දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුහුණු පොතේ දැලි ගාන වැඩ හෙවත් සක්කරයාට අල්ලන පන්දමේ අන්දර ය
Homeවිශේෂ පුවත්

මුහුණු පොතේ දැලි ගාන වැඩ හෙවත් සක්කරයාට අල්ලන පන්දමේ අන්දර ය

PropellerAds

මෙවැනි අවස්තාවකදී කරමින් සිටි, තමන් සිටිනා දේශයේ ශ්‍රී ලංකා සංගමයේ හෝ බෞද්ධ විහාර දායක සභාවේ බලය අල්ලන්නට පෙත්සම්, කුමන්ත්‍රණ සංවිධානය කි...

GSP බදු සහනය ලබා ගැනීම අවසන් විසදුම නොවේ - නිරෝෂන් පෙරේරා
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 සමුළුව හෙට
නීතිය ක්‍රියාත්මක වන්නේ බලය, තරාතිරම අනුව - සුනිල් හඳුන්නෙත්ති
මුහුණු පොතේ දැලි ගාන වැඩ හෙවත් සක්කරයාට අල්ලන පන්දමේ අන්දර ය

මෙවැනි අවස්තාවකදී කරමින් සිටි, තමන් සිටිනා දේශයේ ශ්‍රී ලංකා සංගමයේ හෝ බෞද්ධ විහාර දායක සභාවේ බලය අල්ලන්නට පෙත්සම්, කුමන්ත්‍රණ සංවිධානය කිරීමේ කටයුතු සියල්ල විරාමයට පත් කරන්නට තරම් කැප වීමෙන් නැගී සිටින්නට මොවුන් සුදානම්ය. හිමිදිරියේ කැසිකිලි කටයුතු සප්පායම් වන අතර තුර වයිෆයි කසමින් මළ බද්ධයේ තත්වය තෙත ඇඟිල්ලෙන් මුහුණු පොතේ බිත්ති වල ලියමින් සිටින්නන්ට ඒ ගමන් තලුමරන්නට සනත් ගේ සංසර්ගය අතටම ලැබී තිබේ.

ගංවතුර. නාය යාම, කඳු කඩා වැටීම මෙන් නොව මීතොටමුල්ලටත් වඩා විශාල මේ කුණු කන්ද ට රිංගා ගන්නට ඇති උනන්දුව දෙමළුන් මරක්කලයන් මරන්නට තිබෙන අප්‍රතිහත දිරිය ඉක්මවන ආකාරය විශ්මිතය.

මේ අතර වාරයේ අපේ ජාතියේ මුර දේවතා ගලගොඩ උන්නාන්සේ දවල් දානෙට බෙයාෆුට් එකේ ලන්ච් කන පිංතුර සහ එහිමියෝ ‘සුරත් තඹුරු වන් දෙනෙතින්’ ... නටත් අයෙක්,..... බවට පත් වන ....  වීඩියෝ ක්ලිප් අන්තර්ජාල බිත්ති වල පින්තාරු කළ නොසන්ඩාලයෝ ද අප අතර සිටිති.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටකි. සිංහලත් බෞද්ධයන් නොවන ලංකා වාසීනට දෙවියන්ගේම පිහිටය.

බෞද්ධ අපට දෙව්වරු ඇත්තේ නැත. කෝකටත් ඉන්නේ සක්කරයා පමණි. රටත් සාසනයත්  රකින්නට ශක්‍රයා උනන්දු කරවන්නට ශක්‍රයාට පහනක් දල්වන ලෙස අපේ හාමුදුරුවෝ ඉල්ලා සිටින්නේ ඒ නිසාය. බුදු දහම රකින කොන්ත්‍රාත්තුව හිමි මහා විෂ්ණු දෙවියන්ගේ ජොබ් එක සක්කරයාට භාර දීම ගැන දේව කෝප ඇති නොවෙදොහෝ යි පකට පුඟුලාට සැකයක් ඇති නොවුනා නොවේ.

අපේ හාමුදුරුවන් අදහන මහාවංශයේ කියැවෙන ආකාරයට ඉතිහාසය පුරා බුදුදහම නසන්නට දුශ්ශීල භික්‍ෂු වරින් වර ගත් උත්සාහයන් අසාර්ථක විය. එසේනම් මෙතෙක් ජොබ් එක හරියට කළ විෂ්ණු දෙවියන් වෙනුවට ජාතක පොතේ බෝධිසත්ව වීරයාගේ සයිඩ් කික් චරිතය වන සක්කරයා පත් කරගැනීම කුහුලට කරුණකි.

කොයි දෙවියාගේ හෝ නොසැලකිල්ලෙන් ඇතිවූ මහා ගංවතුරෙන් බොදු ගල සේනාව කරන්නට උත්සාහ කළ මහා විපතක් වැළකී ගිය බව සත්‍යයකි. මුස්ලිම් ලබ්ධිකයන් රාමදාන් උපවාසයට සුදානම් වන අතරතුරේ තිරස්චීන වර්ගවාදය අවුලවා ඇති කරන්නට උත්සාහ ගත් ලේ විල ගංවතුරෙන් ගසා ගියේය. රටේ නීති රීති ක්‍රියාත්මක නොවීමෙන් නිදැල්ලේ සිටින චීවරධාරීන් සක්කරයාට පන්දම් අල්ලන ලෙස නිවේදන නිකුත් කරන්නේ මේ උත්සාහය අඳනයේ හිර කර ගෙන සිටින අතරවාරයේ වීම අමතක නොකළ යුතුය.
 
ගලගොඩ අත්තේ ඥානසාර ට අනුව ශක්‍රයා ගේ පාණ්ඩුකම්බල  ශෛලාසනයේ ෆියුස් ගොස් තිබේ. පහන් දල්වා සකු පුටු රත් කලයුතු වන්නේ එහෙයිනි.

සක්කරයාද බුදුහාමුදුරුවෝ මෙන්ම විජාතිකයෙකි. මෝඩි ට මෙන් විජය කුමාරයාටත් මිහිඳු හාමුදුරුවන්ටත් කළු කොඩි නොදා සිටීම ඉතිහාසගත වරදකි.

යෝනක විජාතිකයින් ගේ තර්ජනයෙන් ලක බේරා ගැනීමට සිංහල බෞද්ධ යෝ එක් විය යුතුය. නමුත් මෙතැන ඇති කුහුල රට අයිති නියම ශුද්ධ සිංහලයා හොයාගනීමය. සිංහලයේ පොල්මඃකාර දේවාධිත්‍ය නලින් ද සිල්වා ලන්දේසීන් කුරුඳු තලන්නට ගෙනා කේරළ කම්කරු මුනුපුරෙකි. දොන් ලා, පෙරේරා ලා ප්‍රනාන්දු ලා සිංහලය. විජාතික යැයි කියැවෙන මරක්කලයින්ගේ මුල් වාසගම් සිංහල නම්ය. සිංහලයෝ කෝ?

මේ ගැන මහාවංශයේ ලියා ඇති බව එතුමෝ බණිති.

සිංහයකු සමග සංවාසයේ යෙදුනු රාජ කුමාරියකට ලැබුණු දෙදරුවන් එකිනෙකා සමග මෛථූනයෙන් බිහිවූ දරුවා ලෙස සැලකෙන විජය කුමරුන්හෙන් පැවත එන පරපුරක් පිළිබඳ කතාවක් නම් මහාවංශයේ තිබේ. විජයගේ පියා පීතෘ ඝාතකයෙකි.

ඉතිං අපේ හාන්දුරුවනේ, ඔබ වහන්සේ කියන  අපේ උරුමයද ඒ?

 අනේ සකෝ බල ලෝ!

නුමුහුන් සිංහලයකු සොයා ගැනීම සිල්වත් භික්‍ෂු වහන්සේ සොයා ගැනීම තරමටම අමාරු හෙයින්, සිංහල මුල් හොයන්නට බටහිර බෙන්ගාලයට් යන අතරමග සිංහයකුට නරියෙකු කළ ඇබැද්දියක් වට්සැප් කරමින් සිටි නරියකු කී කතාව අසා ඇතිවූ පහන් සංවේගයෙන් මේ සටහන ලියා තැබුවේ පකට පුඟුලා වන මා විසින්මය.

පෙර සටහන්

මරණ තුනක් ඇති මිනිහෙක් ලෙමන් පෆ් කෑහ! හෙවත් මහා කවි රවී....

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29391,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුහුණු පොතේ දැලි ගාන වැඩ හෙවත් සක්කරයාට අල්ලන පන්දමේ අන්දර ය
මුහුණු පොතේ දැලි ගාන වැඩ හෙවත් සක්කරයාට අල්ලන පන්දමේ අන්දර ය
http://ift.tt/2rpGVhn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_346.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_346.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy