දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"පෞද්ගලික මාධ්‍යවලට පවා රජය විවේචනය කිරීමේ වැඩි අවස්ථාවක් දැන් තියෙනවා" - අකිල
Homeප්‍රවෘත්ති

"පෞද්ගලික මාධ්‍යවලට පවා රජය විවේචනය කිරීමේ වැඩි අවස්ථාවක් දැන් තියෙනවා" - අකිල

PropellerAds

‘ළඟම පාසල හොඳම පාසල’ ජාතික වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිකරන ලද, නිකවැරටිය - කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ නව පරිපාලන ...

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන සේවකයෙක් හදිසියේ මියයයි
එම්.ජී.ධනුෂ්ක උසාවියට බාරවෙයි
'හූ කීම මෝඩකමක්' - මහින්දගේ මතය මෙන්න (VIDEO)    

‘ළඟම පාසල හොඳම පාසල’ ජාතික වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිකරන ලද, නිකවැරටිය - කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ නව පරිපාලන ඒකකය සහ පන්ති කාමර සහිත තෙමහල් ගොඩනැගිල්ල, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පසුගිය දා විවෘත කෙරිණි.

අදාළ ව්‍යාපෘතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් වෙන් කරන ලද මුලු මුදල රුපියල් මිලියන 20 කට අධිකය. විදුහල්පති කාමරයක්, නියෝජ්‍ය විදුහල්පති කාමර 03 ක්, රැස්වීම් ශාලාවක් මෙන්ම කාර්යාල සේවා කාමරයක් සහ නව පන්ති කාමර රැසකින් ද මෙම අභිනව තෙමහල් ගොඩනැගිල්ල සමන්විතය. අලුතින් ඉදි වූ නව පරිපාලන ඒකකය ද නවීන අංගෝපාංගවලින් සමන්විත වීම විශේෂත්වයකි.

මීට අදාළ උත්සවයට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ කුමන බාධක පැමිණියත් රටක් විප්ලවීයව වෙනස් කළ හැකි හොඳම මෙවලම වන අධ්‍යාපනය දියුණු කිරීමට තමන් ඇපකැප වී ක්‍රියා කරන බවයි. 

කුමන විවේචන එල්ල වූවත් අධ්‍යාපනය දියුණු කිරීමේ සිය වගකීම නොනවත්වාම ඉටු කරන බව ද මෙහිදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වත්මන් රජය රටේ ජනතාවගේ නිදහස තහවුරු කර ඇති බවට රජයේ ක්‍රියාපටිපාටිය තුළින්ම ඔප්පු කර ඇති බවය. එහෙත් පසුගිය ඇතැම් රජයන් සමයේ  දී දූෂණ චෝදනාවලට ලක්වූවන් අද ශුද්ධවන්තයින් මෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

පෞද්ගලික මාධ්‍යවලට පවා රජය විවේචනය කිරීමේ වැඩි අවස්ථාවක් දැන් උදාවී ඇති බවත්, ඒ හේතුව නිසාම සමබරතාවයකින් තොරව පවා ඇතැම් මාධ්‍ය අද රජය විවේචනය කරමින් සිටින බවත්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහාතා මෙහිදී පෙන්වා දුන්නේය.

රජයට පක්ෂපාතී නොවී, අවම මට්ටමින් හෝ ප්‍රවෘත්ති සමබර කිරීමට කටයුතු කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස සියලුම මාධ්‍යයන්ගෙන් තමන් ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, තෙල් මිල සම්බන්ධයෙන් විපක්ෂය විසින් සිදුකරන ඇතැම් ප්‍රකාශ, පටු දේශපාලන අරමුණූ මත පදනම්ව සිදුකරන ප්‍රකාශ වන බවය. ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසා, තෙල් මිල වැඩි කිරීමට සිදු වූවත්, පසුගිය ඇතැම් රජයන් සමයේ දී මෙන් අසාමාන්‍ය ලෙස තෙල් මිල ඉහළ දැමීමක් වත්මන් යහපාලන රජය විසින් කිසිවිටෙකත් සිදුකර නොමැති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

එම රජයන් සමයේ දී එලෙස අධික ලෙස තෙල් මිල වැඩි කිරීමට කටයුතු කළ පුද්ගලයින් දැන් තෙල් මිල වැඩි කිරීමට එරෙහිව වත්මන් රජයට චෝදනා කරමින් සිටින බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙවන් පටු දේශපාලන අදහස් හේතුවෙන් බොහෝ දෙනෙකු මායාවක් තුළ සිටින බවත්,එම මායාවෙන් පියවි ලෝකයට පැමිණ රටේ සත්‍යය තත්ත්වය දැකබලා ගත යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර සිටියේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "පෞද්ගලික මාධ්‍යවලට පවා රජය විවේචනය කිරීමේ වැඩි අවස්ථාවක් දැන් තියෙනවා" - අකිල
"පෞද්ගලික මාධ්‍යවලට පවා රජය විවේචනය කිරීමේ වැඩි අවස්ථාවක් දැන් තියෙනවා" - අකිල
http://am.lk/media/k2/items/cache/30ae0d2ef0e80fba8c1191b25e72e5ee_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_172.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_172.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy