශ්චයකාරවරුන්ට ස්වාධීනව තීරණ දෙන්න පුළුවන්. අද මහෙස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඉහළට යාමේ අවස්ථාව විනිසුරුවරුන්ට තිබෙනවා. පිටින් එක එක්කෙනා ගෙනත් අධිකරණයට පත් කරන්නේ නැහැ. සමහර අය ඒවාට කැමති නැහැ. කැමති වුණත් අකමැති වුණත් සියල්ල කරන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් කියලා මතක තබා ගත යුතුයි. අපි අදවන විට හොරකම නාස්තිය දූෂණය වංචාව අඩු කරලා තිබෙනවා .ඒවාට දඩුවම් ලබාදීමට කටයුතු කර තිබෙනවා .මම කියන්නේ නැහැ සම්පුර්ණයෙන්ම නැති කරලා තිබෙනවා කියලා .ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාත් අල්ලස් අර ගෙන අහුවුණා අපේ අගමැතිතුමා පත් කරපු මහ බැංකු අධිපතිතුමා වංචා කළා. ඒවාට දඩුවම් ලැබෙයි. අපි ගොඩාක් මහන්සි වෙලා විශේෂ අධිකරණ ගෙනාවේ දිනපතා නඩු අහලා. දුෂිතයින්ට දඩුවම් දෙන්නයි. සමහර වෙලාවට අපි එක්ක එකතු වෙලා මේ අධිකරණ හදපු අයටත් වැරදි කළොත් දඩුවම් ලැබෙයි.”යැයිද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.
COMMENTS