ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් නියෝගාධිකරණය වෙත, ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කළ විස්තරාත්මක දිවුරුම් ප්‍රකාශයකින් 2019 පාස්කු ඉරි...
ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් නියෝගාධිකරණය වෙත, ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කළ විස්තරාත්මක දිවුරුම් ප්‍රකාශයකින් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු වෙන කවුරුත් නොව සහරාන් හාෂිම් බව පැහැදිලිව නම් කර ඇත.
මෙම දිවුරුම් ප්‍රකාශය, FBI විශේෂ නියෝජිතවරියක වන Merrilee R. Goodwin විසින් 2020 දෙසැම්බර් 11 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකානු එෆ්බී.අයි. ආයතනය සිදුකළ විශාල පරිමාණ විමර්ශනයක් පදනම් කරගෙන ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා ගාඩියන් වාර්තා කර ඇත. ඒ තුළ වෝහාරික විශ්ලේෂණ, සමාජ මාධ්‍ය වාර්තා, සහ සාක්ෂි සහිතව මෙය පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් වේ.
මෙම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන පරිදි, සහරාන් හාෂිම් ශ්‍රී ලංකාව තුළ ISIS විසින් පිළිගත් ස්ථානික ස්ථාන පිහිටුවා ඇත. ඔහු ISIS නායකත්වයට අදාලව අනුමැතියක් ලබාගෙන ක්‍රියාත්මක වී ඇති අතර, බෝම්බ ප්‍රහාර සැලසුම් කිරීම, පුහුණු කිරීම, සහ ක්‍රියාත්මක කිරීම සඳහා සෘජුවම මූලික භූමිකාවක් ඉටු කර ඇත.
මෙම ත්‍රස්ත ප්‍රහාර, 2019 අප්‍රේල් 21 වැනිදා, කොළඹ, මීගමුව සහ මඩකලපුව යන නගර තුළ පල්ලි තුනක් සහ සුඛෝපභෝගී හෝටල් හතරක් ඉලක්ක කරමින් සිදු කරන ලදී. මියගිය පිරිස 268 දෙනෙකු වන අතර, ඇමරිකානු පුරවැසියන් පස්දෙනෙකු ද ඒ අතර සිටී. තවත් පුද්ගලයින් 500කට වඩා තුවාල ලැබුහ.
මෙම දිවුරුම් ප්‍රකාශයේ තවත් වැදගත් කාරණයක් වන්නේ,මෙම ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ තුන් දෙනෙකුගේ නම් සපයා තිබීමයි. එනම්, මොහමඩ් නෞෆාර්, මොහමඩ් අන්වර් මොහමඩ් රිස්කන්, සහ ආහමඩ් මිල්හාන් හයාතු මොහමඩ් ය. ඔවුන්ට මෙම ත්‍රස්තවාදී සංවිධානයකට සහාය ලබාදීම, සහ ත්‍රස්ත පුහුණු ලබා ගැනීම පිළිබඳව චෝදනා එල්ලකර ඇත. නෞෆාර්, “දෙවැනි නායකයා” ලෙස සැලකෙමින්, බඳවා ගැනීම්, ප්‍රචාරණය සහ විධිමත් පුහුණු සැසි සංවිධානය කළ බව එෆ්.බී. අයි. පෙන්වා දී ඇත.
මෙම දිවුරුම් ප්‍රකාශයේ විස්තරයන්ට අනුව, බෝම්බ නිපදවීම සඳහා පුපුරන ද්‍රව්‍ය, යූරියා නයිට්‍රේට්, බැටරි, සහ සාමාන්‍ය ස්විච් යනාදිය භාවිතා කර ඇත. පීඩනය වැඩි කිරීමට බෝම්බ වලට යකඩ කෑලි ඇතුළත් කර තිබේ. එම උපකරණ භාවිතා කළ ආකාරය ආරක්ෂිත නිවාස අසහා අනෙකුත් ස්ථාන වලින් ලබාගත් CCTV දර්ශන මගින් තහවුරු කර ඇත.
යොමුව මෙතනින්

COMMENTS