දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ සිල් රෙද්ද ගැලවේ !
Homeවිශේෂ පුවත්

ආණ්ඩුවේ සිල් රෙද්ද ගැලවේ !

PropellerAds

මෙසේ චෝදනා පත්‍ර සංශෝධනය කෙරෙන්නේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි කාංචන රත්වත්තේ සහ කාලිංග ඉන්ද්‍රතිස්ස යන නීතීඥවරුන්ගේ ඉල්ලීම් සලකා බැලී...

නවීන්ටයි ජනපති ලේකම්ටයි නඩු දානවා - රතන හිමි
මැකෝ නුසුදුසු මන්ත්‍රීලා අල්ලලා දොට්ට දැමීම අරඹයි !
"මාලිංග - චන්දි - දිමුත් - මැතිව්ස්" ලෝක කුසලානයට පෙර කණ්ඩායම් 04කට නායකත්වය දෙයි
ආණ්ඩුවේ සිල් රෙද්ද ගැලවේ !

මෙසේ චෝදනා පත්‍ර සංශෝධනය කෙරෙන්නේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි කාංචන රත්වත්තේ සහ කාලිංග ඉන්ද්‍රතිස්ස යන නීතීඥවරුන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවය.

දණ්ඩ නීති සංග්‍රහය යටතට ගැණෙන සාපරාධී සාවද්‍ය පරිහරණය යටතේ චෝදනා ඔප්පු කිරීමට නම් අදාල මුදලින් චූදිතයින්ට මූල්‍යමය ලාභයක් අත් වී ඇති බව ඔප්පු කළ යුතුය. 2015 ජනාධිපතිවරණය ආසන්න කාලයේදී මෙසේ රජයේ මුදල් යොදවා සිල් රෙදි මිලට ගෙන මහින්ද රාජපක්ෂගේ දේශපාලන වාසි තකා බෙදා හැරියාට ලලිත් වීරතුංගට හෝ අනූෂ පැල්පිටට අත් වී ඇති මූල්‍යමය ලාභයක් නොමැති බව පැහැදිලිය. එහෙයින් මෙසේ පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩුව සාපරාධී සාවද්‍ය පරිහරණය යටතට ගෙන ආ විට සිදු වනු ඇත්තේ ඊළඟ නඩු වාරයේදී ම චූදිතයින් දෙදෙනා නිදහස් වීමය.

එනම්, මෙහිදී සිදුවනු ඇත්තේ රජයේ මුදලින් රුපියල් කෝටි 60ක් තරම් විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට දේශපාලන වාසි තකා භාවිතා කිරීමට තක්කඩියන් දෙදෙනෙකු විසින් ලබාගත් නමුත් නීතිය ඉදිරියේ ඊට වගකිව යුත්තෙකු නොමැති වන සේ තක්කඩින් දෙදෙනා නිදහස් වී යාමයි. මෙහි අහිතකර ම ප්‍රතිඵලය වන්නේ මහාධිකරණයෙහි දැනට විභාග වන සහ ඉදිරියේදී විභාග වීමට නියමිත පොදු දේපළ පනත යටතේ ඇති ඕනෑම නඩුවක් සඳහා මෙය ඉතාමත් ම නරක පූර්වාදර්ශයක් වීමයි. ලලිත්ලා අනුෂලා සඳහා නීතියෙන් හෑරෙන පරවි ගුල් වලින් මීළඟට රිංගීමට නියමිතව ඇත්තේ බැසිල්ලා නාමල්ලා ය. ඊළඟට සිදුවනු ඇත්තේ ආණ්ඩුවේ ජිල් බෝල සෙල්ලම් නිසා බැසිල්ලා නාමල්ලා සියළු චෝදනා වලින් නිදහස් වී ජාතික වීරයින් වීමය.

පොදු දේපළ පනත යනුවෙන් වෙන ම නීතියක් පවතින්නේ බලධාරීන් විසින් මහජන මුදල් අවභාවිතා කිරීම වැළැක්වීම සඳහාය, එසේ අවභාවිතා කළ විට ඊට දඬුවම් දීම සඳහාය. එහෙත් ඕනෑ කෙනෙකුට ඕනෑ හැටියකට ඕනෑ වෙලාවක ඕනෑම දේශපාලනික වාසියක් වෙනුවෙන් ඕනෑම අටමඟුලක් මහජන මුදල් යොදවා මිල දීගෙන ඕනෑ අතේ බෙදන්නටත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙද්දී නීතිමය ක්‍රියාදාමය සමඟ පිස්සු කෙළින්නටත් හැකිනම් එවන් රටක අවසානයේ වනු ඇත්තේ හිතුමතේට මහජන දේපළ උලා කන්නන් රෑනක් බිහිවීම සඳහා ජනතාව ඉදිරියේ නීතිය විකාරයක් වීමය. යහපාලනය ගැන බරට බරේ 'ලොරි ටෝක්' දෙන ආණ්ඩුව පොදු දේපළ සම්බන්ධයෙන් තකන්නේ මෙතරම් සැහැල්ලුවෙන් ද යන්න ආණ්ඩුවේ පාර්ශ්වයෙන් පැහැදිලි කළ යුතුව තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29387,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ සිල් රෙද්ද ගැලවේ !
ආණ්ඩුවේ සිල් රෙද්ද ගැලවේ !
http://ift.tt/2mmo3Ks
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_627.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_627.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy