ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ වන විට අනතුරු අඟවීමක් සිදු කර තිබෙනවා. ඔහුන් පෙන්වා දෙන්නේ ලොව රටවල් ගනනාවකට මූණ දීමට සිදුව ඇති කොරෝනා වසංගතය ද...
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ වන විට අනතුරු අඟවීමක් සිදු කර තිබෙනවා. ඔහුන් පෙන්වා දෙන්නේ ලොව රටවල් ගනනාවකට මූණ දීමට සිදුව ඇති කොරෝනා වසංගතය දීර්ඝ කාලයක් පවතිනු ඇති බවයි.
ලොව රටවල් රැසක් මේ වනවිට එම වෛරස ව්‍යාප්තියේ මූලික අදියරයේ පසුවන බවයි එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ප්‍රකාශ කළේ.
මේ සඳහා නිසි ප්‍රතිකාර ක්‍රමයක් සොයාගන්නා තුරු පුද්ගල දුරස්ථභාවය නිසි ආකාරයෙන් පවත්වා ගත යුතු බව ඔහු කියා සිටියා.
එමෙන්ම යුරෝපයේ වෛරස ව්‍යාප්තියේ යම් පාලනයක් දක්නට ලැබුණත්, අප්‍රිකාව, මධ්‍යම හා දකුණු ඇමරිකාවේ මෙන්ම නැගෙනහිර යුරෝපියානු රටවලට ඉදිරියේදී මෙම වෛරසයෙන් දැඩි බලපෑමක් ඇති විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු අඟවන්නේ.
මේ අතර නිව්යෝක් නුවර බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ බිලාල කුලයට අයත් සතුන් හත්දෙනෙකුට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
මීට පෙර මෙම සත්වෝද්‍යානයේ ව්‍යාඝ්‍රයෙකු සහ අප්‍රිකානු සිංහයන් තුන්දෙනෙකුට වෛරසය ආසාදනය වීමත් සමඟ පසුගිය මාර්තු 16 වනදා එය වසා දැමුණා.
COMMENTS