එංගලන්තය ලීග් වටයේ මුහුණ දුන් තරග 3 ම ජය ගනිමින් අවසන් පූර්ව වටයට පැමිණි අතර පකිස්තානය තරග දෙකක් ජයගැනීමට සමත් විය. එංගලන්තය එක්දින ශ්‍ර...
එංගලන්තය ලීග් වටයේ මුහුණ දුන් තරග 3 ම ජය ගනිමින් අවසන් පූර්ව වටයට පැමිණි අතර පකිස්තානය තරග දෙකක් ජයගැනීමට සමත් විය.
එංගලන්තය එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් සිටියද පසුගිය තරගවලදී පකිස්තානය ඉහළ දස්කම් දැක්වීම නිසා මෙම තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇත.
එංගලන්ත කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවීමට නියමිත වේ. ඒ පසුගිය තරගවලදී අසාර්ථක වූ ජේසන් රෝයි වෙනුවට ජොනී බෙයාස්ටොව් කණ්ඩායමට කැඳවීමයි. පකිස්තානය ද තුන් ඉරියව් ක්‍රීඩක ෆාහිම් අස්රෆ් වෙනුවට දඟ පන්දු යවන ෂඩබ් ඛාන් කැඳවීමට ඉඩ තිබේ.
ICC ප්‍රධාන තරගාවලිවල අවසන් වටයේ තරගවලදී දෙරට එකිනෙකා හමුවන පළමු තරගය මෙයයි. කෙසේ වෙතත් ප්‍රධාන තරගාවලිවල අවසන් වටයේ තරග සඳහා එංගලන්තය අවස්ථා 17 කදී එක්ව ඇති අතර ජයග්‍රහණය හිමිකර ගෙන ඇත්තේ තරග 5 කදී පමණි. ඊට සාපේක්ෂව පකිස්තානය තරග 16 කින් තරග 5 ක් ජයගෙන තිබේ.
දෙරට අතර අවසන්වරට පැවති තරග 14 න් 12 ක් ජයගැනීමට එංගලන්තය සමත්ව ඇත. කෙසේ වෙතත් අවසන් වරට 2016 සැප්තැම්බර් මාසයේදී පකිස්තානය හා එංගලන්තය කාඩිෆ්හිදීම හමුවූ අතර එම තරගයෙන් ජයගැනීමට පකිස්තානය සමත්ව තිබේ.
COMMENTS